21. Grate Sorcerer

80 29 4
                                    


Hopes' Memory

අහස අඳුරැ වී තිබුනත් අලු වලා තුලින් නිල් පැහැ දිස්න මායාවන් මතු වෙමින් තිබුනා. පුර්ණ චන්ද්‍රයා වට කරගත් රිදී පැහැ තාරකාවන් දිලිමෙන් සිනාසෙන්නට වුනා. වසරකට වරක් පැවතෙන ඉන්ද්‍රජාලක හමුව ඒ මායා අහස් කුසට යටින් පැවතුනා. විසල් කුලුණු අතර මායාවෙන් ඉදිව තිබුන වටකුරැ වේදිකාව මත ඔවුන් එකිනෙකා ඇමතුවා.

ලොව පුරා විහිදි සිටින සියලුම ඉන්ද්‍රජාලකයින් තම බලයන් කියා පෑමට මෙන්ම නව මායාවන් ලොවට හඳුන්වාදීමට එදිනට රැස් වුන අතර අලුත උපදින ඉන්ද්‍රජාලයකින් හඳුනවාදීමද එහිදි සිදු කෙරැනා. ඔවුන් අතරින් සුවිශේෂිම තැනැත්තා වුයේ මීට වසර දෙදහසකට පෙර බලවත් මායාවරැන්ගේ බලයන්ගෙන් උපත ලද ශ්‍රෙෂ්ඨ ඉන්ද්‍රජාලකයා ජන්ග් හෙසෝක්.

තම නවතම බල මායාව වුන සදාකාලික බව රැක්ම සභාව ඉදිරියේ පෙන්වු හෙසෝක් ඔහුගේ දෑත් ඉහළට කොට අහස මායාවන්ගෙන් පුරවා දැමුවා. ආඩම්බර ලෙසින් සිනාසුන ඔහු වේදිකාව මතින් බැස යන විට සියලු දෙනා ජයඝෝශා මෙන්ම අත්පොළසන් ඔහුගේ නමින් සිදු කලා. ඔහුගේ නාමය ඉන්ද්‍රජාලයකයින් අතර නොමැකෙන ලෙසින් ඉහළ නැංවී තිබුනා.

 ඔහුගේ නාමය ඉන්ද්‍රජාලයකයින් අතර නොමැකෙන ලෙසින් ඉහළ නැංවී තිබුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


" හ්හ.. අවුරැද්ද ගානේ.. එයාගේ බලය වැඩි වෙනවා.....!! "

" ඔහු මොන තරම් කඩවසම්..ද.. ! "


" එයාව විවාහ කරගන්න තරම් සුදුසු මායාකාරියක්.. ඉන්නවද..? "



" ඔහුගේ.. සිනාව.. මායාවකට සමයි.!! "




තරැණ මායාකාරියන් මැදින් ඇවිද ගෙන ආ හෙසෝක්ගේ මුව මත අඩම්බර සිනහවක් ඇදි තිබුනා. උත්සවයෙහි බීම ශාලාව වෙත ඇදුනු හෙසෝක් කෙලවර මේසයකින් අසුන් ගත්තා. එකිනෙකා සමඟ වැඩි ගැවසීමක් නොකරන හෙසෝක් තම හිස් වැසුම පළදාගෙන රම් බෝතලයකට ඇනවුමක් ලබාදුන්නා.

HOPE IN THE BOX || JHS || COMPLETEDWhere stories live. Discover now