27

887 227 90
                                    

මෝක්ශ ඇවිත් දවස් හතරකට පස්සෙ මෝක්ශගෙ අම්මා ආයෙත් එන්න කියලා කතා කරපු නිසා මමයි මෝක්ශයි අද උදෙන්ම යන්න ලෑස්ති වුනා.

මල්ලිත් එන්න ඕන කියලා අඬලා අඬලා තාත්තගෙනුත් ගුටියක් කාගෙන ගේ ඇතුළට දිව්වා.

"පුතා එහෙනම් පරිස්සමට යන්න දෙන්නම.ගිහින් කෝල් එකක් ගන්න.මිනිස්සු දෙන මොකුත් කන්න යන්න එහෙම එපා."

"අයියෝ හරි හරි තාත්තා.."

"අපි ගිහින් එන්නම් අන්කල්"

අපි දෙන්නම බස් එකට නැඟලා දෙකේ සීට් එකක වාඩිවුනා.මන් ආපු ගමන් මොක්ශවත් තල්ලු කරහෙන පැනගෙන ගියේ ජනෙලේ ළඟට.දැං හුළං වැදි වැදී යන්න පුලුවන්.

මේ මෝක්ශත් එක්ක බස් එකක යන  පලවෙනි වතාව.ආතල් එකේ යන්න ඕනි.සෙල්ෆියක් ගැහුවනම් හරි මතක් වෙන්න තියාගන්න.මන් පාවිච්චි කරේ අම්මගෙ ෆෝන් එක නිසා ඒක අම්මට දීලා ආවා.මගෙ බෑග් එකෙ තිබුන මෝක්ශගෙ ෆෝන් එක මන් එළියට ගත්තා.

"ඒ පොඩ්ඩක් හිනාවෙලා බලන්න."

තාමත් බස් එක නවත්තලා තිබුන නිසා වැඩිය මිනිස්සුත් නැති එකේ මන් ෆෝන් එකත් ඉස්සරහට දික් කරගෙන මෝක්ශගෙ මූනට මූනත් ළං කරගෙන ලස්සන හිනාවක් දාගෙන ෆොටෝ එකක් ගැහුවා.

"මොකද අනේ හිනා වෙන්න බැරි.මේ බලනවා මේ ෆොටෝ එකේ නිකන් අඳුරු බලවේගයක් ඉන්නවා වගේනෙ."

"ම්හ්"

"ආ? ආයෙත් ෆොටෝ එකක් ගහමු."

ඒ පාර නම් මෝක්ශගෙ මූනෙ යන්තම් හිනාවක් ගියා.ෆොටෝ දෙකටම බස් එක ඇතුළෙ ඉඳන් එඩිට් පාරකුත් දැම්මා.

ටංට ටාං...යටින් හාර්ට් එකකුත් දාලා ෆොටෝ දෙක ස්ටේටස් දැම්මා.

"මේ තව එකක් ගහමුකෝ."

මන් මෝක්ශගෙ කම්මුලටත් උම්මා එකක් දීගෙන ඉන්න ගමන් ෆොටෝ එකක් ගැහුවා.

ඔසදයට විතරක් පේන්න ඒකත් ස්ටේටස් දැම්මා.

"මොකද අනේ ගල් වෙලා වගේ."

"ම්හ්"

සෙතුලගෙ නම්බර් එක අහුවුනාට පස්සෙ තනියම නිදා ගන්න දැම්ම නිසා දැන් මගෙන් පලිගන්නවද කොහෙද.මට පාඩුවක් වෙයි.තාත්තා ඉන්නකම් මගෙත් එක්ක හිනාව දීගෙන ඉඳලා දැන් බලපල්ලකො මුගෙ ලොකුකම.

SOULMATE(Completed)Where stories live. Discover now