ස්තූතියි.

733 142 79
                                    


ඔන්න මෙච්චර දවසක් මන් ලියපු වගේම ඔයාලා කියවපු කතාව අදින් මන් නවත්තනවා..

හැමෝටම ගොඩක් ස්තූතියි...ඒ වගේම ගොඩක් ආදරෙයි..

ඔයාලගෙ අදහස අකුරු කරපු..වෝට් එකක් දාපු..නොදාපු..කතාව ආසවෙන් කියවපු හැමෝටම ගොඩක් ස්තූතියි..

ඉතින් වැඩි බකට් නැති කතාවක්..වගේම මන් ගොඩක්ම ආදරේ කරන කලාකාරයෝ දෙන්නගෙ චරිත ඇරගෙන කතාවක් විදිහට ලියලා ඉවරකරපු පලවෙනි උත්සහය...

අඩුපාඩු තියෙන්න ඇති..බකට් නැති නිසා කම්මැලි හිතෙන්නත් ඇති..මන් පළපුරුදු ලියන්නෙක් නෙවෙයිනෙ..ඉතින් ඒ අඩුපාඩු මැද්දේ මගෙත් එක්ක දිගටම හිටිය ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි..හිතුවේ නෑ කොටස් හැටහයක් මේ කතාව ලියන්න.මුලදි හිතාගෙන හිටියේ හතළිහෙන් වගේ ඉවර කරන්න.

ඒ වගේම ඔයාලා කතාව ගැන දක්වපු අදහස් මන් හරිම ආසාවෙන් කියෙව්වේ..පොඩි චැපියක් වුනත් ලියන්න ඔලුව අනිත් පැත්ත ගහගෙන හිතන්න ඕනා.ඉතින් ඒ වගේ වෙලාවක ලියපු අකුරු වෙනුවෙන් ඔයාලගෙ අදහසක් දුන්නට ගොඩක් ස්තූතියි.වෝට්,කමෙන්ට්ස් බලාපොරොත්තුවෙන් නෙවෙයි කතාව ලිව්වෙ වුනත්  ඔයාලගෙ කමෙන්ට් එකක්ම විතරයි ඊළඟ චැපියට හයියක් වුනේ.

ඉස්සර මෝක්ශයි මෙතීශයි වගේ මාත් අපෙ හොස්ටල් එකේ පිටිපස්සෙ තිබුන කබඩ් එකක් උඩට වෙලා පාරදිහා බලාගෙන ඉන්නවා.පාර යන මිනිස්සු දිහා,වාහන දිහා බලාගෙන ඉන්නවා.ඒ කාලෙ මටත් ඕනි වුනා පාරෙ ඇවිදගෙන යන මිනිස්සු වගේ නිදහසේ පාරේ ඇවිදින්න කෑ ගගහ දුවන්න..මන් ඒ කාලෙ මගෙ ඇඳට එහා පැත්තේ යාලුවත් එක්ක හොස්ටල් එකෙන් පැනලා යන විදිහ ප්ලෑන් කරා.😅😅පිස්සු පිස්සූ..

ඔය විදිහටම පේර ගහකුත් තිබ්බා.අපෙ මිස් ඒක කපල දැම්මා අක්කලා නඟිනවා කියලා..ඒ වගේම ඇලිස් අක්කෙක් හිටියා.මේකෙ බල්ලගෙ නම සුමනෙ වුනාට අපෙ හොස්ටල් එකේ සුමනා අක්කා කියලා උයන්න හිටපු ආච්චි කෙනෙක් හිටියා.

ඒ කාලෙ බලන් හිටියේ ඉක්මනට ගෙවිලා යනකන් වුනත් ඒ කාලෙ  ඇත්තටම ලස්සනයි..ඒක තේරෙන්නෙ දැන් තමයි.

ඉතින් මන් හිතනවා මන් කතාවට උපරිම සාධාරනයක් කරන්න ඇති කියලා.

ෆලෝවර්ස්ලා දොළොස් දෙනෙක් එක්ක තමයි මන් ඉස්සෙල්ලම කතාවක් ලියන්න ගත්තේ..හිතුවේ නෑ මේ තරම් අය මාත් එක්ක එකතු වෙයි කියලා.ඇත්තටම සතුටුයි..ඒ හැමදේම ඔයාලා නිසා..මේ කතාව නිසා මට ගොඩක් යාලුවෝ හම්බුනා..මගෙත් එක්ක කොටස් හැට හයක් පුරාවට හිටිය ඔය හැම කෙනෙක්ම මට මතකයි..මන් ගොඩක් ආදරෙයි ඔයාලට..

ඉතින් කතාවේ හිටිය

මෙතීශ ගැන..

මෝක්ශ ගැන..

මිතුන් ගැන..

කතාව ගැන..

ඕන කෙනෙක් ගැන ඔයාලට දැනුන දේ අවසාන වතාවට කියාගෙන යන්න කියලා ආදරෙන් ඉල්ලනවා.

තව කතාවක් ලිව්වොත් ඔයාලා මොනවගේ ටයිප් එකේ ඒවටද කැමති.

මොනවගෙ චරිතද?

ලංකාවේ ටයිප් එකේ ඒවටද කැමති?

පුලුවන් වුන වෙලාවක ආයෙත් අලුත් කතාවක් ගේන්නම්..

ඔන්න මගෙ හෑල්ල කියවලා ඉවරයි..

එහෙනම් මන් යන්නම් මෙතීශයි, මෝක්ශයි, අපෙ මහත්තයවයි කුදලගෙන😅❤️

හැමෝටම ගොඩක් ආදරෙයි යාලු....❤️😚

මම Avivit 💜️

SOULMATE(Completed)Opowieści tętniące życiem. Odkryj je teraz