Chapter 7

60 16 4
                                    

කදු වලල්ල අතරින් ඉර එලිය ගලා ගෙන ආවේ කුරුලු ගී මැද්දෙන්.. එක යායට පිපුණු පාට පාට පුංචි මල් වර්ග ඒ පිටිය තවත් සුන්දර කරා.. එක යායක වර්ණවත් මල් වර්ග තියෙනකොට ඒ යායට එපිටින් තිබුණේ ගොවිපලක්.. ගොවිපලත් එක්ක අනික් කෙළවරේ තිබුණු තිරිඟු යාය සරුවට වැවිලා තිබුණා..

ජෝර්ජ්, ඒ ගොවිපලේ අයිතිකාරයා, හරි ආඩම්බරෙන් උදේ ඉදන් ගොවිපලේ වැඩ කටයුතු කරනවා.. ඇත්තටම ඔහු ආඩම්බර වෙන්න ඕන.. මුළු ගමටම තියෙන සුන්දරම වගේ ම එකම ගොවිපලේ අයිතිකාරයා තමයි ජෝර්ජ්..

" සුබ උදෑසනක් ජෝර්ජ්.. පේන විදිහට නම් උදෙන්ම වැඩ පටන් අරන්.. "

" ඔයාටත් සුබ උදෑසනක්.. එන්න අද නම් වැඩ ගොඩක් තියනවා ටේහියුන්.. "

ජෝර්ජ් ගේ ගොවිපලේ වැඩ වලට හවුල් වෙන්න ටේහියුන් වගේ ම තවත්  කීප දෙනෙක් හිටියා.. ඉතිං එකම වයසේ පසුවන මේ තරුණයන් ගේ මහන්සියෙන් ම තමයි මේ ගොවිපල නිර්මාණය වුණේ..

ටේහියුන් ගොවිපලේ හරක් පට්ටිය ට ගියේ මුලින් ම ඒවා සුද්ද කරන්න ඕන නිසා.. ටේහියුන් ගේ වැඩ වලින් අකැමැති ම වැඩේ මේක වුණත් එයා ඒවා කරේ ආසාවෙන්.. මොකද ටේහියුන් මේ ගොවිපලට ආදරය කරා.. ඒත් ඉතින් ගොවිපලේ අයිතිකාරයා වුණේ ජෝර්ජ් තමයි..

" ඔහ් ටේහියුන්.. සුබ උදෑසනක්.. උදෙන්ම වැඩ පටන් අරන් වගේ.. "

ඒ සොක්ජින්... ටේහියුන් ගේ තවත් හිතවතෙක්..

" ඔහ් ජින්..ඔව්.. "

ටේහියුන් උත්තර දුන්නා.. ටේහියුන් හරක් පට්ටිය සුද්ද කරන අතරේ ජින් ගියේ පාත්ති පැත්තට.. සම්පූර්ණයෙන්ම හරක් පට්ටිය සුද්ද කරපු ටේහියුන් කිරි දෙනුන් ගෙන් කිරි දෙන්නා.. ඒ හැමෝටම කන්න තණකොළත් බොන්න වතුරත් තියන්න ටේහියුන් අමතක කරේ නෑ..

ඒ වෙනකොට ජින් වගේ ම ජෝර්ජ් දෙන්නත් එයාලගේ වැඩ වලින් කොටසක් ඉවර කරලා තිබුණා..

" ටේහියුන් අද අපි නගරයට යන්න ඕන.. අද කඩපු පලතුරු වගයක් තියනවා.. ඒවා මාර්කට් එකට දාන්න ඕන.. "

ජෝර්ජ් කිව්වේ උදෙන්ම කඩපු ඇපල් දිහා බලන් ගමන්.. ඒ ගොවිපලේ තිරිඟු වලට අමතරව ඇපල් වගා කරා.. ඉතිං ඒ ලැබෙන පලතුරු වලින් කොටසක් විකුණුන ඒ අය තවත් කොටසක් ආහාරයට ගන්නත් තියා ගත්තා..

 || Mystery of the Miracle Farm || ✓Where stories live. Discover now