15. Cheese Cake

73 28 2
                                    

" හ්හ... වැඩක් නෑ... ඉන්ටර්නෙට් එකෙන් කිසිම විස්තරයක් ගන්න බෑ..! "



ෆෝන් තිරයේ ඇඟිලි එහා මෙහා ගෙනයමින් සිටි ඇවීනා එය ඇදේ පසෙකට අත්හැරියා. හෝප් පිළිබඳව.. හෝ පෙට්ටියක සිර වුන ශාපලත් ආත්මයක් ගැන විස්තර සොයා ගැනීම⁣ට ඇය වෙහෙසුනා.

ඇවීනා අසලින් ඇදේ දිගා වී සිටි හෝප් ඒ දෙස පුදුම වුන දෑසින් බලා සිටියා. ඇවීනාගේ දෙපා වලින් පොඩි වන කොට්ටය දෙස බලා සිටි හෝප් ඔහුගේ හඬ අවධි කලා.




" හරි නම්... අපි ඉන්න ඕනේ.. අනික් පැත්තට නේහ්...? "


හෝප් කියු පසු කොට්ටමත තිබෙන ඔවුන්ගේ දෙපා දෙස ඇවීනා බැලුවා.


" මට බඩගිනි... ෆ්‍රිජ් එකේ චීස් කේක් එකක් තිබ්බා.. එන්න යමු..! "


" චීස් කේක්.........!! "



" ඒවා රසයි...! "




හොප්ගේ අතින් අල්වා ගත් ඇවීනා කාමරයෙන් පිටතට පැමිණියා. විදුළි පහන් දල්වමින් ඔවුන් කොරිඩෝව දිගේ ඇවිද ආවා. තරප්පු පෙළ බැස ගිය පසු ඇවීනා පහළ මාලයේ විදුළි පහන් දැල්වුවා.


" මෙයා.. නම් ඔයා පස්සෙමයි නේ..! "




හෝප් වටේ පියඹින් හුන් කුඩා කලු පැහැ සමනලයා පෙන්වමින් ඇවීනා පැවසුවා. හෝප් මද සිනහවකින් සමනලයා ඔහුගේ ඇඟිල්ලක් මතට නංවාගත්තා.





" අහ්හහ... අර.......!!! "





මදක් තැතිගැන්වුන හෝප් උඳුන දෙසට ඇඟිල්ල දිගු කරන විට ඇවීනා ඒදෙස බැලුවා. බ්ලැවැස්කි එයාගේ බූල් පිරැනු වලිගයත්.. මුහුණත් පුම්බ⁣මින් හෝප් දෙස් පුංචි සමනලයා දෙසත් බලා සිටියා.




" හෝප්.... මේ ඉන්නේ.. බ්ලැවැස්කි....!! බ්ලැවැස්කි මේ ඉන්නේ හෝප්.....! "





මද සිනහවකින් කියු ඇවීනා බ්ලැවැස්කි ඔසවා ගෙන හෝප් වෙතට පැමිණියා. හෝප්ගෙ අතෙහි උන් සමනලයා හෝප්ගේ හිස පිටුපසට පියඹා යන දෙස බ්ලැවැස්කි පුදුමයෙන් බලාසිටියා.




" ඕහ්.. එයා.. එයා.. ලස්සනයි...!! අහ්හ.. ඒත් මේ....අහ්හහ... ! "




බ්ලැවැස්කි දෙස බැලු හෝප් පැවසුවත් ඇවීනා ඇගේ අත් අතර උන් බ්ලැවැස්කිව එකවරම හෝප්ගේ දෑත්වලින් තබන විට ඔහු මදක් ගැස්සි ගියා. හෝප්ගේ දෑත් අතර උන් බ්ලැවැස්කි බූල් පිරැනු අතක් සමනලයා වෙත දිගු කරන විට හෝප් අත්වලින් ඔහුව ඈත් කරා.




" අහ්.. නෝටි කිටි.......! එයාව අල්ලන්නැ...! "




මෙදෙස සිනාවෙමින් බලා සිටි ඇවීනා කුස්සිය දෙසට ඇවිද ගියා. හෝප්ගේ අත්වලින් එල්ලි සිටි බ්ලැවැස්කිගේ දෑස් දුකින් පිරි ගියා. ඔහුගේ වලිගය පහතට කඩාවැටෙන දෙස බලාසිටි හෝප් ඔහුව නැවතත් තමාට ළං කරගත්තා.


" එයාට ඉන්න දෙන්න ඕනේ.. බ්ලැවැස්කි.....!! "



මද සිනහවකින් බ්ලැවැස්කිගේ හිස අතගෑ හෝප් පැවසුවා.




" මෙහෙ එන්න.. හෝප්....!! "





චීස් කේක් තැටිය රැගෙන ආ ඇවීනා එය කෑම මේසය මත තබමින් පැවසුවා. බ්ලැවැස්කිත් සමඟින් හෝප් ඒ වෙතට පැමිණියා.



" ම්මම.. ඇත්තටම මේක රසයි...!! පීනට් කූකීස්වලට වඩා......!! "



චීස් කේක් කැබලක් තම මුව තුළට ඔබා ගත් හෝප් සතුටින් පැවසුවා. ඇවීනා තවත් කේක් කැබල්ලක් පහළින් උන් බ්ලැවැස්කි වෙත දී හෝප් දෙස බැලුවා.




" ඕහ්.. ඔයාගේ... අර.. ඔතන....! "


" අහ්..."





හෝප්ගේ සිහින් යටි තොල අසල වුන චීස් අයිසින් ස්වල්පය පෙන්වමින් ඇවීනා ඇගේ ඇඟිල්ලක් දිගු කලා. තම තොල අසළ වුන අයිසින් ස්වල්පය ඇඟිල්ලකින් ගත් හෝප් එය යලිත් මුව තුළට දමන දෙස ඇවීනා ඇසිපිය නොහෙලා පුදුමයෙන් බලාසිටියා.





" ඇයි...? "



" නැහ්...නැ...! "





තමා දෙස පුදුමයෙන් බලා සිටින ඇවීනාගෙන් හෝප් විමසුවා. ඇවීනා තම හිස දෙපසට කරමින් නැවතත් තම පිරිසියේ තිබුනු ඉතුරැ චීස් කේක් කැබැල්ල දෙස බැලුවා.










______________________________________

HOPE IN THE BOX || JHS || COMPLETEDWhere stories live. Discover now