41

907 198 113
                                    

"මෝක්ශ මල්ලි..."

"තවම නිදිද..."

"මෝක්ශ මල්ලී.."

"මල්ලී ..."

හීනෙන් වගේ ඇහුන කටහඬත් එක්කම මන් ඇස්  ඇරලා කාමරේ දිහා බැලුවා. ඒත් එක්කම මෝක්ශ කඩාගෙන බිඳගෙන දොරත් ඇරන් එළියට දුවන්න ගිහින් ආයෙ ඇඳුමක් නෑ කියලා මතක් වෙලා බිම වැටිලා තිබ්බ කලිසමත් ඇඳ ඇඳම එළියට දිව්වා.

ආ අර කෑම ගෙනත් දෙන්න එනවා කියපු අක්කා වෙන්න ඇති.

මෝක්ශගෙ ඇඟ නිකන් බතික් කරා වගේනෙ.අර එනවයි කිව්ව අක්කා බැඳපු කෙනෙක්ද දන්නෑ.මන් කොට්ටෙ අස්සෙ තිබ්බ ෆෝන් එක ඇරන් වෙලාව බැලුවා.දෙයියනෙ දැන් ඉතින් දවල්ට කෑවා වගේ තමයි..පුදුම බඩගින්නක්නෙ දෙයියනේ දැනෙන්නෙ.

ටික වෙලාවකින් ආයෙත් මෝක්ශ කාමරේ ඇතුළට එද්දී මන් ඇස් දෙකත් තද කරලා පියාගෙන නිදි වගේ හිටියා.

මෝක්ශ ඇඳේ දිගා වෙලා හිමින් හිමින් මන් නිදිද බලන්න මගෙ කණ අතගාද්දී මන් බොරුවට ටිකක් දැඟලුවාම මෝක්ශත් ආයෙත් නිදි වගේ හෙල්ලෙන්නෙ වත් නැතුව හිටියා.

විනාඩි පහළවක් විතර දෙන්නම බොරුවට වගේ නිදාගෙන ඉඳලා අන්තිමට මෝක්ශ නැගිටලා ඇඳ උඩින් වාඩිවුනා.

"ම්ම් මේ...මෙතීශ."

"මෙතීශ.."

මෝක්ශ හෙමීට හෙමීට මට කතා කරද්දී මන් හෙමීට ඇස් ඇරියා.ඊයේ රෑ වුන දේවල් ටික පෝළිමට මතක් වෙද්දී තොල් දෙකත් හපාගෙන උඩ බැලුවා.

දමාගෙන කරා වගේ නෙවෙයි දැන් කොහොමද අපි දෙන්නා මූනෙන් මූන බලන්නෙ දෙයියනේ..ශික්කේ..........මාව ලැජ්ජාවට දියවෙලා වැක්කෙරනවා..

"ම්..මේ..අර අක්කා කෑම ගෙනාවා..මේ....මන් ඔයාට කිරි එකක් හදන් එන්නද?"

"ම්ම්..හ..හා..හා.."

මෝක්ශ ආයෙත් එළියට යද්දී මන් කොට්ටෙ ඇරගෙන ගහගෙන ගහගෙන ගියේ ආපු ලැජ්ජාවට.අයියෝ.....හැම මනුස්සයෙක්ටම මේක කරාම මේ වගේද දන්නෑ උදේට.

මෝක්ශ එන්න කලින් බිමට නැමිලා මගෙ කලිසම ඇරන් බස බස ගාලා ඇඳගෙන ආයෙත් කලින් වගේම හාන්සි වුනා.

SOULMATE(Completed)Where stories live. Discover now