22. Martha Perrywincal

69 28 10
                                    


කාමරයේ දොර අසළ හුන් මෙඩෝනා දැක ඇවීනා තිගැස්සී ගියත් හෙසෝක් ඇය දෙස කෝපගත් දෑසින් බලාසිටියා.


" වෙල්... වෙල්.. ඇවීනා.... ඔයා කරන්න ඕනේ නැති දෙයක් කරලා නේද..! "




සිනාවෙමින් කාමරය තුළට ඇවිදගෙන ආ මෙඩෝනා මේසය අසළට ලං වුනා.




" තමුන් මාර්තා නෙමෙයි.....!! "




ඇවීනා⁣⁣ව පසෙකට කරගෙන ඉදිරියට ආ හෙසෝක් තියුණු බැල්මක් මෙඩෝනාට ලබා දුන්නා.


" ඕහ්.... වෙයිට්.....! "




ඇවීනා සහ හෙසෝක් දෙස බලා මුවගින් සිනාවුන මෙඩෝනා ඇගේ කඩා හැර තිබුන කෙස් වැටිය පසෙකට කර අතෙහි ඇඟිලි තුඩු දෙකක් වද්දමින් සියුම් හඬක් නැංවුවා. හෙසොක් සහ ඇවීනා බලා සිටින විටම ගෙල සම්පුර්ණයෙන් පසෙකට හැරවු මෙඩෝනාගේ මුහුණ රතු පැහැ මායා දුවිල්ලකින් වැසී ගියා.


" මේ...මේරි......!!! "


" චුට්ටක් ඉන්න ඇවීනා.. මේරිගේ කොස්ටියුම් එක මාර්තාට මැච් වෙන්නැ.. එහෙම නේද.. හෙසෝකි.....!! "




සුදු පැහැ ඒප්‍රනයක් සහිත නිල් පැහැ ගවුමක් හැද සිටි මේරි සිනාවෙමින් පැවසුවා. ඇය තම අත ගතෙහි ගාවා නොගාව ඉහළට රැගෙන ගිය විට කලු පැහැ දිගු ගවුමකින් ඇය සැරසී ගියා. අත් ග්ලවුස් මෙන්ම හීල් පාවහන් යූගළක් පැළඳි සිටි මේරිගේ කලු පැහැ කෙස් වැටිය කඩාදමා තිබුනා. ඇගේ තොල් වල වුන තද රත් පැහැ සායම් මෙන්ම ඇස් වටා වුන සිහින් තද කලු පැහැ රේඛා ඇගේ මුහුණේ පෙනුම තවත් ඔප් නංවා තිබුනා. විකෘති සිනාවක් සමඟින් ඇය ඔවුන් දෙස බලාසිටියා.


" ලෝන්ග් ටයිම් නෝ.. සී හෙසෝකි..!! "




" තමුන් මට එහෙම කලේ කොහොමද මාර්තා..... තමුන් මට එක දවසක්වත් අවංක උනේ නැද්ද... මට ආදරේ කලේ නැද්ද...!! "




" ඕප්ස්.... ස්ටොප් දිස් ඩ්‍රාමා හෙසෝක්.. මට ගැලපෙන්නැති චරිතයක් ජීවිත කාලේ පුරාම කරන්න මට උවමනාවක් නැහැ... ලෙට් බී මයිසෙල්ෆ්...!! හ්හ.. මාර්තා පෙරි⁣වින්කල්.. ඇන්ඩ් ලව්.. !! මයි ෆුට්..."




තම ග්ලවුස් දෙස බලමින් කියු මාර්තා ගනණකට නොගෙන පැවසුවා. හෙසෝක් දෙස බැලු මාර්තා ඇගේ දෑස් ඇවීනා අසළින් නතර කරා.






HOPE IN THE BOX || JHS || COMPLETEDWhere stories live. Discover now