Chapter 10

45 13 2
                                    


ජන්ග්කුක් අද නම් වත්තේ වැඩ ට ගියේ වෙනදාටත් වඩා කලින්.. හවස ජිමින් එනවා කිව්ව නිසා උදෙන්ම මේ වැඩ වලට අවධානය දෙන්න ඕන කියලා ජන්ග්කුක් ට හිතුනා.. ඉතින් පුරුදු විදිහට ම එයාගේ සැහැල්ලු ඇදුමෙන් සැරසුණ ජන්ග්කුක් කෑම කූඩයත් උදැල්ලත් අරගෙන පිටත් වුණා..

" ගුඩ් මෝනින් ජිසූ.. ඔහ් රෝස් ඔයාටත්.. "

උදේම එලියට බැස්ස ජන්ග්කුක් ට මුණ ගැහුනේ ජිසූ රෝස් දෙන්නව..

" ගුඩ් මෝනින් ජන්ග්කුක්.. ඉතිං උදෙන්ම වත්තට යන්න වගේ නේ.. "

" ඔව්.. ඔයාලා මේ කොහෙද යන්නේ.. "

" අපි මේ ටවුන් එකට යන්න ජන්ග්කුක්.. රෝස්ටයි මටයි පොඩි වැඩ වගයක් තියෙනවා කර ගන්න.. "

ජීසූ උත්තර දුන්නා.. නගරයට යන්න හදන ඒ දෙන්නට පරිස්සමින් යන්න කියපු ජන්ග්කුක් ආයෙමත් එයාගේ ගමන් පටන් ගත්තා..

ඈතින් පායා ගෙන ඉර නිසා දිලිසෙන තණකොළ අග පිනි බිංදු හරියට දියමන්ති වගේ වුණා.. එතකොට තැනින් තැන පිපිලා තියෙන පුංචි පුංචි මල් පායගෙන එන ඉර දිහාවට හැරිලා තිබ්බේ ඒ ඉර පිලිගන්න වගේ.. උදෙන්ම තමන්ගේ වැඩ පටන් ගත්ත පුංචි පුංචි බඹරු මී මැස්සෝ සමනල්ලු නිසා එදා දවසත් කාර්යබහුලයි කියලා ජන්ග්කුක් ට දැනුනා..

වත්තට ලංවුණා ජන්ග්කුක් වතුර බෝතලේ අරගෙන වතුර ටිකක් බිව්වා..

සුපුරුදු විදිහට උදෙන්ම මුළු වත්තෙම පැල වලට වතුර වගේ ම පොහොරත් දැම්මා.. ඊළඟට එතන තිබ්බ තව පොඩි පොඩි වැඩ ටිකක් කරේ අද කරන්න ඒ තරම් වැඩ තිබ්බේ නැති නිසා..

දන්නවද දෙයක්.. නෑ නෑ.. මේ අහන්නකෝ ඔයාලට හිතෙන්නේ නැද්ද ජන්ග්කුක් ඇයි මේ හැමදාම වත්තට එන්නේ කියලා.. හැමදාම කරන්න වැඩ ත් නැත්තං ඇයි මේ..

ඔව් ඒ ටේහියුන් හින්දා තමයි.. දැනට හම්බවෙලා දවස් කීපයක් වුණා ට ටේහියුන් නිසා ජන්ග්කුක් ට දැනෙන අලුත් හැඟීම් වලට ජන්ග්කුක් ආදරය කරා.. ඊට වඩා තෙරක් නොපෙනෙන ඒ ලස්සන ඇස් වල අතරමං වෙන්න ජන්ග්කුක් කැමති වුණා..

ඒත් කෝ ටේහියුන්.. ජන්ග්කුක් ඇවිත් දැන් ගොඩක් වෙලාවක් ගත වුණත් තවම ටේහියුන් නෑ.. වෙනදට ඇහෙන ටේහියුන් ගේ නොනවතින කතාවත් නැති නිසා ජන්ග්කුක් ට දැනුනේ ලොකු පාළුවක්..

 || Mystery of the Miracle Farm || ✓Where stories live. Discover now