49

744 183 67
                                    


"මොකද කිව්වේ මෝක්ශ? "

"බාර් එකෙයි හොටෙල් එකෙයි වේකන්සි දෙකක් තියෙනවලු."

"පබ් එක මේ ළඟද?"

"දන්නෑ හෙට ගිහින් බලමු."

මෝක්ශ අශාන් අයියලගෙ ගෙදරට ගිහින් එද්දී මන් ඇහුවේ අයියා හොයලා දෙනවයි කිව්ව ජොබ් එක ගැන.අශාන් අයියගෙ යාලුවෙක්ගෙ යාලුවෙක් වැඩ කරපු පබ් එකක කලින් හිටිය වේටර්ස්ලා තුන්දෙනෙක්ම අයින්  වුන නිසා එතනින් දෙකකට යන්න අපිටත් පුලුවන් වුනා.

"හොටෙල් එකේ රෑ දොළහ, දොළහයි තිහ වගේ වෙනකම් වැඩ කිව්වා.බාර් එකෙ පාන්දර වෙනකන්."

මෝක්ශ එහෙම කිව්වම මන් එක එක දේවල් හිත හිත ඇවිත් මෝක්ශට හේත්තුවක් දාගත්තා.

"සැලරිය කොහොමද ළමයෝ ?"

මන් පෑනකුත් කටේ ගහගෙන එහෙම ඇහුවම මෝක්ශගෙ කණක ඉඳන් රතු වීගෙන යන්න පටන් ගත්තා.

"කිව්වේ තිස් පන්දාහයි කියලා.වැඩේ හරියට අල්ලගන්න පුලුවන් වුනොත් හතළිස්දාහයි."

"එතකොට ගෙදර කුලිය තිස් දාහයි.නේද බබා?"

මන් එහෙම අහද්දී මෝක්ශ මූනත් අමුතු විදිහකට හදාගෙන මගෙ දිහා බලන් ඉඳලා ඔව් කියන්න ඔලුව වැනුවා.

"හතළිස් දාහයි හතළිස් දාහයි අසූ දාහයි..අසු දාහෙන් තිස් දාහක් ගියාම පනස් දාහයි..පනස් දාහෙන් තමයි වතුර බිල්, ලයිට් බිල්, ගෙදරට ඕනි බඩු ගන්න වෙන්නෙ.."

මන් හයියෙන් කියව කියව කොළ කෑල්ලක ලියද්දී මෝක්ශත් ඇවිත් එබෙන්න පටන් ගත්තා.

"අපි කීයක් හරි ඉතුරු කරමු නේද පැටියෝ.අපි දෙන්නගෙ හෙට දවස වෙනුවෙන්."

"පිස්සුද මන්දා."

"ඉතිරි කරන පිස්සුවක් වෙන්නෙ කොහොමද මැණික."

"නෑ මන් කිව්වෙ මේ තමුසෙ ඇට පිටින් ගහලා වගේ කතාකරන නිසා."

"ඔව්. තමුසෙට මන් ආදරෙන් කතා කරොත් තමයි වැරදි.ආය නම් මගෙන් ආදරයක් බලාපොරොත්තු වෙන්න එපා

මන් අතේ තිබ්බ පෑන මෝක්ශ ගෙ ඔලුවෙ වඳින්නම විසි කරලා එළියට ආවේ අශාන් අයියලගෙ ගෙදරට යන්න හිතාගෙන.ජොබ් එක ගැන තව චුට්ටක් දැන ගන්න ඕනි.කුතුහලේනේ.

SOULMATE(Completed)Where stories live. Discover now