Chapter 18

42 11 2
                                    


දේවස්ථානය ට ගියපු ටේහියුන් යාතිකාව අවසන් වුණා ම එතනින් එලියට ආවා.. අද දේවස්ථානය වෙනදා වගේ මයි.. හරි සන්සුන්..
ඒත් ටේහියුන් ගේ හිත එලියට ආවම මූසල හැඟීමකින් වෙලිලා ගියා.. එයාට දැනුනා බයක්..

" ජන්ග්කුක් ඇවිත් ඇති.. "

ඒත් ඒ පුංචි හිතුවක්කාරයා මතක් වුනා ම ටේහියුන් ට ඒ හැම දෙයක්ම අමතක වෙනවා.. ඉතිං අද මේ දැනෙන මූසල හැඟීමටත් තියෙන එකම ප්‍රතිකාරය ජන්ග්කුක් ජොන් තමයි ඔන්න..

සාමාන්‍යයෙන් ඉරිදා කියන්නේ ජන්ග්කුක් ව බලන්න ටේහියුන් යන දවසක් නෙවෙයි.. ඒත් අද එයාට යන්නම හිතුනා.. ඒ හින්දා ඉක්මන් ගමනින් වත්තට ගියේ එයාගේ හිතුවක්කාරයා වන බලන්න..

" කෝ මෙයා ඇවිත් නෑනේ.. "

වත්තට ඇවිත් බැලුවත් ජන්ග්කුක් ආව පාටක් තිබ්බේ නෑ..

" සමහරවිට එයත් එන්නේ නැතුව ඇති.. "

තොලත් පිට පෙරලන් ටේහියුන් මිමිණුවේ විලෝ ගහ දිහා බලාගෙන.. වත්තෙන් එලියට ඇවිත් පාර දිගේ ටේහියුන් ගියේ එයා ඉන්න පුංචි ගොවිපලට.. ටේහියුන් ගේ අතේ ලැවැන්ඩර් මල් පොකුරක් තිබුණා.. පුංචි පුංචි මල් යාය මැදින් තියෙන ගුරු පාර දිගේ ඇවිදගෙන යන ටේහියුන් ඒ මල් මිටත් එක්ක හරි ලස්සන ට පෙනුනා.. මට විශ්වාසයි දකින ඕනම කෙනෙක් කියයි ටේහියුන් හරි ලස්සනයි කියලා..

ඒත් ටේහියුන් පුදුම වුණේ ඒ ගොවිපලේ දොර ගාවට ආවම..

" කවුරු හරි ඇවිත් ද.. ඒකත් මෙච්චර කාලයකට පස්සේ.. "

මල් මිටත් අතේ තියාගෙන ටේහියුන් ගොවිපල ඇතුලට ගියා.. ගොවිපල ඇතුල වසර ගණනකට පස්සේ ආලෝකමත් වෙලා.. හරියට ඒ දවස්වල වගේ.. ආයෙමත් අර මූසල හැඟීම එනකොට ටේහියුන් ඉස්සරහට ගියා..

අංක හතර තියෙන ලොකර් එක ගාවත් ඊට මෙහයිනුත් මිනිස්සු දෙන්නෙක් ඉන්නවා ටේහියුන් ඈතට දැක්කා.. ටේහියුන් හෙමීට ටිකක් ලං වුණා.. ටේහියුන් ගේ ඇස් විසල් වුණේ අංක හතර ලාච්චුවට අත තියන් ඇස් ලොකු කරගෙන බලන් ඉන්න තරුණයා දැක්කම..

" ක්..කූ... "

<>



" ජන්ග්කුකී නැගිටින්න.. ඔයා මෙහෙම දුර්වල වෙලා ඉන්න එපා.. "

 || Mystery of the Miracle Farm || ✓Tempat cerita menjadi hidup. Temukan sekarang