12. Clown Boy

81 28 4
                                    

විනාඩි කිහිපයක් ගත වෙලා කිසිම දෙයක් නොවුනත් ඇවීනා එයාගේ ඇස් තදින්ම වහගෙන හිටියා. මුහුණට දැනෙන උණුසුම් හුස්ම වගේම ඒ හඬත් නිසා ඇවීනාගේ ඇස්වලට කඳුලු එකතු වෙලා තිබුනා. දත් වලට හිර කරගෙන හිටපු වෙව්ලන තොල් ලිහිල් කරපු ඇවීනා හිමින් ඇස් දෙක ඇරියා. තවදුරටත් ඒ අපහසුව විදින්න ඇවීනා අකමැති උනා.


" හ්හම්ම.. ම..මට.. මට රි.. දන්නැතුව.... ම.. මරනවද...? "



හුස්ම වදින දුරකින් හිටපු බය හිතෙන ⁣අමුතු කෙනා දිහා බලාගෙන ඇවීනා කිව්වා. එයාගේ රන් කහ පාට ඇස්වල තිබුන දිලිසුම අඩුවෙලා ගිහින් ඇස් පැහැදිලි වුනේ ඇවීනා බලන් ඉද්දිමයි. ඒ මුහුණේ තවදුරටත් බියජනක සිනහවක් නොතිබුනත් ඒ හැඟිම් කියවගන්න බැරි ගුප්ත බවක් පිරිලා තිබුනා.

ඔහුගේ හිසෙහි තිබුන හිස්වැසුම නිසා ඔහුගේ පෙනුම ක්ලවුන් කෙනෙක්ට සමානයි කියලා ඇවීනාට හිතුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔහුගේ හිසෙහි තිබුන හිස්වැසුම නිසා ඔහුගේ පෙනුම ක්ලවුන් කෙනෙක්ට සමානයි කියලා ඇවීනාට හිතුනා.

' බය හිතෙන ක්ලවුන් බෝයි කෙනෙක්..'

හිස්වැසුමෙන් එළියට ඇවිත් තිබුන කොන්ඩ කෑලි වගේම ඒ ඇස්වල බැලමත්.. මුහුණේ තිබුන තරැණ බවත් නිසා ඇවීනා හිතුවා.








" ඇයි මම ඔයාව මරන්නේ...? "






ඇවීනාගේ වම් කන අසළින් ඔහු තම දකුණු අත ආපහු අරගන්න ගමන් කිව්වා. ඔහුගේ අතෙහි වුන පුංචි සමනලයා දෙස ඇවීනා පුදුමයෙන් බලාසිටියා.




" ඔ...ඔයාට මාව මරන්න ඕන්නැ...ද්ද..? "






ඇවීනා ආයමත් කියද්දි ඔහු සමනලයාගෙන් ඇස් ඉවතට ගෙන ඇවීනා දෙස බැලුවා.






" ඇයි මම ඔයාව මරන්න ඕන ඉතින්..! "

" අහ්හ...ඇයි ඇයි නේද.. ඒත්.. සාමාන්‍ය පෙට්ටියකින් එන අමුතු බය හිතෙන කෙනා අනික් අයව මරනවා නේද..!! "




ඇවීනා ඇගේ හිතේ තිබුන දෙය කිසිම පැකිලිමකින් තොරව කියද්දි ඔහු නිහඬව බලන් හිටියා.






" බය හිතෙන.. ම්ම.. එහෙනම් මම දැන් ඔයාව මරන්නම්.. !! "





" අහ්හ... නෑ......⁣අහ් නෑ... ඕනේ නැහැ..! "





බෙල්ලත් ඇල කරගත් ඔහු ඇවීනාගේ මුහුණ⁣ට ලං වෙන ගමන් පැවසුවා. එකවරම ඇවීනා කෑ ගහපු නිසා ඔහු මදක් පසෙකට වුනා.





" ඔයා... කවුද.......? "





" මම දන්නැ...! "






ඇවීනා ඔහුගේ ඇස් දිහාම බලාගෙන අහද්දි මදක් කලබල වුන ඔහු කිව්වා. ඔහුගේ මුහුණ අතරමංවුන හැඟිම්වලින් පිරිලා යන දිහා ඇවීනා අදහාගත නොහැකි දෑස්වලින් බලන් හිටියා.






" මම හීනයක් නෙමෙයි නේද දකින්නේ..!! "






සිදුවන දේවල් විශ්වාස කරගත නොහැකි නිසා ඇවීනා තමාටම පැවසුවා.

පෙට්ටියකින් මතු වුන අමුතු මිනිසෙක්..

අත්භූත සමලයින්..

මායාවකට සමාන දුම් වලාවන්...










" මේවා ඇත්තමද........? "













_______________________________________

HOPE IN THE BOX || JHS || COMPLETEDWhere stories live. Discover now