"මෝක්ශ අයියා..ඔයාට හශේල් අයියා වොලිබෝල් ප්‍රැක්ටිස් එන්න කිව්වා."
අපි පන්තියට වෙලා ඉද්දී උදේ දහයට වගේ මල්ලි කෙනෙක් ඇවිත් මෝක්ශට එහෙම කිව්වම මෝක්ශ නැගිටලා ගියා.
"අපිත් යමුද මිතුනයා උගන්නන්නෙත් නෑනෙ දැන්."
මෝක්ශ ගිහින් ටික වෙලාවකට පස්සෙ අපිත් ගියා ග්‍රවුන්ඩ් එකට.දැන් ඔසදත් අපෙත් එක්කමයි.සිරික්කියා අලුතින් ආපු නිසා සිරික්කියාට හවුස් එකක් තිබුනෙත් නෑ.මිතුනා යන යන තැනට ඔසදවත් ඇදගෙන යනවා.
අපි යද්දිත් මෝක්ශයි තව කොල්ලො ටිකක් එක්ක කට්ට අව්වෙ වොලිබෝල් ප්‍රැක්ටිස් කරනවා.මිතුනයාට හොඳට දුවන්න පුලුවන් නිසා ඌ හැම සැරේකම ඒවට ගියා.මෝක්ශත් නවය වසරෙ ඉඳන්ම වොලිබෝල් වලට ගියා.මම ගොඩක් වෙලාවට එල්ලෙ මැච් වලට තමයි.
"ස්ස් ස්ස්"
මන් ග්‍රවුන්ඩ් එකේ පැත්තකින් ඉඳගෙන මෝක්ශට පොඩි චූස් පාරක් දැම්මම මූ බලලත් දැක්කෙ නෑ වගේ ආය ප්‍රැක්ටිස් කරන්න පටන් ගත්තා.මුගෙ ලොකුකම.දෙන්න හිතෙනවා පයින්.
"මෝක්ශයා කමෝන් කමෝන්.. කමෝන්.."
මන් අත්පුඩි ගගහා කෑ ගහද්දී එතන ප්‍රැක්ටිස් වෙවී හිටපු කොල්ලො ටිකත් මේ පැත්ත බැලුවා.මූට තමයි බලන්න බැරි.බූරුවා.
"ආආව්ව්..."
කවුදෝ කොල්ලෙක් බෝලෙට දුන්න ශොට් එකකට ඒක කෙලින්ම ඇවිත් මිතුනගෙ ඔලුව උඩට වැටුනා.
"සොරි මල්ලි."
"මිතුනා ගිහින් අයිස් කැටයක් තියාගෙන එමු."
වොලිබෝලෙ නිසා ඒක ඒ තරම් අවුලක් වුනේ නැතත් මන් මෝක්ශට පේන්න මිතුනවත් ඇදගෙන කැන්ටින් එක පැත්තට දුවගෙන ආවා.
"ආ...අන්න අරුත් ඒ පාර වොලිබෝල් ගහනවා."
අපි ආය එද්දි පැත්තකින් වාඩි වෙලා හිටිය ඔසදත් ගිහින් වොලිබෝල් ගහනවා.
"ඔසදට හොඳට වොලිබෝල් ප්ලේ කරන්න පුලුවන් නෙ."
"ඔව් මෙතීශ මන් කලින් ඉස්කොලෙත් සෙල්ලම් කරා."
YOU ARE READING
SOULMATE(Completed)
Fanfictionඅයිතියක් තියෙනවනම් ලැබෙනවමයි.. හරිම තැනදී හොඳම වෙලාවෙදී ගැළපෙනම කෙනාට (උපුටා ගැනීම තහනම්.)