02. Black Butterflies

125 38 4
                                    

සුපුරැදු වේලාවටම උදෑසන අවධි උන ඇවීනා මොහොතක් තෝරගත්ත කාමරයේ සිවිලම දෙස බලන් හිටියා. දෙවනි මහළේ කෙලවරම කාමරය ඇවීනාගේ හිත්ගත්තේ සුදුපාටට හුරැ ජනේල් තීර රෙදි වගේම කාමරය අනෙක් ඒවාට සාපේක්ෂව කුඩා වීම. ජනේල් පේළි වලින් හිරැ එළිය අපහසුවෙන් කාන්දු වෙලා එන විදිය ඇවීනා බලන් හිටියා. දුරකථනයේ වේලාව උදෑසන හත සටහන් වෙලා තිබුන නිසා ඇවීනා එයාගේ ඇදෙන් බැහැලා කාමරයටම සවී කරලා තිබුන නානකාමරය වෙත ගියා. උදේ හතහමාර වෙද්දි උදෑසන කෑම වේල ගන්න එයාලා පුරැදු වෙලා හිටියා.

ඇවීනා තෝරගත්තේ එයා කැමතිම වින්ටේජ් වර්ගයේ තරමක් දිග දුඹුරැ පැහැ ගවුමක්. කඩාහැලෙන කොන්ඩය ගොතලා උඩට කරලා සිහින් කලු රිබන් පටියකින් ගැටගහලා ඇවීනා කැඩපතින් පේන එයා දිහා බලන් හිටියා. හොඳ හුස්මක් අරගෙන ඇවීනා කාමරයෙන් එළියට ආවා.

කොරිඩෝව දිගේ ඇවිදගෙන යන ඇවීනාගේ පාවහන්වල ගැටීම නිහඬ දෙවනි මහළ පුරාවට පැතිර ගියා. දෙපස කාමර සියල්ලම හිස්ව තිබුනත් ඒ හැම කාමරයක්ම විවෘතව තිබුනා. මන්දිරයේ විසල් තරප්පු පෙළ බැහැගෙන ආව ඇවීනාට දක්නට ලැබුනේ කෑම කාමරය මේසයේ අසුන් ගෙන සිටි මෙඩෝනාවයි. ඇවීනා අසුන් ගත්තේ මෙඩෝනාට ඈතින් වුවත් මුහුණට මුහුණලායි. දිගු විසල් ඉලිප්ස හැඩැති මේසයේ ඇවීනා හා මෙඩෝනාට පමණක් ඇවැසි උදෑසන ආහාර පිළිවල කර තිබුනා.

මෙඩෝනා අහර ගැනීම පටන් ගත් පසු ඇවීනා පාන් පෙත්තකට බැටර් තවරා ගන්නට පටන් ගත්තා. මිදි ගෙඩි කිහිපයක් මෙන්ම චීස් කැබැලිද ඒ සමඟම අනුභව කල ඇවීනා ඇගේ උදෑසන අහර සම්පුර්ණ කරගත්තේ දොඩම් යුෂ පානයක් ද ගත් පසුවයි.

" මැන්ශන් එකෙන් එළියට යනවා නම්. රොජර් එක්ක යන්න... ඕන...! "

" හොදයි....! "






ඇවීනා වගේම මෙඩෝනා කෑම මේසයෙන් නැගිට්ටේ එකටමයි. මෙඩෝනා තරප්පු පෙළ නගද්දි ඇවීනා මන්දිර ද්වාරවලින් පිටතට ආවා. බැලු බැල්මට කිසිම කෙනෙක් පෙනෙන්නට නොසිටි විසල් වත්ත පුරා ඇවීනා ඇවිදගෙන ගියා.

නිසි සාත්තුවක් නොතිබුනත් එහි වුන පඳුරැ ගස් වැල් නොමැරි සිටින දිහා ඇවීනා බලාසිටියා. පඳුරැවල තිබුන මල්.. කුඩා මෙන්ම අජීවි ලෙසින් දිස් වුනත් පිපි තිබුනා. තමාත් එවැනි මල් පඳුරක් යැයි ඇයට සිතෙන්නට පටන් ගත්තා. නොදැනීම ඇය මන්දිරයේ පිටුපස වුන ජල පොකුණ අසලට පැමිණ සිටියා.

පාසි වලින් වැසි ගිය පොකුණ වෙතට ගල් කැබලි කිහිපයක් විසිකෙරැ ඇවීනාගේ දෑස් නතර වු⁣නේ පොකුණ කෙලවර තිබුන ආරක්කුව වෙතටයි. ඇය එහි ඇවිද ගියේ නිතැත්තෙන්මයි.

එහි කණු වටා එති තිබුන මල් වැල් වල මුලාරම්භය සොයමින් සිටි ඇවීනාට දක්නට ලැබුනේ කලු පැහැති පුංචි සමනල රංචුවක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එහි කණු වටා එති තිබුන මල් වැල් වල මුලාරම්භය සොයමින් සිටි ඇවීනාට දක්නට ලැබුනේ කලු පැහැති පුංචි සමනල රංචුවක්. කුඩා මල්වලින් රොන් ගනිමින් සිටි ඔවුන් ඇවීනා වටා කැරකී ගොසින් ආරක්කුව මතින් පලායන්නට උනා. ඇවීනා ඔවුන් පසුපස ගියේ මඳ සිනහවකින් මුව සරසාගෙනයි. මන්දිරය පසුපසින් ඉහළ නැගුණු ඔවුන් තෙවන මහළේ වුන බැල්කනිය අසළින් නොපෙනි යන දෙස ඇවීනා බලාසිටියේ මුක්ත දෑස්වලිනි.





" ඇයි එයාලා එතනට ගියේ....? "



? "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.










_____________________________________

HOPE IN THE BOX || JHS || COMPLETEDWhere stories live. Discover now