Chapter 14

32 10 6
                                    


තවත් සුන්දර දවසක්.. ඈතින් පේන අර ලස්සන ගොවිපලත්, ගොවිපලට තවත් ඈත එපිටින් තිබුණු කදු යායත් ඒ ලස්සන දර්ශනයේ පසුබිම වුණා.. ගොවිපලට මීටර් කීපයක් තිබුණු අත්තම්මා ගේ වත්තේ අදත් සුපුරුදු විදිහට ටේහියුන් ජන්ග්කුක් හිටියේ විලෝ ගහ යට..

වටේ හමන සැහැල්ලු හුළඟට දෙපැත්තට වැනෙන තණ පදුරු , වත්තේ තැනින් තැන තියෙන මල් පදුරු වල පුංචි මල් හරියට ඒ දෙන්නට අත් වනනවා වගේ...

" ඔයා හරි ලස්සනයි ටේහියුන්... මට කියන්න බෑ ඔයාට හැන්ඩ්සම් කියලා.. යු ආර් ප්‍රෙටි.. "

ජන්ග්කුක් ටේහියුන් ගේ නලල උඩින් එයාගේ උණුසුම් තොල් තිබ්බා.. ජන්ග්කුක් තොල්වල පහස සෙමින් විදින්න ටේහියුන් එයාගේ ඇස් පියා ගත්තා..

ටේහියුන් හිටියේ ජන්ග්කුක් ගේ පලල් පපුවට හේත්තු වෙලා.. දෙන්නම දන්නේ නෑ ඇයි මෙහෙම එහෙම ඉන්නේ කියන්න.. ඒත් දෙන්නම එහෙම ඉන්න ගොඩක් ආස කරා.. එකිනෙකා ලඟින් දැනෙන ආදරණීය හැඟීම් වලට ටේහියුන් ජන්ග්කුක් දෙන්නා හොරෙන් ආදරය කරා..

" මං විතර ද ලස්සන.. ඔයත් ගොඩක් කඩවසම් කූ... "

ජන්ග්කුක් ගේ පපුව අස්සේ මූන හංඟගෙන ටේහියුන් ලැජ්ජාවෙන් වගේ මිමිණුවා.. මේ ඉන්නේ කලින් හිටපු ටේහියුන් ම ද කියලා මට හිතෙනවා.. කමක් නෑ.. කාලය හැමදේම වෙනස් කරනවනේ..

ජන්ග්කුක් මේ ගෙවෙන මොහොතට ආදරය කරා..

ජන්ග්කුක් ගේ ජීවිතේ එයාට මතක ඇති කාලෙකින් මේ තරම් සැහැල්ලුවක් ජන්ග්කුක් ට දැනිලා නෑ..

පුංචි කාලේ ඉදන්ම හැම වෙලාවෙම කාර්යබහුල වුණ ජන්ග්කුක් ජීවිතයේ පලවෙනි වතාවට මේ තරම් සැහැල්ලු ජීවිතයක් ගෙවනවා.. ඒකත් එක මාසයක්.. ජන්ග්කුක් හිතුණා එයාගේ අසනීප තත්වය තව ටිකක් වැඩි වුණා නම් හොඳයි කියලා..  එහෙනම් තවත් ටික කාලයක් එයාට මේ ගමේ ඉන්න තිබුණා...

තනියම නම් නෙවේ.. එයාට ඕන වුණේ එයා ගේ ටේහියුන් එක්කම ඉන්න තමයි..

මුලින් ම ජිමින් එක්කත් තරහ වෙලා මේ ගමන ආවේ ජන්ග්කුක් දැන් මේ තැන අත අරින්න බැරුව ඉන්නවා.. ඒකත් එයාට අහම්බෙන් හම්බ වුණ හුරතල් තරුණ කොල්ලෙක් හින්දා..

 || Mystery of the Miracle Farm || ✓Where stories live. Discover now