Chapter 9

46 14 6
                                    


ටේහියුන් හිටියේ සතුට, දුක් වගේ ම පුදුමය මුසු හැඟීමකින්..

එයාට ගොඩක් සතුටුයි...

මොකද ජෝර්ජ් දැන් නගරේ විශ්ව විද්‍යාලයට යනවා

එතකොට දුක..

එයාගේ හොඳම යාළුවෙක් එයාගෙන් වෙන්වෙනවා..

පුදුමය

ජෝර්ජ් ට මේ වගේ තැනකින් ශිෂ්‍යත්වයක් ලැබුණු නිසා..

" ඇත්තමයි ජෝර්ජ් ඔයා නම් ගොඩක් වාසනාවන්ත යි.. "

ටේහියුන් ආයෙමත් ජෝර්ජ් ව වැළඳගත්තා.. ජෝර්ජ් මේ මහා රෑ ජින් වත් ඇදගෙන ටේහියුන් ගේ ගෙදර ආවේ ඒ ආරංචිය තමන්ගේ හොඳම යාළුවට කියන්න ඕන නිසා..

" ඉතින් ජෝර්ජ් ඔයා කවද්ද යන්නේ.. "

ජින් ඇහුවේ නොයිවසිල්ලෙන්.. ජින් එක්ක ජෝර්ජ් ඒ කතා කරන අතරේ ටේහියුන් එතනට තේ අරගෙන ආවේ එයා කලින් හදලා තිබුණ චොක්ලට් කුකීස් එක්කමයි..

" මේ සදුදා මට යන්න වෙනවා.. එහෙන් දින දීලා තියෙන්නේ එදාට.. "

" හ්ම් ඔයා ගියාම අපිට තමයි පාළු.. "

ටේහියුන් තොලත් පිට පෙරලන් කිව්වේ ජෝර්ජ් දුන්න පිළිතුරට.. ජෝර්ජ් ජින් දෙන්නම ටේහියුන් ගේ චොක්ලට් කුකීස් එක්ක තේ කෝප්පයක් අතට ගත්තා..

" මට මේවා ගොඩක් මතක් වෙයි ටේහියුන්.. ඒ වගේම ඔයාලා දෙන්නත්.."

ටේහියුන් ගේ චොක්ලට් කුකී එකක් පෙන්නන ගමන් ජෝර්ජ් කිව්වා..

" එතකොට ජෝර්ජ් ගොවිපල.. ඒකට මොකද වෙන්නේ.. "

" හ්ම් ඒක තමයි.. ඒක වහන්න ද කල්පනාව "

ටේහියුන් ජින් ඇහුවේ ජෝර්ජ් මෙහෙන් ගියාට පස්සේ ගොවිපලට මොකද වෙන්නේ කියලා හිතලා... කොහොමත් ජෝර්ජ් නෑ කියන්නේ එතන පාළුවට යනවා කියන එක තමයි..

" ඒක අයියා බලාගන්නම් කිව්වා.. ඒ හින්දා ප්‍රශ්නයක් නෑ.. "

ජෝර්ජ් කිව්වේ ලොකු හුස්මක් හෙලලා.. එයාටත් දුකයි මේ තරම් කාලයක් බලාගත්ත මහන්සි වෙලා ගොඩ නගපු එයාගේ ගොවිපල දාලා යන්න.. ඒත් තව ඉස්සරහට යන්න නම් එයාට සමහර දේවල් කැප කරන්න වෙනවා.. ඒක එයාට විතරක් නෙවේ හැමෝටම පොදු දෙයක්...

 || Mystery of the Miracle Farm || ✓Where stories live. Discover now