13. Hope

76 28 5
                                    



" ඔයා එහෙටයි මෙහෙටයි යන එක නවතන්නැද්ද.....!!! "






ඇවීනාගේ කෑ ගැසීමෙන් ගැස්සුනු ඔහු එකතැනම නතර වුනා. ඇවීනා ඇද මත හිදගෙන සිටින විට ඔහු කාමරය පුරා ඇවිද ගියේ සමනලුන් කිහිප දෙනෙකු ඔහු වටා කැරකැවෙන විටයි.






" මේ... මේ.. මොකද...!! "






" ඇයි දැන් ඔයා කිව්වේ.. එහෙටයි මෙහෙටයි යන එක නවත්තන්නැද්ද කියලා... "








ඇවීනා අසළට පැමිණි ඔහු ඇද මත හිද ගන්නා විට ඇවීනා පුදුමයෙන් ඔහු දෙස බලා සිටියා.




" හරි.... හරි.. දැන් ඔයා ඇත්තටම ඉන්නවා.. මම හිතන මනස්ගාතයක් නෙමෙයි..ඒත් ඔයා කවුද...? ඔයාට නමක් නැද්ද...? "




" නමක්.... නෑ.......! මම දන්නැ..! "





" හ්හ..මම ඇවීනා... ඇවීනා ඩුවට්... මගේ තාත්තා නැති වුනා.. අම්මත් නෑ.. මම ඉන්නේ මගේ ස්ටෙප්මාම්.. මෙඩෝනා එක්ක...! එතකොට ඔයා... ? "









හිස පැත්තකට ඇල කරගෙන ඇවීනා දෙස බලා සිටි ඔහු හිස උසවා ඇය දෙස බැලුවත් කිසිවක් නොකීවා. ඇවීනා බරැති සුසමක් පිටකලා.







" මම හිටියේ.. ⁣මුකුත් නැති තැනක...! එතන තිබුනේ අඳුර විතරයි.. පස්සේ මට පෙනුනේ ඔයාව.... මේ පුංචි සමනල පැටව් එක්ක..! මම එයාලට කැමති..! ඔයාටත්...!! "







" අහ්හහ...හහහ...ම්...ඔයා මාව විතරයි දන්නේ....!! "









ඇවීනාගේ ඇස්වලට එබුනු ඔහු කියද්දි ඇවීනා වදන්වලින් සිරවී ගියත් මදකින් ඔහුට පිළිතුරැ දුන්නා.






" ඔයා කොහොමද මේ..පෙට්ටිය ඇතුළට ගියේ...? දැන් ඔයා අපහු යනවද..? "



" මම දන්නැ...! "



" ආාශ්....ඔයා මොනවද දන්නේ.. එතකොට.....!!! "



ඔහුට රවමින් කෑ ගැසු ඇවීනා ඇද මතින් බැසගත්තා. ඇවීනා කාමරය පුරා ඇවිදින විට ඔහු හිස ඒ අතට යවමින් ඇය දෙස බලාසිටියා.





" පොඩ්ඩක් ඉන්න..... ඔයා... ඔයා.. ගොස්ට් කෙනෙක්...ද...!!! එකද ඔයාට මුකුත් මතක නැත්තේ.......!!! "





HOPE IN THE BOX || JHS || COMPLETEDDonde viven las historias. Descúbrelo ahora