06. Black Cat

85 33 4
                                    

ඇවීනා තරප්පු පෙළ බැහැගෙන එන විටම මෙඩෝනා මන්දිරය තුළට පිවිසුනා. මෙඩෝනාගේ දෑස් හමු වු විට ඇවීනා තමා තුළ තිබුන තැතිගැස්ම සඟවාගන්නට උත්සහ කලා.

" ඇවීනා...........!! "

තම තියුණු හඬට ඇවීනා ගැස්සි යන දෙස මෙඩෝනා සුක්ෂම ලෙස බලා සිටියා.

" ඔව්...! "

" ඔයාට රස්නෙයිද... දාඩිය දාලා තියන්නේ...? "

කෑම මේසය වෙත ඇවිද ගිය මෙඩෝනා ඒ මත වුන වතුර ජෝගුව ගෙන ආපහු හැරෙන ගමන් පැවසුවා. ඇවීනා තම හිස ඔස්සේ ගලා යමින් කන දෙපසට එක් වන දාඩිය බිදු දෝතින් පිසලන්නට වුනා. ඇවීනා බලා සිටින විටම ගිනි උඳුන වෙත ගිය මෙඩෝනා අත වුන ජෝගුවේ වතුර දැල්වෙන ගිනි උඳුනට දමන්නේ මන්දිරය පුරාම ඉන් නැගෙන හඬින් පිරි ගොස් දුම් දමන විටයි.

" ලොකු මැඩම්..... මේක......!! "


ඇවීනා මෙන්ම මෙඩෝනා පිවිසුම් දොර දෙස බලන්නේ කුඩා කලු පැහැති කූඩුවක් සහිතව එහි සිටින රොජර් නිසයි.

" අහ්... ඕක මේස ගාවින් තියන්න රොජර්... ඔයාට පුලුවන් ද එයාට කන්න ඕන කරන දේවල් ලෑස්ති කරන්න කියලා මේඩ්ට කියන්න..! "


" හොඳයි මැඩම්...!! "

රොජර් අත වුන කූඩව මේසය අසළින් තබන්නට පැවසු මෙඩෝනා විවර කර තිබු ජනේල් තිරරෙදි වසා දැමුවා. රොජර් පිටව ගිය පසු මේසය අසළට ගිය මෙඩෝනා කූඩව විවර කර එහි උන් කලු පැහැති පූස් පැටුවා ගෙන ⁣අසළවුන සෝෆාව මතින් හිදගත්තා. ඉතා සන්සුන් ලෙස මෙඩෝනා තම ඇකයෙහි උන් පූස් පැටුවාගේ හිස පිරිමදින දෙස ඇවීනා තරප්පු පෙළහි සිට බලාසිටියා.

" ඇවීනා... මේ ඉන්නේ.. බ්ලැවැස්කි... එයත් අපිත් එක්ක ඉන්නවා..!! "



පුසාගේ හිස පිරිමදිමින් මෙඩෝනා පැවසු විට ඇවීනා තම හිස සෙලෙව්වා. පුසාගේ දෑස් මෙඩෝනාගේ දෑස්වලට සමාන බව පෙනුනත් එය පසෙක දැමු ඇවීනා මන්දිරයෙන් පිටව වත්ත දෙසට ඇවිද යන්නට වුනා.



 පුසාගේ දෑස් මෙඩෝනාගේ දෑස්වලට සමාන බව පෙනුනත් එය පසෙක දැමු ඇවීනා මන්දිරයෙන් පිටව වත්ත දෙසට ඇවිද යන්නට වුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සවස් යාමය ගෙවී ගොසින් රැය උදාවන්නට කල්ගත්තා වැඩි යැයි ඇවීනාට සිතෙන්නෙට ගත්තේ දහස් වරකටත් වැඩියෙන්ය. ඔවුන් රාත්‍රි අහර ගනිමින් සිටින විට බ්ලැවැස්කි මේසය අසළ ගැවෙසිමින් බේක් කර තිබුන මස් පෙති වලට ඉව අල්ලමින් සිටියා.

මෙඩෝනා සෙමින් මස් පෙති පිහියෙන් කපා ගෑරැප්පුවෙන් කන විට ඇවීනා ඇගේ මස් පෙත්ත සෙමින් මේසය යට හුන් බ්ලැවැස්කි වෙතට දිගු කලා. රාත්‍රි ආහා⁣රයෙන් පසුව ඇවීනා තම කාමරය වෙත යන විට මෙඩෝනා තම උකුල මත උන් පුසා පිරිමිදමින් සිටියා.





ඇවීනා තම සුවපහසු පොරවනයත් දවටාගෙන ඇඳ මත දිගා වි සිටියත් නින්ද ඈ කරා ළං නොවී තිබුනා. ඇවීනා තම සවන් යොමු කරගෙන සිටියේ පහළ මහලේ රෑපවාහිනයේ හඬටයි. රෑපවාහිනි හඬ වියැකි ගොසින් විනාඩි කිහිපයක් ගත වුනු පසුව ඇවීනා තම ඇදෙන් බැස දොර වෙත ඇවිද ගියා. පහළ මහලේ ආලෝකයන් නිවිගිය වග තහවුරැ වුන පසුව ඇවීනා තම කාමරයේ දොරගුලු දාමා ඇද අසල වුන මේස⁣ය මත වුනු විදුළි ආලෝක පහන දැල්වුවා.

කහ පැහැති මද ආලෝකයෙන් කාමරය අඬ අදුරේ පැවතියා. තම ඇද අසළින් පහත් වුන ඇවීනා ඇද යටට දෑත් යවා එහි තිබුන පෙට්ටිය පිටතට ඇද ගත්තා.

දහවලේ මෙඩෝනා මන්දිරය තුළට පැමිණිමට ප්‍රථම තුන්වෙනි මහලෙන් ඇවීනා පිටවුනේ රහස් කුටියේ මධ්‍යයේ වුන අමුතු පෙනුමැති පෙට්ටිය ද සමඟින්මයි. එය තම ඇඳ යට සඟවා දමා මෙඩෝනාගේ පැමීණිමේදි තරප්පු පෙළ වෙත යාමට ඇවීනාට හැකිවුවා.



" මේකෙන් වෙන්න ඕනේ අර සද්දේ ඇහෙන්නේ........! "





පෙට්ටිය හරවා බලමින් ඇවිනා තමාටම මුමුණා ගත්තා. එහි වුන ලී මිට සහිත කැරකෙවුම් සීරැමාරැව දෙස බලා සිටි ඇවීනා තම දුරකථනයෙන් විටින් විට වෙලාවද පිරික්සුවා.



" ආශ්..... කිසිම සද්දයක් නෑ.. නේ...! "







වේලාව පාන්දර එක පසුවි මිනිත්තු කිහිපයක් ගත ව තිබුනත් පෙට්ටියෙන් කිසිඳු හඬක් නොනැගුනු නිසා ඇවීනා තමාටම මුමුණා ගත්තේ බලාපොරොත්තු කඩවුනු ස්වරයෙනි.


ඉන් පැය කිහිපයක් ගත ව යන තෙක්මත් ඇවීනා පෙට්ටිය දෙස බලා සිටියත් ඉන් කිසිඳු හඬක් නොනැගුනා. මිනිත්තු කිහිපයකට පසු ඇවීනා පෙට්ටිය මතින් හිස තබාගෙන නින්දට යන්නේ දෑත් වලින් එය අල්ලාගෙනමයි.











_____________________________________





හරිම කම්මැලි නේත ඒයි..... 😞







HOPE IN THE BOX || JHS || COMPLETEDWhere stories live. Discover now