Chapter 11

40 12 4
                                    


" ගුඩ් මෝනින් ජිමින්.. නැගිටින්න හයත් පහුවෙලා.. "

කාමරයේ තිර රෙදි එහාට මෙහාට කරන ගමන් ජන්ග්කුක් කෑ ගැහුවා..

" ආහ්.. "

නිදිමතේම ඇස් පොඩි කරලා ජිමින් කිව්වේ ජනෙල් රෙදි එහාට මෙහාට වුණ නිසා ඒ අතරින් එන ඉර එලිය නවත්තන්න ලොකු උත්සාහයක යෙදෙන අතරතුරේ..

" ඒයි නැගිටිනවා.. "

ජන්ග්කුක් එහෙම්ම ජිමින් ගේ ඇගට පනින කොට ජිමින් කෑ ගැහුවා.. ජිමින් ගෙනුත් හොඳ පාරක් කන ගමන් ඇදෙන් බැස්ස ජන්ග්කුක් ජිමින් ටත් බැන බැන කුස්සියට ගියා..

ජිමින් දොලට ගිහින් පිරිසිදු වෙලා ආපහු ආවේ උදේ ආහාර වේල ගන්න.. සති දෙකකට පස්සෙ හම්බවුන නිවාඩුව හින්දා ජිමින් ඉක්මනට ආවේ එයාගේ අත්තම්මා ගේ ගෙදරට.. මොකද ජන්ග්කුක් ඉන්නෙත් එහෙ හින්දා..

හැබැයි ඉතින් ජිමින් ගෙදර එනකොට එක දෙයක් බලාපොරොත්තුවෙන් ආවේ.. ඒත් ජිමින් පුදුමයට පත් කරන ගමන් ඒ දේ සිද්ධ වුණේ නෑ..

" ජන්ග්කුක් ඔයා වෙනස් වෙලා.."

ජිමින් කිව්වේ උදේ කෑම අතරතුර.. කෝපි කෝප්පයක් තොල ගාමින් හිටපු ජන්ග්කුක් ඇහි බැමක් උස්සලා ජිමින් දිහා බැලුවා..

" ඇත්තටමයි කියන්නේ.. "

අත්තම්මා කෝප්පයට දාලා දීපු කෝපි එකට සීනි කලවම් කරන ගමන් ජිමින් කිව්වා..

" හහ් මං වෙනස් වෙලා.. ඒ කොහොමද.. "

" නෑ ඉතින් වෙනදට නම් ඔයා මෙහෙම නෙවෙයිනේ.. මම හරි නම් වෙනදට මේ වෙනකොට ඔයා ඉන්න ඕන මාත් එක්ක තරහින්... "

ජිමින් කිව්වේ වෙනදට ජන්ග්කුක් ගේ ප්‍රතිචාරය මීට වඩා වෙනස් කියලා මතක් වුන නිසා. මොකද මීට කලින් ජිමින් ජන්ග්කුක් ව එයාගේ යාළුවෙක් ගේ ගෙදර නැවැත්තුවා කියලා ජන්ග්කුක් එයත් එක්ක මාසයක් කතා කරේ නෑ කියලා එයාට මතක් වුණා..

අනික් දේ පැහැදිලිවම ලොකු වෙනසක් ජන්ග්කුක් ගේ හැසිරීමේ තියෙනවා කියලා ජිමින්ට හිතුනා..

" කෙනෙක් මට කිව්වා කොට මිනිස්සු එක්ක තරහා ගන්න එපා කියලා.. ඒකයි මේ.. "

 || Mystery of the Miracle Farm || ✓Where stories live. Discover now