20. Mind Gate

68 31 3
                                    


හෝප්ගේ මුහුණට දැනුන මද අව් රැල්ල නිසා ඔහු තම දෑස් විවර කලා. ජනේල් තිර රෙදි අතරින් ගලා ආ හිරැ එළියට ඇස් හුරැ කරගත් හෝප්ගේ දෑස් නැවතුනේ මේසය මතින් හිස තබාගෙන නිදා සිටින ඇවීනා අසළිනුයි. ඇය අසළින් එහා මෙහා යමින් සිටි බ්ලැවැස්කි කෙදිරි ගාමින් සිටියා. ඇදෙන් බැසගත් හෝප් බ්ලැවැස්කි වෙනුවෙන් කාමරයේ දොර විවර කර දුන්නා. කාමරයෙන් පිටතට දිව ගිය බ්ලැවැස්කි ගෙන් ඇස් අහකට ගත් හෝප් මේසය අසළට ඇවිද ආවා.


" මිස් ජීනියස්.......!! ගුඩ්මෝර්නින් නැගිටින්න.. ඔයාට පුලුවන් ඇදට ගිහින් නිදාගන්න... "


ඇවීනාගේ කන් පෙතිවලට ළං වුන හෝප් පැවසු විට ඇවීනා තිගැස්සි අවධි වුනා.



" ඕහ්.. මට සමාවෙන්න.. මම ඔයාව බය කරන්න හිතුවේ නැහැ.." 


" හෝප්.......!!!!!!! "



තිගැස්සි ඇහැරැනු ඇවීනා දෙස බලමින් හෝප් කනස්සල්ලෙන් පැවසුවත් ඇවීනා කෑ ගසමින් පුටුවෙන් නැගිට්ටා. බිමට වැටුනු පුටුව දෙස හෝප් බලා සිටින විට ඇවීනා ඇගේ දෑත් හෝප්ගේ කම්මුල්වලින් සිර කරගෙන ඔහුගේ මුහුණ තමා වෙතට හරවා ගත්තා.


" හොප්...... මම හොයාගත්තා.. මයින්ඩ් ගේට් එක..!! ඒක තියන්නේ.. ඔයාගේ ඇඟටම කනෙක්ට් වෙච්ච මොනා හරි දේක...!! "



" ම...මයින්ඩ් ගේට්........? "


හෝප් පුදුමයෙන් අසන විට ඇවීනා සිනාසුනා.



" ඔයාට හැමදේම මතක් වෙයි...!! "


" අහ්හ... මගේ කම්මුල්...!! "



" ඕහ්.. හරි...! "




හෝප්ගේ කම්මුල් අත්හල ඇවීනා හෝප් ව මදක් පසෙකට කර ඔහුව ඇද මතට තල්ලු කලා. හෝප් පුදුමයෙන් බලා සිටින විට ඇවීනා හෝප්ගේ බූට්ස් පාවහන් ගලවා දැමීමට උත්සහ කලා.


" හිමින්.....හිමින්.....!! "



බූට්ස් පාවහන් අතැතිව පසෙකට විසික් වුන ඇවීනා දෙස බැලු හෝප් මද උස් හඬකින් පැවසුවා.


" බූට්ස් නෙමෙයි.....! "



බූට්ස් අත්හල ඇවීනා හෝප්ගේ උඩුකයේ වුන කමිසය ගලවා දැමුවේ හෝප් අදහාගත නොහැකි ලෙසින් බලා සිටින විටයි.


HOPE IN THE BOX || JHS || COMPLETEDWhere stories live. Discover now