03. Creepy Sound

98 37 5
                                    


රාත්‍රි ආහාරයෙන් පසුව ඇවීනා ඇගේ කාමරයට ගියේ මෙඩෝනා රෑපවාහිනි තිරය අසල ඉදගෙන ඉන්න විටයි. කාමරයේ නානකාමරයට ආපු ඇවීනා හැදසිටි ඇඳුම් උනාදමමින් වතුර මල යටට ගියා. උණුසුම් වතුර නිසා වතුර මල වටේට තිබුන වීදුරැ පුරා හුමාලය රැදිලා අපහැදිලි වෙන්න පටන් ගත්තා.

වීදුරැව පුරා ඇවීනා ඇගේ ඇඟිල්ලක් අරගෙන ගියේ අපිළිවෙල රටා වලින් වීදුරැව හැඩවෙද්දයි. විනාඩි කිහිපයකින් ඇවීනා ඇදට ගොඩ උනේ ඇය කැමතිම සුදු පාට සැහැල්ලු ගවුමත් ඇදගෙනමයි.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.





නින්ද එයා ගාවට එනකල්ම ඇවීනා කලේ ෆෝන් එක අර⁣ගෙන ඒක බලපු එකයි. ජනේල් තිර රෙදි අතරින් ⁣ගලාගෙන ආපු හද එළිය නිසා ෆෝන් එක පැත්තකට දාපු ඇවීනා ජනේලය ගාවට ඇවිදගෙන ගියා.

හමපු සීතල හුළඟින් සුදු පාට ජනේල් තිර සෙලවෙද්දි ඇවීනා එයාගේ කාමරේ බැල්කනි එකට ඇවිදගෙන ගියා. අවට සම්පුර්ණයෙන් අඳුරේ ගිලිලා තිබුනත් හද එළිය නිසා හැමදෙයක්ම පැහැදිලිව පෙනුනා. කෙලවරේම කාමරයක් තෝර ගත්ත නිසා වත්ත කෙලවරක තිබුන පොකුණ සහ ආරැක්කුව ඇවීනාට දැකගන්න පුලුවන් උනා.

විනාඩි කිහිපයක් එහෙම හිටපු ඇවීනා පුදුම උනේ තුන්වෙනි මහළට ඇදෙන කලු පාට පුංචි සමනලයෙක් නිසයි. ඒ එක්කම පහළ මහලෙන් ඇසෙමින් තිබුන රෑපවාහිනි හඬ නැති වුන නිසා ඇවීනා බැල්කනි ද්වාරය වහලා ඇවිත් ඇදට ගොඩ උනා. පුරැදු විදියටම විනාඩි කිහිපයකින් ඇවීනාට ඇහුනා එයාගේ කාමරේ දොර විවර වන හඬ.

ඇවීනා එයාගේ පොරවනයට ⁣ගුලි වෙලා නිදාගෙන ඉන්න දිහා විනාඩියකට ආසන්න කාලයක් බලන් හිටපු මෙඩෝනා ආයමත් දොර වහලා ගියාට පස්සේ ඇවීනා බොරැවට වහගෙන හිටපු එයාගේ ඇස් දෙක ඇරියා.

මෙඩෝනාව තේරැම් ගන්න උත්සහ කරනෙක නිශ්ඵල දෙයක් බව ඇවීනා දැනගෙන හිටියා. කිසිම හොඳ සම්බන්ධයක් ඒ දෙන්නා අතර නොතිබුනත් මෙඩෝනා ඇවීනා ගැන හරිම අවධානෙන් ඉන්න බව ඇවීනා දැනගෙන හිටියා. හුස්මක් පහළ හෙලපු ඇවීනා ඇස් දෙක පියාගත්තේ එයාට නිදිමත ගතියත් දැනුන හේතුවෙනුයි.










Hearing a Creepy Sound......








ඇවීනාගේ නින්ද එයාගෙන් බැහැරකට යද්දි වේලාව පාන්දර දොළහා පසුවෙලා මිනිත්තු කිහිපයක් ගෙවිලා තිබුනා. ඇවීනා එයාගේ ඇස් ඇරලා විමසිල්ලෙන් හිටියේ එයාගේ නින්දට බාධා වුන අමුතු බියජනක සංගීතයට සවන් යොමාගෙනයි. ඈතකින් ඇහෙන ඒ රිද්මය නිසා ඇවීනා කුතුහ⁣ලයෙන් පිරිලා ගියා.

ඇදෙන් බැහලා ආපු ඇවීනා එයාගේ කාමරේ දොර විවර කලේ කිසිම හඬක් නොනැගෙන අයුරින්. හඬ එන දිසාව තුන්වෙනි මහළ බව කාමරයෙන් පිටතට ආව ඇවීනාට තේරැම් ගියා. කොරිඩෝව දිගේ නිහඬව අඩි තියපු ඇවීනා තුන්වෙනි මහළට දිවෙන තරප්පු පෙළ අසළට ගියා.

සංගීතය තවත් තීව්‍රව ඇහෙන විට ඇවීනා තුන්වෙනි මහළේ තරප්පු පෙළ දිහා කුතුහලයෙන් බලන් සිටියා. සංගීත හඬ බියජනක වුවත් එය කුමක් දැයි දැනගන්න ඇයට උවමනා කලා. ඇවීනා තරප්පු පෙළ නගින්න සුදානම් වෙද්දිම පහළ මහලෙන් ඇසුන හඬ ඇයව නවතාලුවා.

පහළ මහල දෙස බලන විට ඇවීනා හට දක්නට ලැබුනේ කලබලෙන් කාමරයෙන් පිටතට ආ තම සුලුමවයි. මෙඩෝනා තරප්පු පෙළ නගින්නට පටන් ගත්විටම ඇවීනා තරප්පු පෙළට යටින් වුන ඉඩෙහි සැගවුනා.

මෙඩෝනාගේ පා⁣ ගැටෙන හඬ ඇසී විනාඩි කිහිපයකට පසු සංගීතය නතර වී ගියා. තවත් විනාඩි කිහිපයකට පසු මෙඩෝනා පහළට පැමිණෙන තෙක්ම ඇවීනා ඇගේ හුස්මත් නිහඬ කරගෙන සිටියා.






" මොකක්ද ඒ........? "








තරප්පු පෙළ බසිමින් නැවතත් තම කාමරයට ඇවිද යන මෙඩෝනා දෙස බලමින් ඇවීනා සිතන්නට වුනා. තුන්වෙනි මහළ දෙස තත්පර කිහිපයක් බලාසිටි ඇවීනා හිස ගසා නැවතත් ඇගේ කාමරය වෙතට ඇවිද ගියා.














_____________________________________




Creepy Sound from The Third Floor

HOPE IN THE BOX || JHS || COMPLETEDWhere stories live. Discover now