44

707 194 98
                                    

"ජනාධිපති මැරුණා...එතන මලක් පිපුනා....ඒ ම ල මො න පා ට ද?"

"රතු පාටයි"

"රතු කිකිළි දත් මැද මැද දීසි දෙකට බත් බෙද බෙද ඊ සා නි ඊ ළ ‍ඟ වෙ ලා ව කී ය ද?"

"එකයි."

මන් සාලෙ පුටුවකින් වාඩිවෙලා බලගෙන හිටියේ සුන්දරයයි අපෙ මල්ලියි කෑ ගගහ කරන සෙල්ලම දිහා.අපෙ මල්ලි තාමත් පොඩි එකෙක් වගේනෙ.අපෙ එකාගෙයි සුන්දරගෙයි අත් දෙක බිම තියාගෙන, අපෙ එකා මායම් වෙලා වගේ කෑ  ගගහ රතු කිකිළිගෙ පාටයි, ඊසානිගෙන් වෙලාවකුයි අහද්දී සුන්දරයත් ඌටම හරියන එකා වගේ උත්තර දෙනවා.










"චූටි අයියේ..... මේ සුදු අයියා මගෙ අතට හයියෙන් ගහනවා.."

සුන්දරයා අඬාගෙන මගෙ ළඟට එද්දී අපෙ මල්ලි සුන්දරයාගෙ කටේ තිබ්බ ලොලිපොප් එක උඳුරලා ඇරන් එළියට විසි කරා.

"මොකක්ද උබ ඒ කරේ?"

"තමුසෙගෙ නෙවෙයිනෙ උබ හිටපන්කො පාඩුවේ.තමුසෙ මෙතන එක එක තැන්වල ඉඳලා ඇවිත් මෙච්චර කල් ගෙදර ඉන්න මට පාට් දාන්න එපා.උබගෙ හොර වැඩේ මන් කියනවා අම්මට ඉඳපන්කො අයියේ."

සුන්දර හූ තිය තිය අඬ අඬ මිදුලට දුවගෙන ගිහින් බිම තිබ්බ ලොලිපොප් එක වටේට ඇලිලා තිබ්බ වැලි අයින් කර කර ඉද්දී මන් අපෙ මල්ලිගෙ පිට මැදට සෙරප්පුවකින් පාරක් ගහලා මොකක්ද කරේ කියලා ඇහුවම ඌ මගෙ හොර වැඩක් ගැන කියාගෙන ඒ සෙරෙප්පුවෙන්ම මගෙ ඔලුවට ගැහුවා.

"මල්ලි මේ උබට කියන්නෑ ආය.උබ මල්ලි නම් ඒ විදිහට ඉඳපන්."

මන් ආයෙත් ඒ සෙරෙප්පුවම මල්ලිගෙ ඔලුවට වැදෙන්න විසි කරලා කෑ ගැහුවම මල්ලි ස්ටූල් එක උඩ තිබ්බ මගෙ ෆෝන් එකත් ඇරන්, ඒ වෙලාවෙම වගේ ගෙදරට ආව තාත්තව හොයාගෙන කාමරේට දිව්වා.

"දීපන් ෆෝන් එක.උබට ෆෝන් එකක් නෑ කියලා ඉරිසියාවද..හැබැයි ඕක වට්ටපන් බලන්න.."

මාත් කෑ ගහගෙන මල්ලිගෙ පස්සෙන් දුවගෙන යද්දී මල්ලි තාත්තා හිටිය කාමරේට ගිහින් දොර වහගත්තා.

මූ මගෙ ෆෝන් එක ඇරන් මොනා කරන්නද හදන්නෙ ඒ පාර.කමක් නෑ ලොක් එක දන්නෑනේ.

SOULMATE(Completed)Where stories live. Discover now