Chapter 15

36 10 4
                                    


ජන්ග්කුක් ගේ නිවාඩුවේ අවසන් දවස් කීපය.. ජන්ග්කුක් ට නම් යන්න හිතක් නෑ එයාගේ පුංචි සුරදූතයා මෙහෙ දාලා.. ඒත් මොනවා කරන්නද රස්සාව අත් අරින්නත් බෑනේ..

ජන්ග්කුක් මාසේ මුල දී වගා කරපු සමහර බෝග වර්ග මේ වෙනකොට සරුවට පැල වෙලා තිබුණා.. ඒත් ඒවා කඩන්න නම් තව ටික කාලයක් ගතවේවි..

" මේ මෙතන ජන්ග්කුකී.. මෙතනත් තියෙනවා හොඳ කැරට් ටිකක් "

වත්තේ ජන්ග්කුක් එන්න කලින් අත්තම්මා හිටවලා තිබ්බ සමහර බෝග වර්ග කරන්නත් කාලේ හරි.. උදෙන්ම වත්තට එනකොට අත්තම්මා කියපු විදිහට ජන්ග්කුක් ඒ බෝග වර්ග කඩන්න පටන් ගත්තා..

හැමදාම සුපුරුදු විදිහට හිනාවෙවී ජන්ග්කුක් ළඟට දුවගෙන ආව ටේහියුන් ට වෙනදා වැඩක් නැති වුණත් අද නම් ලොකු වැඩක් තිබුණා..

වත්තේ කඩන්න සුදුසු තත්වයට පත් වුණ බෝග ගැන කියන්න කියලා ජන්ග්කුක් විහිළුවට ටේහියුන් ට කිව්වා වුනත් ඒවා හරි අපූරුවට ජන්ග්කුක් ට ත් වඩා හොඳට ටේහියුන් තෝරන කොට ජන්ග්කුක් ඇත්තෙන් ම පුදුම වුණා..

ටේහියුන් ට ඒ ගැන හොඳ දැනුමක් තිබුණා..

" ඔහ් ටේහියුන් ඔයා තෝරන කැරට් නම් නියමයි.. "

" ගොවියෙක් වුණා ම ඒවා දැනගන්න ඕන කූ.. "

" ආහ් මට ඒක අමතක වුණා.. "

ජන්ග්කුක් හිනා වුණා.. ජන්ග්කුක් දැනගෙන හිටියා ටේහියුන් ගොවියෙක් කියලා..

ජන්ග්කුක් එක්ක කැරට් අල ගලවපු ටේහියුන් ඊළඟට ගියේ බීට් අල පාත්තියට.. ටේහියුන් ගේ උපදෙස් එක්කම ජන්ග්කුක් ඒ පාත්තියෙත් අල ගැලෙව්වා..

ටේහියුන් ට අධ්‍යාපන දැනුම තරමක් තියෙන බව ජන්ග්කුක් ටේහියුන් එක්ක යෙදුණු කතා බස් වලින් දැන ගත්තා.. ඒත් ජන්ග්කුක් ගේ සැසඳීම ට අනුව නම් ඒ මට්ටම ජන්ග්කුක් ගේ මට්ටම ට වඩා පහලින් තිබ්බේ..

ඒත් ටේහියුන් ප්‍රායෝගික ජීවිතයේදී ඇත්තටම ජන්ග්කුක් ට වඩා ගොඩක් ඉස්සරහින් හිටියා.. ජන්ග්කුක් නොදන්න ගොඩක් දේවල් ටේහියුන් දැනගෙන හිටියා..

 || Mystery of the Miracle Farm || ✓Where stories live. Discover now