61

745 182 40
                                    

"ම්හ්හ්ම්.."

"අයියේ.... අයියේ......අම්මේ...........දුවගෙන එන්ඩෝ.....අලුත් අයියට පණ ආවා...."

ලාවට ලාවට මන් දඟලලා ඇස් අරිද්දිම වගේ කණ එහාපැත්තෙන්ම කවුදෝ හූ තියන්න පටන් ගත්ත නිසා මන් බෙල්ල ටිකක් උස්සලා කවුද කියලා බැලුවම හිටියෙ ටිපි ටිප් කොල්ලා.

ලාවට ලාවට මන් දඟලලා ඇස් අරිද්දිම වගේ කණ එහාපැත්තෙන්ම කවුදෝ හූ තියන්න පටන් ගත්ත නිසා මන් බෙල්ල ටිකක් උස්සලා කවුද කියලා බැලුවම හිටියෙ ටිපි ටිප් කොල්ලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"මේ..මේ... කො..කො..හෙද බබා?

"මේ අපෙ ගෙදර."

"මෝ..මෝක්ශ...මෝක්ශ...."

"ඒ මගෙ අ..."

"කෝ එයා..එයාව එක්ක එන්න..ඉක්මනට..ම..මට එයාව බලන්න ඕනි..."

මන් ටිපි ටිප් කොල්ලව හොල්ල හොල්ල කෑ ගහන්න ගත්තම එක පාරම කාමරේ දොර ඇරුනේ මන්  අවුරුදු ගානක් බලාපොරොත්තු වුන මූන ඇතුළට එද්දී.

"සුදු මැණික ගිහින් හොඳ ළමයා වගේ අම්මට උයන දිහා බලන් ඉන්න."

"මන් පොල් ගාන්නද අයියේ අද?"

"ඔයාට තවම බෑනෙ..ඉස්සෙල්ලා බලන් ඉන්නකෝ."

"හා.........ඊට පස්සෙ මට පොල් ගාන්න කියලා දෙනෝද.."

"ඔව් ඔව්.."

ඒ..... ඒ.....සුදු මැණිකද... අර ඉස්සර හිටිය පොඩි කොල්ලද..වචනයක් වත් කියාගන්න බැරුව තැටමුව පොඩි කොල්ලද.. ඒ කොල්ලද දැන් වෙඩිල්ල වගේ කියවන්නෙ මේ..ඇයි දෙයියනේ මට අඳුරගන්න බැරිවුනේ..

මන් ඇස් වල කඳුලු ත් පුරවගෙන සුදු මැණික දිහා බලද්දී සුදු මැණික කාමරෙන් එළියට දිව්වම මෝක්ශ දොරත් වහගෙන මගෙ ළඟට ආවා.

"මෙතීශ..."

ඇඳෙන් වාඩිවෙලා මාව බදාගත්ත මෝක්ශ හයියෙන් අඬන්න පටන් ගනිද්දී..සතුට වැඩිකමට මන් ඊටත් වඩා හයියෙන් අඬ අඬම මෝක්ශගෙ පපුවට ගුලි වුනා.

SOULMATE(Completed)Where stories live. Discover now