21

907 223 64
                                    

"මේකෙ කිසි ගතියක් නෑනෙ ඕයි.."

මෝක්ශ බෝතලේ ඇරගෙන ටිකක් බීලා කියද්දී මන් මෝක්ශට ඔරව ඔරව අහක බලා ගත්තා.

"ඒවා ලුණු රහයි නේ බන්."

"ඔව් මිතුනා මටත් ලුණු රහක්නෙ එන්නෙ.මන් මෙච්චර කල් හිතන් හිටියෙ අමුතුම විදිහක රහක් එනවා ඇති කියලා."

තුන් දෙනාම කියව කියව උඩ ඇඳේ වටවෙලා මිතුනගේ බෝතලේ කටේ ගහගෙන බොද්දී මන් ඈනුමකුත් ඇරගෙන කොට්ටෙන් ඔලුව තියා ගත්තා.

"උබට වෙරිද මෙතීශ "

"හ්ම්ම්.."

"ඇයි බන් මට මොකුත් වෙන්නැත්තෙ."

මිතුනයා පිස්සා වගේ කියනවා.තුන්දෙනාම හෙන ලොක්කො වගේ මිතුනගෙ බෝතලේ කටේ ගහගෙන බොනවා.මන් නෙ දන්නෙ ඕකෙ තියෙන්නෙ මොනාද කියලා.මෝඩ යක්කු.හිතාගෙන හිටියා අරක්කු බොන්න.මන් ඉන්නකම් කොහෙද ඒවා.මන් මිතුනා ගාව තිබ්බ බෝතලේම හලලා ඒකට වතුරයි,ලුණුයි කවලන් කරා.දැන් බීපල්ලා ලුණු වතුර.




















හැමදේම හිතුවටත් වඩා ඉක්මනට වුනා.අවුරුදු පහක් හිටිය තැන හෙටින්  අතෑරිලාම යනවා.යාලුවොත් වෙනස් වෙයි.මෝක්ශ,මම,මිතුන්,අලුතෙන් එකතු වුන ඔසද..අපි මේ කාලෙ සතුටින් හිටියා.රන්ඩු වුනා..යාලු වුනා...
මන් එක එක දේවල් හිත හිත පාර දිගෙ වැටිලා තිබ්බ මිතුනගෙ හෙවනැල්ල පාගන්න එහෙට මෙහෙට පැන පැන ආවා.

"කොමස් පේපර් එක ලේසිද ?"

"අවුලක් නෑ.ඔයාලට ?"

"අවුලක් නෑ"

          අදින් එක්සෑම් ඉවරයි.මෙච්චර කාලයක් කට්ට කාලා කට්ට කාලා මේක ඉවර වෙනකන් බලන් හිටියත්,වෙන ළමයි උඩ පැන පැන ගෙදර යද්දී අපි හතර දෙනා ඔහේ පාරදිගෙ ආවා.එකෙක්ට එකෙක් බුම්මගෙන වගේ.මට ඕන අඬන්න විතරයි.උගුරෙ මොකක්දෝ දෙයක් හිරවෙලා වගේ දැනෙනවා.ඊටවඩා හිතට දුකයි.මෙච්චර කල් ගෙදර යන්න ආසාවෙන් හිටියත් අද හිතෙනවා තව කාලයක් ඉන්න තිබ්බනම් කියලා.

"මෝක්ශ හෙටම යනවද?"

"හ්ම්ම්"

"බූරුවා."

       මන් එහෙම කියලා මෝක්ශගෙ ඔලුවටත් එකක් ගහලා දැක්කෙ නෑ වගේ අහක බලා ගත්තා.

SOULMATE(Completed)Where stories live. Discover now