15

917 237 36
                                    

"මෙතීශ මොකද වුනේ..කලන්තයක් ආවද?"

"ම්ම්.."

"වතුර ටිකත් දෙන්නද?"

            මගෙ පිටිපස්සෙන් දුවගෙන ආව මෝක්ශත් ඇඳට නැගලා එපාද ඕනිද කියලා කියන්නත් කලින්ම ඇඳේ තිබ්බ වතුර බෝතලේ මූඩිය ඇරලා මගෙ කටේ ගැහුවා.

"ම්ම්ම් ම්ම්ම්"

"ඇතිද?"

"ම්ම්"

"දැං හරිද ? ටිකක් හාන්සි වෙලා ඉන්නකො.මන් මිස්ට කියලා එන්නම් ඔයා ටිකක් නිදාගන්නවා කියලා."

මෝක්ශ ආයෙත් ඇඳෙන් බැහැලා ගිය ගමන් මන් ආයෙත් සාක්කුවේ දාගෙන හිටපු අර කොළේ දිගෑරලා බැලුවා.


M + S

කොළේ මැද ඇටකෝටු මිනිස්සු දෙන්නෙක් අත් දෙකක් අල්ලගෙන ඉන්න රූපයක් ඇඳලා පැත්තකින් ඒ විදිහට ලියලා තිබ්බා.ඒ වටේට හාර්ට් ගොඩකුත් ඇඳලා..ඒ කියන්නෙ මෝක්ශ කැමැත්තෙන් ඉන්න කෙනෙක් ඇති.මට මොකටද ඕන මඟුලක් කරගහපු දෙන්.ඒත් ඉතින් ඉගෙන ගන්න කාලෙ ඕවා මොකටද ? මොකටද මොකටද මොකටද..පිස්සෙක්නෙ..දැන් ඉතින් මට කියන්නෙත් නෑ මොකුත්.මෝක්ශ හරියට වෙනස් වෙලා.එයාට මට තමයි මොකුත් කියන්න බැරි.කවුද එස් කියන්නෙ.මන් හොයා ගන්නම්කො.අනේ එක අතකින් මට මොකටද.මන් දැන ගන්නවට කැමති නැති නිසා වෙන්න ඇතිනෙ මට හංගන්නෙ.මන් මෝක්ශත් එක්ක තරහ වෙනවා.මට කමක් නෑ මොනා කරගත්තත්.ඒ උනාට එහෙම බෑනෙ.මන් ආය කතා කරන්නෑ.මෝඩයා.බූරුවා.
තියාගන්නවකො තමුසෙගෙ ලව් එක.මට දුකද..මන් දුක් වෙන්නෙ මොකටද මල විකාර.ඕනි මඟුලක් කර ගනීනෙ.මාත් හොයා ගන්නවා හොඳ කෙල්ලෙක්.මෝක්ශට පේන්නම.

මෝක්ශ ආයෙත් ඇඳට නැගගෙන එද්දී මන්  කලන්තෙ නිසා පණ නෑ වගේ මූනත් දෙක කරගෙන ඇස් දෙක පියා ගත්තා.

"මෙතීශ මන් මිස්ට කිව්වා."

"හ්ම්"

"ඔයාට තේ එකක් හදලා ගෙනත් දෙන්නද?"

"එපා"

"මොකද නිකන් ගහ ගන්න වගේ"

"හරි වැඩක් උනානෙ මේක..මන් කතා කරන්නෙ මට ඕනි විදිහට.තමුසෙට අදාළ නැති දේවල් වලට හොට දාන්න එපා.බූරුවා"

SOULMATE(Completed)Where stories live. Discover now