05. Third Floor

89 34 5
                                    

මධ්‍යම රාත්‍රියෙදි නැවතත් තුන්වෙනි මහලෙන් සංගීතය පටන් අරගනිද්දි ඇවීනා අවධි උනා. ඇවීනා ඒ සංගීතයට කන් යොමාගෙන හිටියත් නැගිටලා යන්න උත්සහ කලේ නැහැ. විනාඩි කිහිපයකින් සංගීතය නැවතුනාට පස්සේ ඇවීනා එයාගේ ඇදෙන් බැස්සා. ඇවීනා ඇගේ කාමරයේ දොර නිහඬව විවෘත කරලා එළියට නොයාම බලන් හිටියේ එයා බලාපොරොත්තු උන රැව දිහාමයි.

මෙඩෝනා පහළ මහළට ගිහින් ඇගේ කාමරයට ගිය බව තහවුරු වුනාම ඇවීනා හිමින් හිමින් කොරිඩෝව දිගේ ඇවිදගෙන ආවා. තුන්වෙනි මහළට දිවෙනි තරප්පු පෙළ පාමුලදි ඇවීනාගේ හද ගැස්ම අසාමාන්‍ය ලෙස වැඩි උනත් ඇවීනා තරප්පු පෙළ නගින්න තීරණය කලා. නිහඬව අඩි තියමින් ඇවීනා තරප්පු පෙළ නගමින් තුන්වෙනි මහළට ආවා.

තුන්වෙනි මහළ ඝන අඳුරකින් පිරිලා තිබුනත් හද එළිය ඒ පුරාවටම විහිදිලා ගිහින් තිබුන නිසා හැමදෙයක්ම පැහැදිලිව දකින්නට ඇවීනාට හැකිවුනා. තුන්වෙනි මහලේ කාමර තිබුනත් දෙවනි මහළට වඩා අඩුවෙන් කාමර ඇති බව ඇවීනාට වැටහුනා. එහි තිබුන වෙනස නම් කාමර වල ද්වාර සියල්ලක්ම වසා තිබිමයි.

ඇවීනා කාමර පසු කරමින් ඉදිරියට ඇවිද ගියා. කොරිඩෝව කෙලවර උන දසුන ඇගේ පාද එහි සිර කරලීමට සමත් උනා.



Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.






කොරිඩෝව කෙලවර වුන බිත්තියේ සැරසිලි මෙන් සිටි කලු පැහැති කුඩා සමනලුන් ඈ දුටු සමනලුන් දැයි සිතාගැනීමටත් නොහැකි ලෙසින් බිත්ති සැරසිලි ලෙසින් සිටියා. ඇවීනා ඇගේ ඇඟිල්ලක් සියුම් ලෙස සමනලයකුගේ තටුවක් හා යාකලා. එහි වුන සියුම් සත්‍ය බව අදහාගත නොහැකි වුන ඇවීනා බිත්තිය පුරා සිටි කලු පැහැති සමනලුන් දෙස ඇසිපිය නොහෙලාම බලා සිටියා.


HOPE IN THE BOX || JHS || COMPLETEDOù les histoires vivent. Découvrez maintenant