Chapter 8

57 16 4
                                    


ජන්ග්කුක් අදත් උදෙන්ම අවදි වුණේ හරිම උනන්දුවෙන්.. අත්තම්මා ත් එක්කම උදේ ආහාර වේල ගත්ත ජන්ග්කුක් ලෑස්ති වුණේ හෙන්රිව හම්බ වෙන්න වුනත් එයාට මතක් වුණේ අද උදේ ම අත්තම්මාගේ වත්තට යන්න තියෙනවා කියලා..

" ග්‍රැනී මම උදෙන්ම වත්තට යනවා.. අලුත් පාත්තියක් හදන්න තියෙනවා.. "

" ජන්ග්කුක් පුතා.. මෙන්න මේ කෑම ටිකත් අරගෙන යන්න.. "

දවල් ටත් කෑම කූඩයක් අරගෙන ජන්ග්කුක් වත්තට ගියා.. ජිමින් ගේ අත්තම්මා ගේ ගෙදර ජන්ග්කුක් ඇවිත් ගෙවෙන දෙවනි සතිය..

පාර දිගේ පිපිලා තියෙන පුංචි පුංචි නේක වර්ණ වලින් පිරුණු මල් වර්ග, ඈතින් පායගෙන එන ඉර එක්ක ඒ කදු යාය, මල් වලට එන පුංචි සත්තු, වසන්ත සෘතුවේ එන පක්ෂීන්, මේ හැමදේම එදා දවස ලස්සන කරා..

පාරේ අයිනේ තිබුණු මල් පැල ළඟට නැමුණු ජන්ග්කුක් එතනින් මල් ටිකක් කඩා ගත්තේ හිනාවෙවී.. ඒවා හරිම ලස්සනයි.. ඒ කඩවසම් තරුණයත් එක්ක තවත් ලස්සනයි..

ජන්ග්කුක් තනියම මේ හැමදේම වින්දා.. පාර දිගේ යනකොට හම්බෙන පලතුරු ගස් වලින් ගෙඩියක් දෙකක් කඩා ගන්නත් ජන්ග්කුක් අමතක කරේ නෑ..

" එහෙනම් දැන් වැඩ පටන් ගමු.. "

වත්තට ආව ජන්ග්කුක් මුලින් ම කරේ ලොකු හුස්මක් ගත්ත එක..  කෑම කූඩය පැත්තකින් තිබ්බ ජන්ග්කුක් කරේ මුලින් ම වත්ත වටේ ඇවිදලා බලපු එක.. ඊළඟට එයා ගියේ වත්ත කෙලවරේ තිබුණු පුංචි මඩුවට.. ජිමින් ගේ අත්තම්මා මෙච්චර කල් වගා කරන්න ඕන කරන බඩු ආයුධ හැම දෙයක්ම මේ මඩුවේ තියලා තිබ්බා.. ඒක ඇතුලෙන් මල් බාල්දියක් ගත්ත ජන්ග්කුක් තවත් බාල්දියකුත් අරගෙන ගියේ දොල පාරට..

වතුර අරගෙන ජන්ග්කුක් ආවේ වත්තේ කෙලවරට.. හිමින් හිමින් පැල වලට වතුර දාපු ජන්ග්කුක් ගේ ඇස් නැවතුනේ ඈතින් පේන ලස්සන ගොවිපල ලඟ.. 

ඒ ගොවිපල වටේ වෙනදා වගේම ලස්සන මල් පිපිලා තිබුණා.. ගොඩක් පරණ තාලෙට තිබුණු ඒ ගොවිපලට යන්න ජන්ග්කුක් ට ආසාවක් ඇති වුනත් ඒ ගැන ජන්ග්කුක් අමතක කරා..

" සුබ උදෑසනක් ජන්ග්කුක්.. උදෙන්ම වත්තට ඇවිත් ඔයා.. "

ගොවිපල ගැන කල්පනාවේ හිටපු ජන්ග්කුක් පියවි සිහියට ආවේ ටේහියුන් ගේ සද්දෙට.. අහස දිහා බලාගෙන ම තමන් ඉස්සරහ හිටගෙන ඉන්න ටේහියුන් දැක්කම ජන්ග්කුක් ට අමුතු සතුටක් දැනුණා.. ඒ ටේහියුන් එයාව මුණ ගැහෙන්න ආව නිසා ද..

 || Mystery of the Miracle Farm || ✓Where stories live. Discover now