17. Black Limousine

72 29 2
                                    

" ඔයා කියන්නේ.. මේ සමනල්ලු එක්ක මගේ සම්බන්ධයක් තියනවා කියලද..? "

හෝප් තම දෑත මත වසා සිටි කුඩා සමනලයා දෙස බලමින් කිව්වා.

" ඔව්... එයාලා තමයි.. ඔයාගේ පවර් සෝර්ස් එක... එයාලා ළඟ ඉද්දි විතරයි.. බොක්ස් එක අරින්න පුලුවන්...!! "



" අහ්හ...! "


පෙට්ටිය මත වුන කොටු රටා දෙස බලමින් ඇවීනා උද්යෝගයෙන් කියද්දි හෝප් ජනේලය අසළට ඇවිද ගියා.

" මම හිතුවේ මට... රෑට විතරයි එළියට එන්න පුලුවන් කියලා..! "

" නෑ..... ඒක එහෙම නෑ... එන්න.. මම ඔයාට එළිය පෙන්නන්නම්...! "

හෝප්ගේ අතින් අල්වා ගත් ඇවීනා රෝස මලත් අතැතිව කාමරයෙන් පිටතට පැමිණියා. තම අතින් අල්වා ඉදිරියට ඇදෙන ඇවීනා දෙස හෝප් බලාසිටියේ මුවඟ මද සිනහවකුත් සමඟමයි.

" ඔහොම..ඉන්න.. මම මේරි ඉන්නවද කියලා බලලා එන්නම්...!! "

තරප්පුපෙළ අසළදි නැවතුනු ඇවීනා හෝප් දෙසට හැරෙමින් පැවසුවා. හෝප් හිස සලන විට තම දෑතෙහි වුන රෝස මල හෝප්ගේ දෑතින් තබා වේගයෙන් තරප්පුපෙළ දිගේ පහළට ඇවිද ගියා.

හෝප් තම අතෙහි වුන හොදින් වැඩුනු රෝස මලෙහි පෙත්තක් මතින් සෙමින් ඔහුගේ ඇඟිලිතුඩු ගෙන ගියා. පුංචි සමනලයා ඒ මතින් වසන විට හෝප්ගේ මුවඟ පුංචි සිනහාවක් ඇති වුනා.

" එයා ටවුන් එකට ගිහින්.. මෙහෙ එන්න හෝප්.....!! "


තරප්පුපෙළ අසළ උන් ඇවීනා සිනාසෙමින් පවසන විට හෝප් තරප්පුපෙළ බසින්නට පටන් ගත්තා. සෝෆාව මත නිදා සිටි බ්ලැවැස්කි ඔවුන් අසළට ඇවිද ආවා.


" අපි මුලින්ම බ්‍රෙක්ෆස්ට් ගමු...!! "

" අද පෑන්කේක් කන්න බෑ... වගේ..! "


මේරි විසින් පිළියල කර මේසය මත තිබුන පෑන්කේක් දෙස මුහුණත් හකුලුවාගෙන බැලු ඇවීනා කුස්සිය වෙත ඇවිද ගියා. ඇවීනා පසුපසින් හෝප් මෙන්ම බ්ලැවැස්කි ද පැමිණියා. තමාට ඇවැසි දේවල් සුදානම් කරගත් පසු ඇවීනා බිත්තර දෙකක්ද බේකන් කැබලිද පිසගත්තා. රත් කරගත් කිරිවලට සීනි සහ කෝපි කුඩු එකතු පසු ඇවීනා උණුසුම් කිරි කෝපි වීදුරැ දෙකකට දමාගත්තා.

" යමු...!! "


හෝප්ගේ දෑත මතින් බේකන් සහ බිත්තර පිරැනු පීරිසිය තිබු ඇවීනා වීදුරැ දෙකත් අතැතිව මේසය වෙත ඇවිද ගියා. මේසය මත තිබුනු පාන් තීරැවලට කපාගත් පසුව ඇවීනා ඒ මත බටර් තැවරැවා. හෝප් ඉදිරියේ වුන මේසය මතින් බටර් තැවරැ පාන් පෙති වගේම බේකන් සහ බිත්තරයත්  තැබු ඇවීනා කිරි වීදුරැව ඔහු වෙත ළං කලා. බ්ලැවැස්කි වෙත කිරි බඳුනක් සමඟ බේකන් කැබලි කිහිපයක් දුන් පසු ඔවුන් අහර ගැනීම ඇරඹුවා.


" ඒවා.. රසයි....!! "

උදෑසන ආහාර නිම කල පසු හෝප් ඇවීනා දෙස බලමින් පැවසුවා.


" එන්න... අපි.. එළියට යමු... අනික් සමනල්ලු සමහරවිට වත්ත කෙලවර රෝස පඳුර ගාව ඇති...! "


තමා අසළ ගැවසුනු පුංචි සමනලයා දෙස බලමින් ඇවීනා පැවසුවා. ඇවීනා මන්දිරයේ ද්වාර වෙත ඇවිද යන විට හෝප් ද ඇය පසුපසින් පැමිණියා. දොරෙහි අඟුල විවර කිරීමට ඇවීනා ඇගේ අත ඒ මතින් තැබුවා. නමුත් ඇගේ කිසිඳු චලනයකින් තොරව කැරකැවෙන අඟුල නිසා ඇවීනා තිගැස්සි ගියා.

එසැනින්ම අසළ වුන ජනේලය දෙස නෙත් යොමු කල ඇවීනාට දැකගන්නට ලැබුනේ මන්දිරය ඉදිරියේ නවතා තිබුන කලු පැහැති ලීමෝසීනයයි. ඇවීනාගේ හද බියෙන් පිරි යන විට කැරකැවු⁣න අඟුල නිදහස් වී දොර ඇය වෙතට තල්ලු වුනා.









______________________________________

HOPE IN THE BOX || JHS || COMPLETEDWhere stories live. Discover now