Chapter 4

61 19 2
                                    

තමන්ගේ අත් දිග කමිසයේ අත් උඩට කරලා නවා ගත්ත ටේහියුන් පැත්තක තිබුණ ඒප්‍රනය අතට අරගෙන ඇඳ ගත්තා.. මේසේ උඩ තිබුණ බඩු ටික දිහා බලාගෙන හිටපු ටේහියුන් හිනා වෙලා එයාගේ වැඩ පටන් ගත්තා..

චොක්ලට් පාට අහිංසක ඇස් දෙකකට හිමිකම් කියපු ටේහියුන් ඒ ගම්මානයේ හිටපු සුන්දර තරුණයෙක්.. තද කළු පැහැ රැලි ගැහුණු කොණ්ඩය, මී පැණි පාට දිලිසෙන හම , එයාටම ආවේණික වුණ ලස්සන හිනාව ටේහියුන් කිම් ව තවත් සුන්දර කරා.. ඔහුට තිබුණු ප්‍රියමනාප ගති ගුණ නිසා ක් ටේහියුන් ට ගොඩක් අයගේ ආදරය ගෞරවය ලැබුණා..

මුලින් ම මේසේ උඩ තිබුණ ලොකු බෝල් එකට බිත්තර හතරක් කඩලා දාපු ටේහියුන් ඒ බිත්තර හොඳට ගසා ගත්තා.. ඊළඟට ඒකටම සීනි බටර් එකතු කරපු ඔහු ඒවත් හොඳට ගසා ගත්තා..

" සුබ උදෑසනක් ටේහියුන්.. "

පුංචි ගෑනු ළමයෙක් ටේහියුන් ට සුබ පැතුවා.. ටේහියුන් ඇයට ආපිට සුබ පැතුවේ හිනා වෙලා.. ටේහියුන් ගේ සහෝදරයාගේ එකම දියණිය වුණ ඇයට ටේහියුන් ගොඩක් ආදරේ කරා..

" ඉතින් මොකෝ මේ... "

" ටේහියුන් අලුතෙන් කේක් එකක් හදන්න නේද යන්නේ.. "

අතෙන් මේසේ පෙන්නන ගමන් පුංචි ගෑනු ළමයා හිනා වෙවී කියනකොට ටේහියුන් හිනා වෙලා ඔළුව වැනුවා.. ටේහියුන් ට එහා පැත්තෙන් හිට ගත්ත ඒ ගෑනු ලමයා ටේහියුන් එක්කම කේක් එක හදන්න පටන් ගත්තා..

පුංචි ගෑනු ළමයාටත් තව බෝල් එකක් දීපු ටේහියුන් එයා ළඟ තිබුණු බඩු වලින් ටික ටික ඇයටත් දුන්නා..

පුංචි ගෑනු ලමයා නමින් ජේන් වුණා..

ජේන් දුවගෙන ගිහින් ලී බංකුවක් ඇදගෙන ආවේ ඒ මේසෙට එයා ඒ තරම් උස නැති නිසා.. ටේහියුන් දුන්න බෝල් එකට බිත්තර කඩලා දාපු ජේන් ටේහියුන් වගේ ම බටර් සීනි දාලා ඒක හොඳට ගැසුවා..

ටේහියුන් එයාගේ මිශ්‍රණයට පාන්පිටි බේකින් පවුඩර් එකතු කරේ ටේහියුන් දිහා බලාගෙන ජේන් එයාගේ මිශ්‍රණයට ඒවා එකතු කරද්දී.. ඒවත් හොඳට කලවම් කරපු ඔහු ඒ බෝල් දෙකටම වැනිලා ලුණු එකතු කරා.. ඊට පස්සේ හොඳට කලවම් කරලා කේක් පුච්චන තැටියට එයාගේ මිශ්‍රණය දැම්මා.. තවත් පුංචි තැටියක් ගත්ත ටේහියුන් ඒකට ජේන් ගේ මිශ්‍රණය දැම්මා..

 || Mystery of the Miracle Farm || ✓Where stories live. Discover now