64

810 188 103
                                    

"මේකද?"

"ඔව් ඔව්.ඔතනින් නවත්තන්න.අද නම් බැනුම් අහගන්න වෙන්නෙ බැනුම්."

"ඇයි මෙතීශ මන් තමුසෙට කිව්වේ නිවාඩු දාපන් කියලා."

"දැම්ම එකනම් දැම්මා.ඒ මොක දැම්මත් නිවාඩු නොදා යන්න බැරිවුණ දවසට හරියන්න බැනුම් අහන්න එපැයි."

මන් මෝක්ශත් එක්ක කියව කියවම කාර් එකෙන් බැහැලා යන්න හදද්දී මෝක්ශ මාව ඇඳලා ඇරගෙන නළලට හාදුවක් දුන්නේ මට හිනාවක් එද්දී.

"පරිස්සමින් ගිහින් එන්න..චූටික්කි මැණිකෙ.."

"ආහ්..??"

"චූ ටි ක් කි  මැ ණි කේ"

"ඔයත් පරිස්සමෙන් ගිහින් එන්න මගෙ මෝක්ශ ඇටයෝ."

මන් මෝක්ශ යනකම් ඉඳලා ඔෆිස් එක ඇතුළට ආවේ අචින්ත අත් දෙකත් බැඳගෙන මගෙ දිහා බලන් ඉද්දී.

"ආ හා හා..මන් දැක්කා..ඉතින්...."

"එහෙම තමයි අපිටත් හරියනවනෙ."

"අඩෝ අඩෝ..හරියන එක කෙසේ වෙතත් වැඩ ගොඩ ගැහිලා මචෝ.ඒ ඔක්කොම පැත්තකින් තියලා මට මොනාහරි ඇරන් දියන් සතුටට.ඌ මොනාද කරන්නෙ බන්.මෙහෙද වැඩ?"

"ඌ නෙවෙයි මෝක්ශ..මෙහෙ තමයි වැඩ."

"දැන් ගෙදරින් අවුලක් නැද්ද ?"

"ලාවට ශේප්."

"ඔව් බන්.දැන් ඕවා සාමාන්‍ය දේවල් නෙ.."

නාව දවස් වලටත් හරියන්න වැඩ ගොඩගැහිලා තියෙද්දී හවස් වෙනකම්ම ෆයිල් අස්සෙ අතරමං වෙලා ඉඳලා ඔලුව ඉස්සුව ගමන් කෝල් එකක් ආවේ ඔසදගෙන්.

"ආ ඔසඳයා.."

"මේ මිතුනා හොස්පිට්ල් එකේ මචන්."

"මො..මොකක්..ඇ..ඇයි මචන් මොනා වෙලාද?"

"මූ මේ දවස් ටිකේ හිතේ අමාරුවෙන් ඉඳලා තියෙන්නෙ.අර අක්කි කියන එකිත් මූව දාලා ගිහින්ලු.මූ අපිට මොකුත් කියන්නෙත් නෑ..අද හවස බාතෲම් එකේ ලිස්සලා වැටිලා ඔලුව වැඳිලා.අම්මලත් මෙහෙ නෙවෙයිනෙ..මූ විතරනෙ තනියෙන් ඉන්නෙ..ඊට පස්සෙ මූ නැවතිලා හිටිය ගෙදර  මල්ලි කෙනෙක් හොස්පිට්ල් ගෙනත් දාලා.මගෙ නම්බර් එකට කෝල් එකක් ඇරන් කිව්වා."

SOULMATE(Completed)Where stories live. Discover now