18. Signing with Ink

70 27 6
                                    


" පුංචි බේබි........!!! "




දහඩියෙන් තෙත් වී බියට පත් ව සිටි ඇවීනා රොජර්ගෙ හඬින් ගැස්සි ගියා. දොර අඟුල මතින් අත ඉවතට ගත් ඇවීනා මදක් පසෙකට වුනු පසු රොජර් මන්දිරය තුළට පැමිණියා.


" පුංචි බේබි.. එළියට යන්නද...? "


" ඕහ්... ඔහ්.. ඔව්...! "

රොජර්ගේ හඬින් පියවි සිහියට පැමිණි ඇවීනා වටපිට බලමින් කතා කලා. ඇය අසළින්ම හුන් හෝප් එකවරම අතුරැදහන් වීම ගැන ඇවීනා වද වුනත් එය එලෙස වුන නිසා ඇවීනා මදක් සන්සුන් උනා.

" පුංචි බේබි කෑවද... ? "


" ඔව්... රොජර්...මම දැන් ටිකකට කලින් බ්‍රෙක්ෆස්ට් එක ගත්තා...! "



" ඒත් ඇයි මේ.. ප්ලේට්ස් දෙකක් තියන්නේ... වීදුරැ දෙකකුත්...? "


මේසය දෙස බලා සිටි රොජර් කියු විට ඇවීනා තම යටි තොල දත් අතරට සිරකරගත්තා.






" අහ්... මම මම තමයි.. කෑවේ.. මට ටිකක් වැඩිපුර බඩගිනි වුනා.. ඒ..ඒක නෙමෙයි රොජර්... ඇයි ඔයා විතරක් ආවේ..! අනික හෙට නේද හරිනම්.. එන්න ඕනේ.."


ඇවීනාගේ නොපුරැදු හැසීරි⁣ම් දෙස බලාසිටි රොජර් මේසය දෙස බලා නැවතත් ඇවීනා දෙස බැලුවා.



" අහ්.. ලොකු මැඩම්ට.. එන්න බැරි වෙයි.. තව ටික දවසකට... කම්පැනි එකේ ප්‍රශ්නේ තාම ඉවර කරලා නෑ වගේ.. මම ආවේ මැඩම්⁣ට ඕන කරන දේවල් ටිකක් අරගෙන යන්න.. ආහ්...තව පොඩි බේබිට කියලා අත්සන් කරගන්න දේවල් ටිකකුත් තියනවා...! "



" අහ්..හොඳයි....!! "




මෙඩෝනාගේ කාමරය වෙතට රොජර් ඇවිද ගිය පසු ඇවීනාද ඒ දෙසට ඇවිද ගියා. මෙඩෝනාගේ කාමරයෙහි මේසය පිරික්සමින් සිටි රොජර් දෙස මදක් බලා සිටි ඇවීනා නැවතත් විසිත්ත කාමරය දෙසට අවධානය යොමු කලා.




" ඔයා.... කොහෙද......? "





විසිත්ත කාමරය පුරා ඇවීනා ඇගේ දෑස් රැගෙන ගියේ හෝප්ව බලාපොරොත්තුවෙන් වුනත් එය නිශ්ඵල වී ගියේ රොජර්ගේ හඬ නැවතත් ඇයට පසුපසින් ඇහුන නිසයි.




" ⁣පුංචි බේබි.. මේ ඩොකියුමන්ට්ස් ටික සයින් කරලා දෙනවද..? "


" හා...හ්හා... ! "





රොජර්ගේ හඬින් ගැස්සි ගිය ඇවීනා රොජර්ගේ අත්වල තිබුන ෆයිල් කවරය දෙස බලමින් කිව්වා. එවිටම බ්ලැවැස්කිගේ හඬ ඇසුනෙන් ඇවීනා මෙන්ම රොජර්ත් ඒ දෙස බැලුවා. මන්දිරයේ ප්‍රධාන දොර අසළ වුන ජනේල් ⁣තිර රෙදි අතරින් මතු වුන බ්ලැවැස්කි ඔවුන් වෙතට දිව ආවා. දොර අසළින්ම තිරරෙදි අතර යටින් පෙනුන කලු පැහැති බූට්ස් පාවහන් නිසා ඇවීනාගේ දෑස් විසල් වී ගියා.


" අහ්.. රොජර්.. මේක සයින් කරන්න පෑනක්....!! "


" ඉන්න මම අරන් එන්නම් බේබි..! "




ජනේල් තිරරෙදි යටින් පෙනුන හෝප්ගේ බූට්ස් පාවහන් හඳුනාගත් විටම ඇවීනා ආපසු හැරි රොජර්ට පැවසුවා. මෙඩෝනාගේ කාමරයට ගිය රොජර් ආපසු පැමිණ තීන්ත පෑනක් ඇවීනාගේ වම් අත මතින් තැබුවා.



" මට මේකේ සයින් කරන්න ඕන තැන් ටික පෙන්නන්න රොජර්.....! "







ඉක්මනින්ම සෝෆාව වෙතට ඇවිද ගිය ඇවීනා පසුපසින් රොජර් ද පැමිණියා. විනාඩි කිහිපයකින් රොජර් ⁣සදහන් කල හිස්ඉඩෙහි තම නමට උඩින් ඇවීනා ඇගේ අත්සන සටහන් කලා. අවසන් ඉඩෙහි දැනටමත් රැදී තිබුන තම අත්සනෙහි තීන්ත සටහන දෙස මදක් බලා සිටි ඇවීනා ෆයිල් කවරය වසා දමා එය රොජර්⁣ වෙත දුන්නා. තම අතෙහි වුන තීන්ත පෑන දෙස බලා සිටි ඇවීනා එය ද රොජර් වෙත දිගු කලා.




" මම එහෙනම් ලොකු මැඩම්ට ඕන කරන දේවල් ටික ලෑස්ති කරගන්නම් ⁣පුංචි බේබි.. හවස් වෙන්න කලින් මම ආයමත් යන්න ඕනේ...!! "




" හරි... රොජර්...! "







ෆයිල් කවරයත් අතැතිව මෙඩෝනාගේ කාමරයට ඇවිද යන රොජර් දෙස ඇවීනා සෝෆාව මත හි⁣දගෙනම බලා සිටියා. හුන් තැනින් නැගිට ගත් ඇවීනා මෙඩෝනාගේ කාමරය අසළටම ගොස් දොර අසළ හුන් හෝප් හට සංඥාවක් දුන්නා. ඇවීනා මෙඩෝනාගේ කාමරය දෙස බලාසිටින විට හෝප් ඉක්මනින්ම තරප්පුපෙළ නැග දෙවන මහල වෙත ගියා. බ්ලැවැස්කි ද ඔහු පසුපසින් ගොස් නොපෙනී ගිය පසු ඇවීනා නැවතත් සෝෆාව වෙතට ඇවිද ගියා.













________________________________________

HOPE IN THE BOX || JHS || COMPLETEDWhere stories live. Discover now