10. Strange Box

77 35 4
                                    

ඇවීනා ඇගේ රාත්‍රි ආහාරය ගත් පසුව පහළ මහලේ වුන විදුළි පහන් නිවා දැමුවා. ගිනි උඳුන අසළ ගුලි වී සිටි බ්ලැවැස්කි දෙස මදක් බලා සිටි ඇවීනා තරප්පුපෙළ වෙත ගියේ ඇගේ කාමරයට යාමටයි. දෙවනි මහලේ වුන විදුළි පහන් ද නිවා දමමින් ඇවීනා ඇගේ කාමරය වෙත ගියා.

ඇඟලා සිටි ඇඳුම් ගලවා දැමු ඇවීනා නාන කාමරය වෙත ගියේ සුවපහසු ස්නානයක් ලබාගැනීමටයි. විනාඩි කිහිපයකට පසු නානකාමරයෙන් පැමිණි ඇවීනා ඇගේ සුදු පැහැති දුහුල් රාත්‍රි ගවුම හැද⁣ගත්තා.



සැහැල්ලු හුස්මක් ලබාගත් ඇවීනා තම කාමරයෙහි වුන බැල්කනිය වෙත ඇවිද ගියා. ඇගේ සිතට දැනෙන සැහැල්ලුව නිසා මින්පෙර නොවිදි නැවුම් බවකින් ඇගේ සිත පිරි තිබුනා. තරැ නොමැති අඳුරැ අහසේ සැරසරන වලා දෙස ඇය බලා සිටියා.


" අද හදත් නෑ වගේ.... ! "




සදත් තරැත් නොමැති අමාවක අහස දෙස බලා සිටි ඇවීනා දෑස් වසාගෙන හමන සීතල සුළඟ විදගත්තා. මොහොතකට පසු ඇය දෑස් විවර කලේ සියුම් ලෙස ඇසුන තටු ගැටෙන හඬක් නිසයි. පහළ සිට පැමිණෙන කලු පැහැති පුංචි සමනලයා ඇවීනාගේ නෙත ගැටුනේ ඒ මොහොතෙයි.

සමලනයා තෙවන මහලෙන් අතුරැදහන්ව යන අයුරැ දැකගැනීමට ඇවීනා සැරසි සිටියත් සිදුවු දෙයින් ඇය විමතියට පත්වුනා.




" ඇයි මෙයා මේ පැත්තට එන්නේ...? "


කලු පැහැති සමනලයා තමා වෙතට එන විට ඇවීනා පුදුමයෙන් ඒ දෙස බලාසිටියා. ඇවීනා පසුකොට ගිය සමනලයා ඇවීනාගේ කාමරය තුළට පියඹා ගිය අතර ඇවීනා ඒ පසුපසින් ඇදුනා. ඇගේ දෙනෙත් විසල් වී හද පුදුමයෙන් පිරි ගියේ තම කාමරයෙහි සිවිලිමේ වසා සිටින කුඩා කලු පැහැති සමනලුන් දැකීමෙනි.

පුංචි සමනලයා ද සිවිලම මතින් වැසු විට ඇවීනා තම ඇද මතින් හිද ගත්තේ සිවිලිම දෙස බලාගෙනමයි.


" ඇයි..... ඒ...? "



සිවිලිම සිටින සමනලුන් දෙස බලා සිටි ඇවීනා එකවරම ඇදෙන් බිමට බැස එහා මෙහා යමින් සිතන්නට වුනා. ඇද යට තිබුනු පෙට්ටිය ඉවතට ගත් ඇවීනා එය තම ඇද ඉදිරියේ වුන මේසය මතින් උසවා තැබුවා.

" මේක කරකවන්න.. ඕනේද... !! "


පෙට්ටියේ තිබුන සීරැමාරැව දෙස බලමින් ඇවීනා පැවසුවා. මොහොතකට පසු සිවිලීමෙහි උන් කුඩා සමනලයා පහළට පියඹා එන්නට පටන් ගත්තා. ඇවීනා මේ දෙස බලා සිටින විට සමනලයා පෙට්ටිය මත වුන සලකුණ මතින් වැසුවා. දිලිසුම් නිල් පැහැති සිහින් ආලෝකයක් ඇති වි අතුරැදහන්ව ගිය පසු නැවතත් සමනලයා සිවිලිම වෙත පියඹා ගියා.

පෙට්ටිය දෙස බලා සිටි ඇවීනා මේසය අසළට ළං වුනා. තම සිතැඟි පරිදි ඇවීනා තම දකුණු අත පෙට්ටියේ සීරැමාරැව වෙත රැගෙන ගියා. සීරැමාරැව තදින් ග්‍රහණය කරගත් ඇවීනා එය කරකවන්නට පටන් ගත්තා. ඉන් නැගුණු සියුම් ලෝහ ගැටන හඬින් ඇවීනාගේ නිහඬ කාමරය පිරිගියා. වට කිහිපයකින් සීරැමාරැව සිරවුන පසුව ඇවීනා තම අත සෙමින් ලිහිල් කලා.

ඒත් සමඟම නැගුනු සියුම් වාදනය ඇවීනාව තිගැස්සුවා.

" ඒ... අර සද්දේ........!!! "


( This will give you a better feeling 🙃 )




වාදනය නිසා දැනුන තැතිගැස්ම නිසා ඇවීනා තම ඇද වෙතට ගියා. ඇද කෙලවරට ගොස් හේත්තු වුන ඇවීනා තම කොට්ටය රැගෙන අත් අතරට සිරකරගත්තා. සෙමෙන් සෙමෙන් කැරකැවෙන සීරැමාරැවත් වාදනය වන හඬටත් අවධානයෙන් ඇය පෙට්ටිය දෙස බලා සිටියා. පෙට්ටිය පුරා වුන කලු සහ සුදු පැහැති කොටු රටාවන් නිසා ඇවීනා වියවුලකින් පිරි ගියා.


වාදනයේ හඬ සියුම් වන විට සීරැමාරැවේ වේගය තවත් අඩු වී යන දෙස ඇවීනා බලා සිටියා. සෙමෙන් සෙමෙන් කැරකැවුන සීරැමාරැව සහ වාදනය නතර වුන පසු ඇවීනාට දැනුනේ ඇගේ උගුරෙහි යමක් සිරවී ඇති බවයි. ඇස්පිල්ලම් හෝ නොහෙලා පෙට්ටිය දෙස බලා සිටි ඇවීනාගේ මුවින් බිය වුන හඬක් මෙන්ම තැතිගැස්මක් ද පිටවුනේ එකවරම ශබ්ද නංවමින් විවර වුන පෙට්ටය නිසයි. පෙට්ටිය මධ්‍යයේ සලකුණ තිබුන පියන් විවරය විවෘත වී ඇති දෙස ඇවීනා තැතිගැස්මෙන් බලාසිටියා.



 පෙට්ටිය මධ්‍යයේ සලකුණ තිබුන පියන් විවරය විවෘත වී ඇති දෙස ඇවීනා තැතිගැස්මෙන් බලාසිටියා

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.









_____________________________________



HOPE IN THE BOX || JHS || COMPLETEDDonde viven las historias. Descúbrelo ahora