08

981 230 107
                                    

දෙයියනේ...මන් මෝක්ශ යාලු ත් ඇදගෙන ආය වොශ් රූම් එකෙන් එළියට පැන්නා.

චූ බර හැදුන මම යාලුත් ඇඳගෙන ලයිට් දාලා තිබුන වොශ් රූම් එකට යද්දී ඉමල්ක අයියා ජනීශ අයියව බිත්තියට හේත්තු කරගෙන ජනීශ අයියගෙ කට හපාගෙන ජනීශ අයියව මරන්න හදනවා.ජනීශ අයියා ජීවිතේ බේරගන්න හුස්ම අල්ල අල්ල ඉමල්ක අයියගෙ කොන්ඩෙන් ඇඳලා එයාව අයින් කරන්න හදනවා.
ඉමල්ක අයියා ජනීශ අයියට නපුරුකම් කරනවා කියල මට මුල ඉඳලම හිතුනා.එක දවසක් බත් බෙදාගන්න පෝළිමේ ඉද්දී ජනීශ අයියගෙ පස්ස පැත්තටත් හයියෙන් පාරක් ගැහුවා.ඒත් මන් හිතුවෙ නෑ හුස්ම හිරකරලා මරන්න තරම් ඒ දෙන්නා අතරෙ තරහක් ඇතියි කියලා.

"යාලු ඔයා ටෝච් එකෙන් ගහගෙන ගහගෙන යන්න පිට මැදට.මන් හපාගෙන හපාගෙන යන්නම්"

"හරි යාලු"

අපි දෙන්නා සද්දෙ ඇහෙන් නැති වෙන්න පහකුත් ගහලා මාපට ඇඟිල්ල උස්සලා ෆිට් එකකුත් පෙන්නලා ආයෙත් හෙමින් හෙමින් වොශ් රූම් එකට ගියා.


ඉමල්කයෝ අද උබෙ අවසානෙ.උබලා වගේ මැරයො නිසා අපිටත් මේ හොස්ටල් එකේ නිදහසේ ඉන්න බැරි වෙයි.

""ආ.........ඕ.......හයියේ....මා..........""

අපි දෙන්නම එකටම අපේ සටන් පාඨෙත් කියාගෙන කෑ ගහගෙන ඇතුළට ගිහින් ඉමල්ක මැරයව ඇදලා ගත්තා.මෝක්ශ ටෝච් එකෙන් ඉමල්ක මැරයගෙ පිට මැදට ටෑල් ටෑල් ගාලා ගහහෙන ගහගෙන යද්දී ...මන් ඉමල්ක මැරයගෙ අතක් ඇරන් හපා.......ගෙන හිටියා.

"ආ..ව්ව්ව්ව්....මොන හුත්තක්ද..අතෑරපන් පොඩි එකෝ..ආව්ව්ව්..යකෝ මුන්ව අයින් කරපන්කො බලන් ඉන්නෙ නැතුව"

ඉමල්ක මැරයා එහෙම කිය කිය බෙරිහන් දෙද්දී ජනීශ අයියා මාවයි මෝක්ශ යාලු වයි අයින් කරා.

"අපි කියනවා මිස්ට තමුසෙ ජනීශ අයියව මරන්න ගියා කියලා"

මෝක්ශ එහෙම කියලා කෑ ගහද්දී අපි දෙන්නම ඇස් කොනෙන් අපි දෙන්නා දිහා බලල ආයෙත් වැඩේ පටන් ගමු කියලා ඉඟියක් දුන්නා.

""ආ........ඕ......හයියේ.......මා......"''

අපි දෙන්නා අපෙ සටන් පාඨේ කියලා ආයෙත් ඉමල්ක මැරයව අඩපණ කරන්න පටන් ගත්තා.

SOULMATE(Completed)Where stories live. Discover now