Chapter 23

114 14 13
                                    


ඒ උදෑසන තරමක් උණුසුම් වුණේ ඒ සරත් සෘතුව නිසා වෙන්න පුළුවන්.. ගස්වල කොළ හෙමින් හෙමින් හැලෙන්න පටන් අරගෙන තිබුණා.. මුළු පරිසරය ම රතු කහ තැඹිලි පැහැයෙන් පිරිලා තිබුණා..

ඒ අතරින් පතර තවත් සමහර ගස් කෝල් පැහැයෙන් යුතු වුණේ ඒ තවම සරත් සෘතුවේ ආරම්භය කියන්න...

තද කළු පැහැති කමිසයත් අළු පැහැති කලිසමත් ඒකටම ගැලපුනා උස් කළු සපත්තු වගේම අතේ තිබුණු කබාය වගේ ම උඩට පීරලා තිබුණු කොණ්ඩය නිසා ජන්ග්කුක් ලඟින් වෙනස් ම පෙනුමක් දිස් වුණා...

වෙනදා ගමේ හැමෝටම හුරු ජන්ග්කුක් ජොන් වෙනුවට එතන හිටියේ වෙනස් ම කෙනෙක්..

" මෙතනයි අපේ මුල්ම හමුවීම.. "

තමන්ගේ ඉස්සරහ තියෙන දේව රූපය දිහා බලන් ඉන්න ටේහියුන් ට ජන්ග්කුක් කිව්වා.. ජන්ග්කුක් දිහා බලපු ටේහියුන් ජන්ග්කුක් ට හිනා වෙලා ආයෙමත් ඉස්සරහ බලා ගත්තා..

" මං දැනගෙන හිටියේ නෑ ඔයා මෙතනදි මාව දැක්කා කියලා.. ඒත් මං නම් ඔයාව දැක්කේ ඊට කලින්.. "

ජන්ග්කුක් අහක බලාගත්තා ටේහියුන් ඒ ගැන කලින් ජන්ග්කුක් ට කියලා තිබ්බ නිසා.. ඇත්තටම ඒකට නම් ජන්ග්කුක් ට පොඩි ලැජ්ජාවක් දැනුනා..

" හහ් ඔයා නම් හරිම නරකයි ටේහියුන්.. "

ජන්ග්කුක් කියනකොට ටේහියුන් කරේ අතීත මතකයන් ඔස්සේ හිනා වුණ එක.. මෑතකාලීන ව ලැබුණ ලස්සන මතක.. ඒවා මින් ඉදිරියට ජන්ග්කුක් එක්ක තියෙයි අනිවාර්යයෙන්ම..

ටේහියුන් ජන්ග්කුක් දෙන්නා දේවස්ථානයෙන් බැස්සේය එකටමයි.. ඒ දෙන්නගෙම ගමනාන්තය වුණේ හැමදාම එයාලා මුණ ගැහෙන අත්තම්මා ගේ වත්තේ විලෝ ගහ.. ගුරු පාර දිගේ ඇවිදගෙන ගියේ ඒ වත්තට ඉක්මනින් යන්න ඕන නිසා..

සමහර ගස් කොල පැහැති වුනත් ගොඩක් ගස් වර්ග තිබුණේ කහ තැඹිලි රතු පැහැ වලින්.. ගස් වලින් හැලෙන කොල පාර පුරා රටා මවලා තිබුණා.. 

ඒ අතරින් පතර තිබුණු සරත් සෘතුවේ මල් වර්ග ඒ පාර තවත් සුන්දර කරා..

<>

" ඉතින් එහෙනම් දැන් වැඩේ හරිනේ මිස් ලීසා.. "

 || Mystery of the Miracle Farm || ✓Where stories live. Discover now