32

906 211 96
                                    

"මෝක්ශ, ඇලිස් අක්කා පව් නේ "

"හ්ම්ම්..."

සිකුරාදා හවස අපි දෙන්නම ඉස්කෝලෙ ඉවර වෙලා බෝඩිමට යද්දී හොස්ටල් එකටත් ගිහින් ආවා.ඇලිස් අක්කා අපි දෙන්නවම දෙපැත්තෙන් තියාගෙන අරවයි මේවයි කිය කිය  ඔලුවත් අත ගගා පැය ගානක් හිටියා.

අපේ ඇඳන් වලට අලුතින් ළමයි දාලා තිබ්බා.ඒ කාමරේ අපි දෙන්නගෙ කියලා එකම එක මතකෙකට හරි තිබ්බෙ අවුරුදු ගානකට කලින් ගහපු භාගෙට ඉරිලා ගිය කාලසටහනක්.

එක ඒවා හිත හිත මන් පාරෙ තිබුන ගලකටත් පයින් ගගහා ආවා.

"සොරි සොරි...අත්වැරදීමක්.."

මන් කකුලෙන් පොඩි ගල් කැටේකට පයින් ගහපු ගමන් ඒක උඩින් ගිහින් මෝක්ශගෙ පිටේ වැදුනා.ඊළඟට රිටර්න් එක හම්බෙනවා කියලා දන්න නිසා මන් මෝක්ශවත් දාලා පාරදිගේ දුවගෙන ආවා.

"ආව්ව්හ්හ්"

ටික දුරක් දුවගෙන යද්දී මෝක්ශ ගහපු ගල් කැටයක් ඇවිත් මගෙ පිටේ වැදුනා.මන් පිටත් අතගගා පාර මැද්දෙ හිටගෙන හිටියා.

"තමුසෙ නම් මහ මොකෙක්ද මන්දා මෝක්ශ ..මන් හිතලා ගැහුවෙ නෑනෙ.".

"හරි ඉතින් දැන් සමානයිනෙ."

මෝක්ශ එහෙම කිව්වම මන් ගස්සගෙන එන්න ආවා.තාම රිදෙනවා ගහපු පාර.ඔහොමත් ගහනවද දෙයියනේ ගල් කැට වලින්.බැරි වෙලාවත් ඔලුවක වැදුනනම් තමයි මන් බලාගන්නෙ.එහෙනම් මූව බය කරන්නත් එක්ක මතකෙ අමතක වුනා රඟ පානවා.මෝඩ බූරුවා.ඉඳපන්කො ආය කතා කරන්නෑ හෙට වෙනකන්.











"මෝක්ශ අයිස්ක්‍රීම් එකක් කමුද?"

හැමදාම පහු කරගෙන යන කඩේ දැකලා මන් නැවතිලා මෝක්ශගෙන් ඇහුවම මෝක්ශත් හා කියන්න ඔලුව වැනුවා.

මන් බෑග් එකටත් අත දදා සල්ලි හෙව්වම රුපියල් දහයෙ කාසියක් අතට අහුවුනා.

මෝක්ශත් සාක්කුව අස්සෙ තිබිලා රුපියල් විස්සෙ කොළයක් මගෙ පැත්තට දික් කරා.

"මන් ගාව දහයයිනෙ තියෙන්නෙ."

"එකක් කමු."

මන් මෝක්ශගෙ විස්සයි මගෙ දහයයි කඩේ අක්කට දික් කරලා රුපියල් තිහේ අයිස් පලම් එකක් ගත්තා.

SOULMATE(Completed)Where stories live. Discover now