Chapter 5

62 17 4
                                    

ජන්ග්කුක් අද අවදි වුණේ තරමක් ප්‍රමාද වෙලා.. වෙනද නම් මේ වෙලාවෙ ජිමින් අනිවාර්යයෙන්ම ජන්ග්කුක් ව අවදි කරත් අද ජිමින් හිටියේ නැති එක ජන්ග්කුක් ට ප්‍රශ්නයක් වුණා..

ඇදෙන් බැස්ස ජන්ග්කුක් පහලට ආවේ තමන්ගේ මිතුරා සොයාගෙන..

" ගුඩ් මෝනින් ජන්ග්කුක් පුතා.. "

ජිමින් ගේ අත්තම්මා හිනාවෙලා ජන්ග්කුක් ට සුබ පැතුවා.. ජන්ග්කුක් ත් පෙරලා සුබ පතන්න අමතක කරේ නෑ.. ඒත් කොහොද ජිමින්.. සමහරවිට එයා දිය කඩිත්තට ගිහින් වෙන්න ඇති..

" ග්‍රැනී ජිමින් කෝ.. "

ජන්ග්කුක් ඇහුවේ බලන් ඉන්න බැරි තැන..

" ඇයි පුතා දන්නෙ නැද්ද.. ජිමින් අද උදේම ටවුන් එකට ගියානේ.. එයාට හදිසි වැඩක් වැටිලා කියලා ඊයේ රෑ ටෙලිග්‍රෑම් එකක් ආවා.. "

ජන්ග්කුක් ඒ ගැන දැනගෙන හිටියේ නෑ.. ඇත්තටම ජන්ග්කුක් ට තරහා ගියා ජිමින් මේ කරපු දේ ගැන.. ඇයි එයාට කියන්න බැරි වුණේ තමන්ගේ හොඳම යාළුවා ට ඒ ගැන..

" නෑ ග්‍රැනී.. "

" ආහ් මේ කොල්ලා නම්... "

ජන්ග්කුක් ආයෙමත් එයාගේ කාමරයට ගියේ දිය කඩිත්තට යන්න ඕන නිසා.. තමන්ගේ ඇදුම් පැළදුම් අරගෙන සූදානම් වෙනකොට තමයි එයා දැක්කේ මේසේ උඩ තියලා තිබ්බ කොල කෑල්ල..

ජන්ග්කුක් ඒක අතට අරගෙන හෙමීට බැලුවා.. ඒ ජිමින්. හදිසියේ ම එයාට ආයෙමත් නගරයට යන්න වීම නිසා නොකියාම පිටත් වන බවත් ජිමින් නැවත එනකම් ඔහුගේ මිත්තණිය සමඟ එතන රැඳී ඉන්න ලෙසත් ජන්ග්කුක් ගෙන් ජිමින් ඉල්ලා තිබුණා..

කොහොමත් ජන්ග්කුක් මේ නිවාඩුව අනිවාර්යයෙන්ම ඒ ගම්මානයේ ගත කරයි.. මොකද මේ දවස් කීපය ඇතුලත එයා ඒ ගැන තීරණය කරා..

" ග්‍රැනී මං පොඩ්ඩක් එලියට යන්නම්.. "

ජිමින් එක්ක ගත කරපු මේ සතියේ ජන්ග්කුක් උදේම ජිමින් එක්ක ගම්මානයේ තමන්ගේ අලුත් යාළුවන් එක්ක ඇවිදින්නත් හවස ජිමින් ගේ අත්තම්මා එක්ක ඇයගේ ගෙවත්තෙ වැඩ වලට උදව් කරන්නත් පුරුදු වුණා...

 || Mystery of the Miracle Farm || ✓Where stories live. Discover now