Chapter 16

33 10 4
                                    


ඒ ඉරිදා උදෑසන.. ටේහියුන් පුරුදු විදිහට ම ලෑස්ති වුණේ ගමේ පුංචි දේවස්ථානය ට යන්න.. ටේහියුන් හැමදාම ඒ දේවස්ථානය ට ගියා.. ඒ එයාගේ ජීවිතේ නැතිවුණ සැනසීම දෙවියන් වහන්සේ ගෙන් ඉල්ලන්න..

ඒත් දෙවියන් වහන්සේ ඉක්මනින් ටේහියුන් ට ඇහුම් කන් දුන්නේ නෑ... ඒත් දවසක් අහම්බෙන් දොළ පාර ළඟ දකින හිතුවක්කාර පිරිමි ළමයෙක්,

අහ්ම් මං කියන්නේ තරුණයෙක් නිසා ටේහියුන් ජීවිතේ එයාට අහිමි වුණ සැනසීම හොයා ගන්න සමත් වෙනවා.. අන්තිමට දෙවියන් වහන්සේ ටේහියුන් ගේ ජීවිතයට සැනසීම දීල ද..

හ්ම් ඒ ගැන නම් හිතන්න ඕන.. ඇත්තටම ඒ ජීවිතයට, ඒ ආත්මයට සැනසීමක් ඇත්තටම ලැබුණ ද..

ඒ හිතුවක්කාර තරුණයාට පුළුවන් වුණා ද ටේහියුන් කිම් මේ තරම් කාලයක් හොයපු එයාගේ ආත්මීය සැනසීම ලබා දෙන්න..

" වෙනදා වගේම යි.."

දේවස්ථානය ට ගමේ පිරිස රැස් වෙනකොට ටේහියුන් හෙමින් අඩි තියන ගමන් ළං වුණේ ඈතින් පේන ජේසු තුමන් ගේ පිලිරුව ළඟට.. දවසින් දවස වෙනස් වෙන ගමත් මේ පුංචි දේවස්ථානය ත් ටේහියුන් ගේ ඇස ගැටුනත් ඒ වෙනස හොයන්න කාලයක් ටේහියුන් ගත කරේ නෑ..

අඩියෙන් අඩිය ඉස්සරහට යන ඒ පුංචි සුරදූතයා දිහාවට කිසිම කෙනෙක් ගේ අවධානයක් නම් ලැබුණේ නෑ..

ජේසු තුමන් ගේ පිළිරුව ළඟ දණ නමපු ටේහියුන් තමන්ගේ අත් එකට කරා..

" ඔබතුන්ට බොහෝ ම ස්තූතියි.. ජන්ග්කුක් නිසා මේ ටේහියුන් සතුටින්.. "

ජන්ග්කුක් නොකීවත් ටේහියුන් ට ආදරෙයි කියලා ටේහියුන් ට දැනුනා ජන්ග්කුක් ගේ ආදරය..

ටේහියුන් නොකීවත් ජන්ග්කුක් ට ආදරෙයි කියලා ටේහියුන් ගේ දිලිසෙන ඇස් ඒ වෙනුවෙන් සාක්ෂි දැරුවා...

ටේහියුන් එතනට ඇවිත් ටික වෙලාවක් ගත වෙනකොට එතනට ආව දේවගැතිවරයා යාච්ඤාව පටන් ගත්තා.. ටේහියුන් හිමින් ඇදුනේ දේවස්ථානයේ අන්තිම බංකුව ළගට..

මහළු කාන්තාවක් ටේහියුන් ට මෙහයින් වාඩි වෙලා හිටියා.. ඇස් දෙක පියා ගත්ත ටේහියුන් දේවගැතිවරයා ගේ යාඤාවට තමන්ගේ සම්පූර්ණ අවධානය යොමු කරා..

 || Mystery of the Miracle Farm || ✓Where stories live. Discover now