Chapter 19

40 12 1
                                    


ජිසූගේ අත්තම්මා එතකොට ජිමින් ගේ අත්තම්මා කියපු දේවල් එක්ක ලීසා හිටියේ පැටලිලි සහගත තත්වයක.. හෙමින් මේසෙට ඇඟිලි වලින් තට්ටු කරන ගමන් එයා ඒ ගැන කල්පනා කරා..

ඉස්සරහ තියෙන බෝඩ් එකේ අලවලා තිබුණු පිංතූර, තැන තැන කුරුටු ගාලා තිබුණු පුංචි පුංචි විස්තර ලීස ගේ ඔළුව අවුල් කරා..

" මිස් ලීසා.. "

පොලිස් නිලධාරියෙක් ඒ කාමරට ඇතුල් වුණා.. ඔහු අතේ ලිපි ගොනුවක් තිබුණා.. ඒ පොලිස් නිලධාරියා ඉක්මනට ඒ වාර්තාව ලීසා අතට දීලා එතනින් ඉවත් වුණා..

ලිපි ගොනුව නිරීක්ෂණය කරපු ලීසා ඔළුව දෙපැත්තට වැනුවා.. එයාගේ නිගමනය හරි..

ඒ සිරුරු වසර ගණනාවක් පැරණි ඒවා..

ලීසා ඒ වෙනකොටත් ගොඩක් දේවල් හොයාගෙන තිබුණා.. එතන තිබුණ හැම සිරුරකටම එකම මත්ද්‍රව්‍ය වර්ගයක් එන්නත් කරලා තිබුණා.. ඒකෙන් පුළුවන් කෙනෙක් ගේ තද නින්දක ට පත් කරන්න..

ඊට පස්සේ ඒ හැම කෙනෙක්ම මේ විශේෂ ලාච්චු වල අඩු උෂ්ණත්වයක් යටතේ තියලා තියෙනවා.. ඒ හැම කෙනෙක්ගෙම මරණය සිද්ධ වෙලා තියෙන්නේ අධික සීතලට ඔරොත්තු දෙන්න බැරි වුණ නිසා..

ඒත් මොකක් ද මේකේ සැබෑ අරමුණ.. ඇයි මෙහෙම දෙයක් කරේ කියන්න ලීසාට වත් මේ සම්බන්ධයෙන් වැඩ කරන අනික් නිලධාරීන් ට වත් හොයාගන්න හැකියාවක් ලැබුණේ නෑ..

මේ දේ සිද්ධ වෙලා තියෙන්නේ අතීතයෙ දී.. ඒ නිසා අත් ඇරලා දාන්න පුලුවන් වුණත් ඒ ගැන හොයන්න රජයෙන් පවා විශේෂ වරෙන්තුවක් ඒ පරීක්ෂක කණ්ඩායම ට දුන්නේ ඒක තරමක් අභිරහසක් වෙන නිසා..

" අපි ආයෙමත් ඒ ෆාර්ම් එකට යන්න ඕන.. "

තමන්ගේ උඩු කබාය පැලඳගත්ත ලීසා තවත් නිලධාරීන් කිහිප දෙනෙක් එක්කම ගොවිපලට ගියේ තවත් පරීක්ෂණ කටයුතු කරන්න..

<>

අවසන් වරට ටේහියුන් ව ගේ වචනත් එක්ක තමන්ගේ ඔළුව ඇතුලින් දැනුන දරා ගන්න බැරි වේදනාවත් එක්ක ම වටේම අදුරු වෙලා යන හැටි ජන්ග්කුක් ගේ සිහියට ආවා.. හෙමින් හෙමින් ඇස් ඇරියේ තමන් තවමත් ඉන්නේ ගොවිපලේ ද කියලා බලන්න.. ටික ටික පියවි සිහියට එන ජන්ග්කුක් ට දැනුනා තමන් ඉන්නේ සුවපහසු ඇඳක් උඩ කියලා..

 || Mystery of the Miracle Farm || ✓Where stories live. Discover now