09. Old Latin

79 32 8
                                    

" ඔයා මගෙන් මොනවද හංගන්නේ.. ඇවීනා...? "


දොර අගුල අත්හැරි මෙඩෝනා ඇවීනාගේ දෑස් දෙසම බලමින් ඇය වෙත ඇවිද ආවා. ඇවීනා තම තිගැස්ම සගවන්නට උත්සහ කරමින් හුන් තැනින් නැගිට්ටා.


" ඇයි මේ......? "




ඇවීනාගේ මුහුණ වෙතට ළං වුන මෙඩෝනා ඇගේ තියුණු හඬින් පැවසුවා. ඇවීනා යමක් කීමට උත්සහ කලත් මෙඩෝනාගේ සීතල ග්ලවුස් වල ස්පර්ශය නළලතට දැනුනෙන් ඇය නිහඬ වුනා.


" ඔයාට පොඩි ෆීවර් එකක් වගේ..!! "


" හ්හම්... "




මෙඩෝනා ඇවීනාගේ දෑස් දෙස බලා පැවසු විට ඇවීනා අපහසුවෙන් උගුර පාදා ඇයට පිළිතුරැ දුන්නා.මෙඩෝනා තම අත ගෙන ග්ලවුසය දෙස බලා නැවතත් ඇවීනා දෙස බැලුවා.


" පහළ ෆස්ට්ඒඩ් බොක්ස් එකෙන් ඕන කරන බෙහෙත් ගන්න..! මට හදිස්සි වැඩක් තියනවා.. වොශින්ටන්වල.. තව ටිකකින් මම රොජර් එක්ක යනවා.. දවස් තුනකින් මම එනවා.. ඔයාට මේඩ් එක්ක ඉන්න වෙනවා ඇවීනා..! "


" හො...හොදයි...ඒත් හදිස්සියේම..? "




" රැල්ෆ්ගේ බිස්නස් ප්‍රොපටීස්වල පොඩි ප්‍රශ්නයක්.. ඒක ක්ලීයර් කරන්න මට යන්න වෙනවා..! "


මෙඩෝනාගේ මුවින් තම පියාගේ නම පිටවනවාත් සමඟම නිහඬව හිස වැනු ඇවීනා ඇය පසුපසින් කාමරයෙන් පිටතට ගියා.


" ඇවීනා.. ලිවින්ග් රෑම් එකේ කබඩ් එකේ දකුණු පැත්තේ ලාච්චුවේ තියන ඩොකියුමන්ට්ස් ටික අරන් එන්න.. මම ඉක්මනින් ලෑස්ති වෙලා එනවා..! "




මෙඩෝනා තම කාමරයට යන විට ඇවීනා විසිත්ත කාමරයෙහි දැවයෙන් කරවු කබඩ් එක අසළට ගියා. දකුණු පස ලාච්චුව විවර කල ඇවීනා එහි වුන ලිපිගොනු දෙස බැලුවා.

Duvart Cooperation
Ralf Duvart.



තම පියා වුන රැල්ෆ් ඩුවර්ට් යටතේ තිබුන සමාගම් ලියකියවිලි දෙස බලා සුසුමක් අත්හැරි ඇවීනා ඒ සියල්ල රැගෙන පැමිණෙන විට මෙඩෝනා කාමරයේ සිට බෑගයකුත් රැගෙන පැමිණියා.




HOPE IN THE BOX || JHS || COMPLETEDWhere stories live. Discover now