08. Triangle Mark

85 38 11
                                    

පසුදා උදෑසන ආහාර ගැනීමට ඇවීනා පහළ මාලය වෙත යන්නට වුනේ මද අලසකමිනි.

" පුස්තකාලයේ තියන පොත් කියවලා ඉවරද...? "

ඇවීනාගේ මුහුණෙන් දිස්වුන අලසකම සහ බලාපොරොත්තු කඩවුනු ස්වරෑපය දැක මෙඩෝනා පවසන්නේ පාන් පෙත්තක බටර් තවරන ගමන්මයි.

" නැහැ... තව කියවන්න තියනවා..! "



තම අතවුන කිරි වීදුරැව පානය කරමින් ඇවීනා පැවසුවා. මෙඩෝනා යමක් කීමට සැරසුරනත් නාද වුන ඇගේ දුරකථනය නිසා එය වැළකි ගියා. දුරකථන ඇමතුමට සම්බන්ධ වුන මෙඩෝනා කෑම මේසයෙන් නැගිට උඳුන අසළ වුන ජනේලය වෙතය ඇවිද යන්නට වුනා.




" අහ්හ... තාම ඒක කරගන්න බැරි උනාද.... තමුසෙලට මම නැතුව කිසිම දෙයක් කරගන්න බැරිද......!!! "






දුරකථන ඇමතුමට උස් හඬින් මද කෝපයකින් පිළිතුරැ දුන් මෙඩෝනා ඇගේ කාමරය වෙතට ඇවිද යන්නට වුනා. උදෑසන අහර අවසන් කල ඇවීනා පුස්තකාල කාමරය වෙතට ගියේ ඇගේ කාමරයෙහි වුන කියවා නිම කල පොත් ද රැගෙනයි.







" ම්මමමම... උඩින් පොත් ටිකක් ගමු..! "






රැගෙන ආ පොත් මේසය මතින් තැබු ඇවීනා ඉහළින් වුන රාක්ක දෙස බැලුවා. මේසය මත වුන පොත් නැවතත් රාක්ක වෙත දමා ඇවීනා කුඩා තරප්පුපෙළ නැග ඉහළ රාක්ක වෙත ඇවිද ගියා.

සිතට සරිලන පොත් කිහිපයක් තම තුරැලට ගත් ඇවීනාගේ දෑස් නතර වුනේ පෙර දිනක ඇය එහි නිවැරැදි ලෙසින් නොතබා ගිය පැරණි පොත දෙසටයි. පොත තම සුරතට ගත් ඇවීනා පොත මධ්‍යයේ වුන සලකුණෙහි ඇගේ ඇඟිල්ල ගෙන ගියා. එහි වුන ත්‍රිකෝණාකාර සලකුණෙහි යම් හුරැවක් ඇවීනාට දැනුනා.






" මේක............!!!! "








" අර...බොක්ස් එකේ......!! "







පොත මධ්‍යයේ වුන ත්‍රිකෝණාකාර සලකුන තම ඇද යට සඟවා තිබුන පෙට්ටය මත සටහන්ව තිබු අයුරැ ඇවීනාගේ මතකයට නැගුනා. පුදුමයට පත් වුන ඇය ඉක්මනින් තරප්පුපෙළ බැස මේසය වෙතට ගියා. අතෙහි තිබුන අනෙක් පොත් පසක දැමු ඇවීනා සලකුණ ඇති පොත වෙත ඇගේ ඇගිලි ගෙන ගියා.

පොත එහිම දමා ඇවීනා ඉක්මනින් ඇගේ කාමරය වෙත ඇවිද ගියා. ඇඳ යට වුන පෙට්ටය ගත් ඇවීනා එහි වුන සලකුණ පිරික්සුවා.

" එකම තමයි.......!!! "













" ඇවීනා....... පොඩ්ඩක් එළියට එන්න..!! "





මෙඩෝනාගේ හඬින් තිගැස්සි ගිය ඇවීනා එකවරම පිටුපස හැරැනා. ඇවීනාගෙ කාමරයේ දොර අසළ හුන් මෙඩෝනා දෙස බලමින් ⁣ඇවීනා පෙට්ටිය සෙමින් ඇඳ යටට තල්ලු කලා.



මෙඩෝනාගේ දෑස්වල තිබුන බැල්ම නිසා ඇවීනා තම තොලත් සපාගෙන ඈ දෙස බැලුවා.





" ඔයා මගෙන් මොනවා හරි හංගනවද ඇවීනා......? "













_____________________________________



මේම එකක් මතකද... ? 🙂

HOPE IN THE BOX || JHS || COMPLETEDWhere stories live. Discover now