19

900 226 41
                                    

"මොකුත් කියන්නෑනෙ එහෙනම් මන් යන්නම්.ඔන්න යනවා..ගියා.."

මෝක්ශ අඬන්නෙත් නැතුව,මොකුත් කියන්නෙත් නැතුව ඔහේ ඈත බලාගෙන ඉද්දී මන් බොරුවට යන්න වගේ අනිත් පැත්ත හැරිලා අඩියක් තිබ්බා.

"එපා."

"එහෙනම් ඉතින් මොකක්ද ඔය වුනේ කියලා මට කියන්න බැරිද? ඇයි ඔයාට ඔය අඬාගන්න බැරි.. මන් ඉන්න නිසා ලැජ්ජයිද..ඉස්සර තමයි ගස් උඩ බඩ ගාගෙන පේර කොළ වලිනුත් ගගහ අඬන්නෙ.මන් කිව්වෙ, ඔයා නම් හොඳටම වෙනස් වෙලා."

ඒක කියලා කටගන්න උනේ නෑ හොස්ටල් එක ඇතුළට යන්න කියලා හිතාගෙන ඒ පැත්තට,මෝක්ශගෙ පැත්තටයි දෙකටම හරියන විදිහට ඇලේට හැරිලා හිටිය මාව ඇඳලා ඇරගෙන බඩට මූන හේත්තු කරගෙන අඬන්න පටන් ගත්තා.

මන් අඬලා ඉවර වෙනකම්ම සද්ද නැතුව ඔලුව අතගෑවා.

"ඇයි ඇඬුවෙ?"

"අම්මා හොස්පිට්ල් නවත්තලාලු."

"අම්මා ඉක්මනටම ගෙදර යයි. තේරුනාද?"

"මට අම්මව ගොඩක් මතක් වෙනවා මෙතීශ.ගෙදර ගිය කාලයක් මතක නෑ.අපි එයාලගෙන් කොච්චර ඈතයිද.ඕනම කාලෙ එයාලා ළඟ අපි නෑ,අපි ළඟ එයාල නෑ.කොච්චර හිනා වෙවී හිටියත් මට හැමතිස්සෙම ගෙදර මතක් වෙනවා.මට ගෙදර යන්න ඕන මෙතීශ.... මට ගෙදර යන්න ඕනි.අම්මව බලන්න,තාත්තව බලන්න මට ගෙදර යන්න ඕනි.මට මේ ජීවිතේ ඇති වෙලා වෙලාවකට.එහෙටයි මෙහෙටයි.නිවාඩුවකට නිදහසෙ ඉන්න කියල ගෙදර ගියාට බයේ ඉන්නෙ නිවාඩු දවස් ටික ඉක්මනට ඉවර වෙලා යයි කියලා."

"එහෙම තමයි මෝක්ශ.හැම කෙනාටම හැමදේම ලැබෙන්නේ නෑනෙ.හැමකෙනෙක්ටම හැමදේම නොලැබෙන්නෙත් නෑ.අපි ඉන්න කාලෙ අම්මා තාත්තා එක්ක සතුටින් ඉමු,එයාලට ආදරේ කරමු.තව ටික කාලයයිනෙ..ඊට පස්සෙ මාස ගානක්ම ගෙදරනේ ඒලෙවල් කරනකන්.හිතන්නකො පොඩ්ඩක් හස්තික ගැන.හස්තිකගෙ තාත්තා නැති වුනේ පොඩි කාලෙමයි.ඌ පොඩි කාලෙ ඉඳලම  තාත්තට වඳින ගාථාව කියද්දී අඬනවා.අදටත් ඌ අඬනවා.හැබැයි පොඩි කාලෙ වගේ ඉකි ගගහ අඬන්නෑ.
මොන මනුස්සයගෙ උනත් හිතේ මොන විදිහක හරි දුකක් තියෙනවා මෝක්ශ.ඒක තමයි ජීවිතේ.දුක,සතුට දෙකම දැනෙන්න ඕනා. ඒ දෙකම ලැබෙන මිනිහගෙ ජීවිතේ තමයි සර්වසම්පූර්ණයි කියන්නෙ.මනුස්සයෙක් උනාම ගොඩ එන්න කට්ටක් කාලම තියෙන්න ඕනා,බඩගින්න දැනෙන්න ඕන,හති වැටෙන්න ඕන, එතකොට තමයි ඒ මනුස්සයට තව මනුස්සයෙක්ගෙ දුකක් තේරෙන්නෙ.ඈතින් ඉන්න ඉන්න වෙන්නෙ ආදරේ වැඩිවෙන එක මෝක්ශ.ළඟින් ඉද්දී ආදරේ නෑ කියනවා නෙවෙයි.ඒත් ඈතින් ඉද්දී දැනෙන ආදරේ ඊට වඩා වෙනස්.තේරුනාද?"

SOULMATE(Completed)Where stories live. Discover now