Chapter 21

45 10 1
                                    


" එපා!!!!!! ටේහියුන් ව අත අරිනවා.. යාහ්... "

ජෝර්ජ් ගේ වැඩිමහල් සහෝදරයා කෑ ගැහුවත් ඔහුටත් පයින් පාරක් ගහපු ඒ පුද්ගලයින් ටේහියුන් ව එතනින් අරගෙන ගියා.. ටේහියුන් ට මේ වෙන කිසිම දෙයක් පැහැදිලි නෑ..

" ඒයි කොල්ලා නැගිටිනවා.. "

ටේහියුන් ට වතුර බාල්දියක් හලන ගමන් තවත් මනුස්සයෙක් කෑ ගැහුවා..

" අහ්.. ම්ම්ම්.. "

ටේහියුන් උත්සාහ කරේ අමාරුවෙන් වුනත් ඇස් අරින්න.. සීතල වතුර ඇඟ දිගේ ගලාගෙන යනකොට ටේහියුන් ගේ මුළු ඇඟම හිරි වැටිලා ගියා..

" හහ් මේ කොල්ලා පස්සෙ ගමු.. දැනට මේක ඉන්ජෙක්ට් කරන්න.. "

එතනට ආව වෙනත් කෙනෙක් අතේ තිබුණු සිරින්ජරය තව කෙනෙක් අතට පත් කරන ගමන් කිව්වා.. ඒ කෙනා ඒක අරගෙන ගිහින් ටේහියුන් ගේ අතේ උඩ කොටසට විද්දා..

ටික වෙලාවකින් ටේහියුන් ට දැනුනා ලොකු වෙහෙසක්.. ඒත් එක්කම හෙමින් හෙමින් එයාගේ ඇස් පියවෙලා ගිහින් ටේහියුන් තද නින්දකට වැටුණා..
.
.
.
.

ඇස් වලට දැනෙන ලොකු බර ගතියත් එක්ක ටේහියුන් හෙමින් ඇස් ඇරලා වට පිට බැලුවා.. ටේහියුන් ට මේ තැන හොඳට හුරුයි.. වෙනදට මේ තැනින් දැනුනේ උණුසුමක් වුනත් අද දැනෙන්නේ හරි මූසල හැඟීමක්.. ඒ වෙනදට ජෝර්ජ්, ජෝර්ජ් ගේ වැඩිමහල් සහෝදරයා එතකොට ජින් එක්ක එකතු වෙලා රාත්‍රිය ගත කරන තැන..  වෙනදා විනෝදයෙන් ගෙවපු ඒ ගොවිපල ම අද ටේහියුන් ට මූසල තැනක් වෙලා..

" අහ්.. මොකද මේ.. "

" මල්ලි ටේහියුන්.. ඔයා නැගිට්ටද.. "

ජෝර්ජ් ගේ සහෝදරයා හිටියේ ටේහියුන් ට එහා පැත්තෙන්.. ඔහුගේ මූණ සුදුමැලි වෙලා. ටේහියුන් ඒ බව දැක්කා.. යට කොල්ලට පැලිලා ලේ ඇවිත්.. මූණේ තැනින් තැන සීරීම් පාරවල්...

" අයියේ.. ඇයි අපි මෙතන.. "

" මල්ලි.. මුන් අපිට මොනවා හරි කරන්න ලෑස්ති වෙන්නෙ.. අපි මෙතනින් පැන ගන්න ඕන.. "

ජෝර්ජ් ගේ සහෝදරයා කිව්වේ හරි කලබලයෙන්.. ඒත් ටේහියුන් ට නම් කිසිම දෙයක් තේරුනේ නෑ..

 || Mystery of the Miracle Farm || ✓Where stories live. Discover now