Chapter 2

72 18 4
                                    


" එහෙනම් පුතා ජිමින් එක්ක පරිස්සමින් ගිහින් එන්න.."

ජන්ග්කුක් ගේ මව ජන්ග්කුක් ට කියද්දී ඔළුව වනපු ජන්ග්කුක් වාහනයේ දොර වහගත්තේ ජිමින් ජන්ග්කුක් ගේ මවට අත් වනන කොට..

" මොකද බන් මට රවන්නේ.. "

ජිමින් තවත් වතාවක් රවපු ජන්ග්කුක් තමන්ගේ දුරකථනයට අවධානය දුන්නා.. ජිමින් හිනාවෙවී වාහනය පදවන්න ගත්තේ ඒ ජන්ග්කුක් ගේ විදිහ කියලා එයා දන්න නිසා..

ඒක පැය කීපයක ගමනක් නිසා ජන්ග්කුක් ට නින්ද ගිහින් තිබුණා.. එකපාරටම ජන්ග්කුක් අවදි වුණේ ජිමින් එයාට කතා කරපු නිසා..

" ජන්ග්කුක් නැගිටින්න.. "

" අපි ආව ද "

" නෑ තවම මඟ.. මට බඩගිනියි.. මොනව හරි කාලා යමු.. "

ඇත්තටම ජිමින් ගේ මේ ගමන ජන්ග්කුක් ට නම් ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණේ.. අඩුම යන්නේ කොහෙටද කියලවත් දන්නේ නෑ.. ඒත් ඉතින් තමන්ට ජිමින් වන විශ්වාසයි නේ.. අනිවාර්යයෙන්ම ජිමින් ජන්ග්කුක් ව හොඳ තැනකට එක්කගෙන යයි...

ජිමින් එක්ක අවන්හල ඇතුලට ගියපු ජන්ග්කුක් දවල් කෑම වේල එතනින් ගත්තා.. උදේ ඉදන් ජිමින්ටත් ඔරවගෙන ආව ජන්ග්කුක් දැන් හිනාවෙලා හිටියේ පරණ දේවල් අමතක කරලා දාලා..

කොහොමත් ජිමින් එක්ක ජන්ග්කුක් ට එහෙම ඉන්න බෑ.. උපරිම විනාඩි කිහිපයක් ඉදියි.. ඒත් එතනින් පස්සේ ආයෙම ජන්ග්කුක් ට ජිමින් එක්ක හිනා වෙන්න වෙනවා මයි...

" ජිමින් ඔයාට කියන්න බැරි ද අපි කොහෙද යන්නේ කියලා.. "

" මිස්ටර් ජොන් මං කලින් ම කිව්වා.. ඒක රහසක්.. පොඩ්ඩක් ඉතින් ඉවසන්න වෙනවා.. "

ජිමින් කියන කොට ජන්ග්කුක් හිනා වෙලා අහක බලා ගත්තේ හිතින් ජිමින්ට බනින ගමන්. ඒත් මොනවා කරන්නද ජිමින් එතනට අරගෙන යනකම් ජන්ග්කුක් ට ඉවසන්න වෙනවා..

දවල් කෑමෙන් පස්සේ තවත් අතුරු ආහාර කීපයක් මිලදී ගත් ජිමින් ජන්ග්කුක් දෙන්නා ආයෙමත් වාහනේට ආවේ ගමන් පිටත් වෙන්න...

ජිමින් රියදුරු අසුනේ වාඩි වෙලා ජන්ග්කුක් වාහනේට නැග්ගට පස්සේ දෙන්නම පිටත් වුණා.. ඒක ඒකාකාරී ගමනක් වුන හින්දා ඇත්තෙන්ම ජන්ග්කුක් ට එපා වුණා..

 || Mystery of the Miracle Farm || ✓Where stories live. Discover now