19. Eyes with Care

68 27 1
                                    

රොජර් මන්දිරයෙන් පිටත් වන විට හිරැ බැස යන්නට ආසන්නව තිබුනා. ඇවීනා ඇගේ කාමරයට ගිය පසු දක්නට ලැබුනේ බ්ලැවැස්කි තුරැල⁣ට ගෙන නිදා සිටින හෝප්වයි. ඇගේ මුවඟ නිතැතින්ම සිනහවක් නැගි ගියා. හෝප්ගේ වැසි ගිය දෑස් දෙස ඇවීනා බලා සිටියා.

කලු පැහැයෙන් වර්ණ ගැන්වි තිබුන ඇසිපිය.. ඇස් වලින් කම්මුල් වෙත දිවෙන රන් පැහැ රේඛා වල අසාමාන්‍ය බවක් තවදුරටත් ඇවීනා නොදුටුවා. ඔහුගේ මුහුණ හැඟිම් විරහිත වුවත් ඒ තුළ සැඟවුන යමක් ඇති වග ඇවීනා⁣ට ⁣දැනුනා.






" පුංචි බේබි.....!! "




හෝප් දෙස බලා සිටි ඇවීනා මේරිගේ හඬින් ගැස්සි ගියා. මේරි තම කාමරයට ඒමට පෙර ඇවීනා කාමරයෙන් පිටතට පැමිණියා.



" පුංචි බේබි.. ඩිනර් එක ලෑස්ති කරලයි තියන්නේ.. මම යන්නම්...! "

" ඕහ්.. මෙච්චර ඉක්මනින්ම...! "

" දැන්.. අටත් පහුවෙලා.. ⁣පුංචි බේබි..! "

" අහ්... මම...එච්චර වෙලා.. ආහ්.. හරි.. හරි..මේරි.. ඔයා යන්න.."





මේරි මන්දිරයෙන් පිටව ගිය පසු ද්වාර අඟුලු වැටෙන තෙක් බලා සිටි ඇවීනා තරප්පුපෙළ අසළින් තම කාමරය වෙතට ඇවිද ගියා. ඇය එහි යන විටත් සමනලුන් සිවිලම වෙතට ඇවිත් තිබුනා.



" හෝප්......! "



හෝප් අසළට ගිය ඇවීනා ඔහුගේ මුහුණ වෙතට ළං වෙමින් පැවසුවා.



" හෝප්..නැගිටින්න.. අපි කමු.. "



⁣ඇවීනාගේ හඬින් හෝප් මදක් මුහුණ එහා මෙහා කලත් ඔහු තද නින්දකම සිටියා. හෝප්ගේ මුහුණ දෙස බලා සිටි ඇවීනාගේ දෑස් මද සිනහවකින් සැරසි ගියා. හෝප්ගේ මුහුණ වෙතටම ළං වුන ඇවීනා ඔහුගේ වැසී ගිය දෑස්වලට මුවින් මද සිසිල් සුළං රැල්ලක් පා කර හැරියා.

ඉන් හෝප් මුහුණ අනෙක් පසෙකට කරා. ඔහු අසළ වුන බ්ලැවැස්කි අවධි වී සිවිලීමෙහි උන් සමනලුන් දෙස ⁣වටකුරැ කරගත් දෑසින් බලාසිටියා. ඇවීනා නැවතත් හෝප්ගේ දෑසට සුළං රැල්ලක් යැවීමට ළං වුනත් ⁣එකවරම විවර වුන හෝප්ගේ දෑස් නිසා ⁣ඇවීනා ගැස්සි පසෙකට වුනා.



" රෑ..රෑ කෑම...කන්න යමු...! "




ඇදෙන් එහාට වෙමින් ඇවීනා කියු විට මද සිනාවකින් මුව සරසා ගත් හෝප් නැගිට ඇද මතින් බැසගත්තා.

" යමු.....! "


ඇවීනාගේ අතින් අල්වා ගත් හෝප් පැවසුවා. හෝප් අල්වා ගත් තම දෑත දෙස බාලා සිටි ඇවීනා ඔහු සමඟින් කාමරයෙන් පිටතට ගියා. රාත්‍රි ආහර ගැනීමෙන් පසු ඔවුන් පෙර පරිදිම විදුළි පහන් නිවා දමමින් තරප්පුපෙළ නැග ආවා. ඇවීනා පුස්තකාලයෙන් ලබාගත් පැරණි පොතත් රැගෙන කාමරයට යන විට හෝප් ද ඔහු පසුපසින් ඇවිද ආවා. බ්ලැවැස්කි ද කාමරයට ඇතුලු වුන පසු ඇවීනා කාමරයේ දොර වසා දැමුවා.






" හ්හම්... ඔයා නිදාගන්න.. මෙතනින්.. මට තව ටිකක් අර පොත බලන්න ඕනේ..! "







තම ඇද ගසා කොට්ටය පෙන්වු ඇවීනා හෝප් දෙස බලා පැවසුවා. ඇද ⁣අසළට පැමිණි හෝප් ඇය දෙස බලාසිටින විට බ්ලැවැස්කි ඇද මතට ගොඩවුනා.


" මං ගැන දැනගන්න ඔයා මෙච්චර වද වෙන්නේ ඇයි..? "




" අහ්හ.. ඒක මේ ඉන්ට්‍රෙස්ටින්.. නේ.. මම කැමති.. දන්නැති දේවල් ඉගන්න..! "




හෝප්ගේ දෑස් මඟඅරිමින් කියු ඇවීනා මේසය වෙතට ඇවිද ගියා. හෝප් හමු වීමට පෙර උදාසීනව හුදකෙලා වී කල්ගෙවු තමා පිළිබඳවම සැකයක් ඇවීනාට මතු වුනත් ඇය පෙට්ටිය මදක් පසෙකට කර මේසය අසළ වුන පුටුව මතින් වාඩිවුනා. බ්ලැවැස්කිගේ හිස පිරිමදිමින් සිටි හෝප් ඇදේ දිගා වන විට ඇවීනා පොතෙහි වුන ලතින් අක්ෂර වලට තම අවධානය යොමු කලා.







_____________________________________

HOPE IN THE BOX || JHS || COMPLETEDWhere stories live. Discover now