04. Library

88 35 5
                                    


පහුවෙනිදා පුරැදු විදියටම ඇවීනා මෙඩෝනාට මුහුණලා කෑම මේසයෙන් අසුන් ගත්තා. හැම්බේකන් එක්ක පාන් පෙති කන මෙඩෝනා සමාන්‍ය විදියටම පෙනුනත් ඇවීනා මෙඩෝනා දිහා විමසිල්ලෙන් බැලුවා. රාත්‍රියේ ඇහුන සංගීතය තුන්වෙනි මහළට ගිය මෙඩෝනා නිසා නැතවුන විදිය ගැන ඇවීනා හිටියේ ලොකු කුතුහලයකින්.

මෙඩෝනා තුන්වෙනි මහළ එයා වෙනුවෙන් තහනම් කරපු කාරණය ඇවීනාට ගැටලුවක් වුනා.



" ච්හ්..........! "



මෙඩෝනාගේ මුවින් පිට වෙද්දි ඇවීනා හිස උසවලා එයා දිහා බැලුවා. මෙඩෝනාගේ අත් ග්ලවුස්වල බැටර් ස්වල්පයක් තැවරී තිබුන නිසා මෙඩෝනා මුහුණ හකුලුවාගෙන ඒ දෙස බලන් සිටියා. නමුත් තත්පර කිහිපයකින් වෙනස් වුන මෙඩෝනා ඇගේ ආහාර නැවතත් ලබාගත්තා.



උදෑසන ආහා⁣රයෙන් පසුව මෙඩෝනා කෑම මේසයෙන් නැගිට ගියේ හැදි සිටි ඇගේ කලු පැහැති දිගු ගවුමත් සකසා ගෙනමයි. ඇය කාමරය වෙත ගිය පසු මන්දිරයේ සීනුව නාද වුන නිසා ඇවීනා ඇතුලු වීම් ද්වාරය වෙත ඇවිද ගියා.





" පුංචි බේබි... ලොකු මැඩම්ට කියනවද... වත්ත සුද්ද කරන අය ඇවිත් කියලා.......!! "







" මම එනවා රොජර්..........!!! "




ඇවීනා පිළිතුරක් බදින්නත් කලින්ම මෙඩෝනා ඉදිරියට ආවේ වෙනස් කරගත්තු අත් ග්ලවුස් සකසන ගමන්මයි. ඇවීනා ඒ දෙස බලාගෙනම මෙඩෝනාට ඉඩ දුන්නේ පිටතට යාමටයි. රොජර් සමඟ පිටතට ගිය මෙඩෝනා වත්ත පුරා යමින් මිනිසුන් කිහිප දෙනෙකු සමඟ සංවාදයේ යෙදෙන දිහා ඇවීනා ජනේල් තිර රෙදි මෑත් කරමින් බලාසිටියා.


මන්දිරය වෙතට ආපසු හැරැනු ඇවීනා මන්දිරය පුරා නෙතු යවමින් ඇවිද ගියා. ගෘහ භාණ්ඩ සහ බිත්ති සැරසිලි දෙස බලමින් ඇවීනා පහළ මාලය පුරා ඇවිද ගියා. ඇගේ පාද ඉන් පළමුවම නැවතුනේ එහි වුන පුස්තකාලය අසළයි.


පුස්තකාලය වෙත ගිය ඇවීනා ජනේල් තිර රෙදි මෑත් කර ඒවා විවර කරත් එහි වුන අඳුර මුලුමනින්ම පලවා හරින්නට නොහැකි උනා. පොත් කියවීමට යම් කැමැත්තක් දැක්වු ඇවීනා එහි වුන පැරණි පොත් ගෙන පෙරලන්නට පටන් ගත්තා. පහළ රාක්කවල තිබුන ඈ සිත්ගත් පොත් කිහිපය ⁣ඇවීනා එහි වුන මේසය මතින් තබාගත්තා. අසල වුන රෙදිකඩ ගෙන පොත්මත වැටි තිබුන දුහුවිලි තට්ටු ඇය විසින් පිහිදන්නට පටන් ගත්තා.



දුහුවිලි නිසා ඇති වුන කිවිසුම ඇගේ හිස එසවීමට සමත් උනා. පුස්තකාල ද්වාරය තුළින් ඇයට දක්නට ලැබුනේ ඈ දෙස බලා සිටින මෙඩෝනාවයි. ඇවිනාගේ දෑස් දෙස මදක් බලා සිටි මෙඩෝනා පිටව ගිය පසු ඇවීනා නැවතත් පොත් පිසලීම ඇරඹුවා.

තෝරාගත් පොත් පිසලා අවසන් වුන පසුව ඇවීනාගේ දෑස් රැදුනේ කුඩා තරප්පු පෙළින් දිව යන ඉහළින් වුන පොත් රාක්ක වෙතටයි. ඇය තරප්පු පෙළ නැග ඉහළ තට්ටුව වෙත පැමිණෙන්නේ එහි වුන පොත්ද බැලීමේ අදහසිනි.

ඉනුත් පොත් කිහිපයක් තෝරා ගන්නට ඇවීනා සමත් වුවත් ඈ හට මදක් ඉහළින් වුන පොතක් ගැනීමට ඇයට මහත් පරිශ්‍රමයක් දරන්නට වුනා. පා ඇඟිලි තුඩුවලින් එසවුන ඇවීනා ඇගේ දෑතේ ඇඟිලි තුඩු වලින් පොත අල්ලා ගැනීමට උත්සහ කලත් ඊට අනික් පසින් වුන තරමක් විසල් පැරණි පොතක් බිම පතිත වන්නේ එහි තිබුන නිහඬබව මුලුමනින්ම බිද දමමිනුයි.





" ආශ්.........! "




! "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.







බිම වැටී තිබුන පොත ඇවීනා ඇගේ අත්වලට ගත්තා. මින් පෙර නොදුටු සලකුණක් සහිත පැරණි පොත් කවරය දෙස බලා සිටි ඇවිනා එය තිබුනු තැන නොසලකමින් රාක්කයෙහි ළගම තැනකින් තබා පහළට බැස ගියා. තෝරාගත් පොත් කිහිපයත් සමඟ ඇවීනා තම කාමරයට ඇවිද ගියේ ජනේලය අසල පුටුවක අසුන් ගෙන සිටි මෙඩෝනා වත්ත පිරිසිදු කරන පිරිස දෙස බලාසිටින විටයි.













_____________________________________



HOPE IN THE BOX || JHS || COMPLETEDWhere stories live. Discover now