01. Stepmom

371 45 28
                                    

සද වසාගත් වළාවන් වේගයෙන් දිවෙන්නට වුනේ සුළඟ සමඟයි. තරැ නොපැයු අහසේ වවුලන් කිහිප දෙනෙකු එහා මෙහා ගියත් එහි වුන තනිකම නැති ව ගියේ නැත. කඳුකරය හරහා කැඩිලැක් වර්ගයේ ලිමෝසීනය ඒ අඳුර අතරින් ඇඳි ගියේ කිසිම බාධාවකින් තොරවයි.



" ඇවීනා... ශටර් එක වහගන්න..! "

අඳුරැ වුවත් පරිසරය රසවිදිමින් සිටි ඇවීනා ලිමෝසීනයේ වීදුරැව ඉහළ කලේ සුලුමව වුන මෙඩෝනාගේ නිමයෙනි.

මෙඩෝනාගේ දෑස් ඇවීනා වෙත නොවැටි තිබුනත් ඒ දිගු සිහින් බියකරැ දෑස්වල බැල්ම තමා වෙතමයි යන්න ඇවීනා හොඳින්ම දැන සිටියා. ඇවීනා නැවතත් වීදුරැ තුළින් පසුව යන පරිසරය දෙස බලාසිටින්නට තීරණය කලේ සිතෙහි වුන දුකත්.. කලකීරිමත්.. නිසායි.

තම පියාගේ හදිසි අභාවය නිසා ඇවීනා දුක් වුවත් ඇගේ දෑස්වලින් කඳුලු නොගැලුවා. මන්දයත් වසර විසිපහක් මුලුල්ලේම පියා හා සුලුමව සමඟින් වෙසුනත් ඇවීනා හට බැඳිමක් යන්න ගැන තේරැමක් නොතිබුනා. තම පියාගෙන් කුඩා කල සිටම ඇවීනා ලද්දේ තද හැඟිම් විරහිත අණ කිරීම්ම පමණක් වීම ඊට හේතුව වනු ඇත. සුලු මව තමාට කැමති හෝ අකමැති හෝ යන්නවත් පිළිබඳ දැනුමක් ඇයට නොතිබුනේ ඔවුන් වෙසුණේ ගුප්ත ආගන්තුකයින් විලසින් නිසායි.

තම දිවියේ ඇති ගුප්තබව පිළිබඳව සිතන්නට ගොසින් උන්මත්තක වනවාට වඩා නිහඬව කල්ගෙවීම සුදුසු යැයි ඇවීනා තීරණය කර තිබුනේ කල්පටන්මයි. නමුත් විටෙන් විට වෙනස් වන තම සුලුමවගේ අභූත හැසිරීම් විටෙක ඇයව උවමනාවටත් වඩා කුතුහලයකටත් බියකටත් පත් කර තැබුවා.




" කා එක ඇතුලේ ගාරාජ් එකෙන් පාක් කරන්න රොජර්....! බෑග්ස් ඔක්කොමත්... අරගෙන එන්න... ඇවීනා.. අපි ඇවිත් ඉන්නේ....!!! "


⁣දුරකථනය බලමින් හුන් ඇවීනා හිස එ⁣සවුයේ මෙඩෝනාගේ හඬිනි. ලිමෝසීනය නතර වී තිබුනේ විසල් මන්දිරයක් අසළයි. රියදුරැ හට අණ දුන් මෙඩෝනා කාරයෙන් බැස ගිය පසු ඇවීනා පිටතට පැමිණ අඳුරැ වු මන්දිරය ⁣දෙස බලාසිටියා.

 රියදුරැ හට අණ දුන් මෙඩෝනා කාරයෙන් බැස ගිය පසු ඇවීනා පිටතට පැමිණ අඳුරැ වු මන්දිරය ⁣දෙස බලාසිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


විසල් ද්වාරවලින් අතුරැදහන්ව ගිය මෙඩෝනාගේ අඩිපාර ඔස්සේ ඇවීනා ඇවිද ගියේ හිස්වු දෑසකිනි.



" ඉට්ස් ඕල්වේස්...ඩාක්.....!! "






මෙඩෝනාට තම මවගෙන් පාරම්පරික හිමි ව තිබුන මන්දිරය ඇය මෙන්ම ගුප්ත අඳුරැ තැනක් වග ඇවීනාට වැටහී ගියා. බිම විසිරි ගිය වේලුනු කොල ඇවීනාගේ පාදවලට පොඩී වි සියුම් ලෙස හඬ නගන විට බස්සකුගේ ශබ්දයක් ඈතින් ගලා එන්නට පටන් ගත්තා. කේඩැරි වී ගිය මල් පඳුරැ වලින් හැමු අසාමාන්‍ය ගන්ධය ඇවීනාගේ නාස්පුඩු මත අතර දඟ කලේ විටින් විට හමාගිය සීත සුළං රැලි නිසායි.

සුවිසල් ලී ද්වාර වලින් ඇතුල් වුන ඇවීනාට දක්නට ලැබුනේ දැල්වෙන ගිනිඋදුන අසළ වුන පුටුවට බර වී සිටි තම සුලුමවයි.







" සෙකන්ඩ් ෆ්ලෝ එකේ....කැමති රෑම් එකකට යන්න... !!! "




ඇවීනා දෙස බලන්නට හෝ නොවෙහෙසුන මෙඩෝනා පැවසූ විට ඇවීනා තරප්පු පෙළ වෙත ඇවිද ගියා.




" ඇවීනා..... මම කැමතියි..ඔයා තර්ඩ් ෆ්ලෝ එකට නොයා ඉන්නවා නම්....!!! "







තරප්පු පෙළ මධ්‍යයේ වු විසල් පඩියේ ඇවීනා නතර වුනේ මෙඩෝනාගේ සීතල හඬ නිසයි. එවර මෙඩෝනාගේ සීතල දෑස් ඈ වෙතට එල්ලව තිබුනා.




" හොදයි......! "









ඇවීනා කියු පසු මෙඩෝනා තම කලු පැහැති අත් ග්ලවුසයෙහි වු ගෙත්තම් රටා දෙස බලා හිස සොලවන්නට වුනා. මෙඩෝනා දෙස මොහොතක් බලා සිටි ඇවීනා තරප්පු පෙළ නැග ඉහළට ගියා.








 මෙඩෝනා දෙස මොහොතක් බලා සිටි ඇවීනා තරප්පු පෙළ නැග ඉහළට ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Cadillac Limousine

______________________________________


ශෝට් ස්ටෝරි එකක්..... 😁

HOPE IN THE BOX || JHS || COMPLETEDWhere stories live. Discover now