Chapter 20

35 11 7
                                    


ජන්ග්කුක් ගේ හැසිරීම බොහොම වේගයෙන් තිබ්බ තත්වය ට පත් වීම ගැන නම් ජිමින් අත්තම්මා එතකොට රෝස් ජිසෝ එක්ක හැමෝම හිටියේ සතුටින්.. කොහොමත් ජන්ග්කුක් ජොන් හොඳ ශක්තිමත් තරුණයෙක්.. ගතින් වගේ ම මනසිනුත්..

" ගුඩ් මෝනින් ජන්ග්කුක් පුතා.. "

පහලට එන ජන්ග්කුක් ව දැක්කේ අත්තම්මා උදෙන්ම ලස්සන හිනාවක් එක්කම ජන්ග්කුක් ව පිලි ගත්තා.. අත්තම්මා ට පෙරලා සුබ පතපු ජන්ග්කුක් ඇවිත් පහල කෑම මේසයෙන් වාඩි වුණා..

" ඔහ් ජන්ග්කුක්.. "

ජිමින් හෙමිහිට ජන්ග්කුක් ලඟින් වාඩි වුණා.. වෙනදට වඩා නම් ජන්ග්කුක් ගේ මූණේ දීප්තිය අඩු වෙලා තිබුණා.. මේ ගමට ආව දවසෙ ඉඳන් ගොවිපලට ගියපු දවස වෙනකම් ම ජන්ග්කුක් හිටියේ එයාගේ ජීවිතේ හොඳම සතුට විඳින ගමන්.. ඒත් ඒ ගොවිපල ට ගියපු නිසා තමයි ජන්ග්කුක් අද මෙහෙම ඉන්නේ..

සමහර විට එයා එතනට නොගියා නම්...

කෑම මේසයෙන් වාඩි වුණත් ජන්ග්කුක් කෑම කෑවේ බොහොම හෙමින්.. හරිම නිහඬයි එයා.. ඒ වගේම සන්සුන්.. ජිමින් වුනත් කෑම කන ගමන් වුනත් ජන්ග්කුක් ට ලොකු අවධානයක් යොමු කරා..

එක්වරම දොරේ සීනුව නාද වුනා..

" මම බලන්නම්.. "

ජිමින් නැගිටලා එලියට ගියා.. ජන්ග්කුක් ඔළුව උස්සලා ඒ පැත්ත බලලා ආයෙත් කෑම එකට එයාගේ අවධානය දුන්නා..

" මිස් ලීසා.. උදෙන්ම මේ පැත්තේ.. "

" ජන්ග්කුක් නැගිටලා කියලා ආරංචි වුණා.. ඒකයි මම ආවේ.. "

" ජන්ග්කුක් එක්ක තව ටික දවසකින් කතා කරමු නේද මිස් ලීසා.. මං හිතන්නේ එයාට තව රෙස්ට් කරන්න ඕන.. "

ජිමින් ඇත්තටම අකැමැති වුණා ජන්ග්කුක් ව මේ වෙලාවේ ලීසාට මුණගස්වන්න.. තවම ජන්ග්කුක් යතා තත්ත්වයට පත් වුණා විතරයි.. ආයෙමත් එයාව අවුල් කරන්න ඕන වුණේ නෑ ජිමින් ට..

" එහෙම ද මිස්ටර් ජිමින්.. ඇත්තටම මිස්ටර් ජන්ග්කුක් ව මුණ ගැහෙන්න තිබ්බ නං හොඳයි.. ඒත් එයාට රෙස්ට් එකක් ඕන__ "

" මොකටද මාව මුණ ගැහෙන්න ඕන "

ලීසා වුණත් ජන්ග්කුක් ගේ තත්වය තේරුම් ගන්න අමාරු වුණේ නැහැ.. ඒ නිසා ලීසා පිටත් වෙන්න හැදුවත්, ජන්ග්කුක් ඒ ගමන නැවැත්තුවා..

 || Mystery of the Miracle Farm || ✓Where stories live. Discover now