25. Hope In The Box

145 39 18
                                    

ඇවීනා ගාවට ළං වුන අයිවින් එයාගේ අත්වලින් මායාවක් මවන ගමන් ඇවීනාට ළං වුනත් ඒ මායා පහර ඇවීනාට වෙතට ආවේ නැහැ. බිය නිසාම ඇස් වහගත්ත ඇවීනා එයාට කිසිම දෙයක් නොදැනුන නිසා හිමින් හිමින් ඇස් ඇරියා.




" ආත්ම පාලනය.... මායාවරැන්ට තහනම්.. නුඹලා ඒක කරා විතරක් නෙමෙයි.. අවුරැදු ගානක් ආත්ම පැහැරගෙන බිලිදීලා.. සදාකාලික ජිවීතයක් හොයලා..... ඒකට මගේ බලය පාවිච්චි කරලා....... මරණය උඹට හොඳ වැඩි අයිවින්.........! "







! "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



හෙසෝක් හිටියේ ඇවීනා ඉස්සරහට වෙලා හිටගෙනයි. එයා ලතින් භාශාවෙන් කෙටි දෙයක් කියලා එයාගේ දකුණු අත අයිවින් දිහාවට දික් කලාම අයිවින් පසෙකට විසිවෙලා ගියා. තත්පර ගානකින් අයිවිල් දුවිල්ලක් බවට හැරිලා නැති වෙලා ගියාම හෙසෝක්ව බිමට වැටුනා.

" හෝප්.......!! "



ඇවීනා හෙසොක්ව එයාට වත්තම් කරගෙන බිමින් ඉදගත්තා. හෙසෝක්ගේ සුදු කලු මිශ්‍ර වුන කොන්ඩය එයා⁣ගේ මූණට ඇලිලා තිබුනා. හෙසෝක් හෙමින් එයාගේ රන් පාට ඇස් අරිද්දි ඇවීනා හෙසෝක්ගේ ඇස්වලට වැටිලා තිබුන කොන්ඩේ එහාට කරා. හෙසොක් අපහසුවෙන් හුස්ම ගන්න ගමන් ඇවීනා දිහා බලන් හිටියා.



" හැමදේම ඉවරයි....... මම උඹලව නැති කරනවා.......!!!! "




උමතු කෝපයකින් කෑ ගැසු මාර්තා ඇගේ රත් පැහැ මායා බලය විහිදුවමින් හෙසෝක් සහ ඇවීනා වෙතට එන්නට පටන් ගත්තා. අපහසුවෙන් නැගිටිමට උත්සහ කරපු හෙසෝක් එයට අපොහොසත් වුන නිසා ඇවීනාව තදින් වැළඳගත්තා.


" මට සමාවෙන්න........! "




හෙසෝක් මුමුණද්දි ඇවීනා තදින් හෙසෝක්ව වැළ⁣දගෙන ඇස් වහගත්තා.

HOPE IN THE BOX || JHS || COMPLETEDWhere stories live. Discover now