23

916 234 40
                                    

"ආව්ව් ආව්ව් සොරි සොරි ආය කියන්නෑ...සොරි.ඔලුව පැලෙයි යකඩෝ ඔය ගඩොලෙන් වගේ එකෙන් ගහලා..ඔයා කතා කරන් නැති නිසා පොඩ්ඩක් අවුස්සගන්න කිව්වෙ..සොරී සොරී..ඇති බන් ඇතී..."

"මෝඩයා..."

මන් මෝක්ශට ගස්සගෙන ඇවිත් ආයෙත් රෙදි ලෑස්ති කරන්න පටන් ගත්තා.කීයට පටන් ගත්ත වැඩක්ද මේ...ඉවර කරන්න වෙන්නෙම නෑ..








"ඉතින් අන්තිමට කියන්න තියෙන්නෙ හැමෝම හොඳ මිනිස්සු වෙන්න..තව මනුස්සයෙක්ට කරදරයක් වෙන විදිහට හැසිරෙන්න එපා..මුල අමතක කරන්න එපා..ඔයාලා කවදහරි හොඳ තැනකට ගියපු දවසට අපි ඉඳීද දන්නෙත් නෑ..ඒත් අද පැය දෙකක් තිස්සෙ කියපු දේවල් ටික හිතේ තියාගෙන මැරෙනකම්ම හොඳ මිනිස්සු වගේ ජීවත් වෙන්න."

රෑ කෑමෙන් පස්සේ එකොළහ වසරෙ ළමයි ටිකට මිස්ලා දෙන්නම ලොකූ දේශනාවක් දුන්නා.ලොකු මිස් ඇස් වල කඳුලුත් පුරවන් අන්තිමට ඒ ටික කියලා නැගිටිලා යනවත් එක්කම ඇලිස් අක්කත් චීත්තෙන් කඳුලු පිහ පිහ කුස්සියට ගියා.

දුකයි..අවුරුදු පහක් හිටපු තැන..අවුරුදු පහක් ගෙදරක් වුන තැන..හෙට දාලා යනවා.ඒ ගැන හිතද්දිත් අමුතුම පාලුවක් දැනෙනවා.ජීවිතේ එහෙම තමයි බැඳීම් කියන්නෙ එක වෙලවකට හරි බරක්.ඒකනෙ මේ තැන..හම්බුන මිනිස්සු..අතෑර ගන්න බැරුව මේ තරම් පපුවට දුකක් දැනෙන්නෙ.

මාත් ලොකු හුස්මක් අතෑරලා නැගිට්ටා.මිතුනයා කණ්නාඩිය යටින් අත දාදා කඳුලු පිහිදනවා.මෝක්ශ නැගිටලා ගිහිල්ලත් ඉවරයි.හස්තිකයා ඉකි ගගහා අඬනවා.ඔසදට නම් ගානක් නෑ.අලුතෙන් ආපු නිසා වෙන්න ඇති.තේමිය..හංස..තේජාන්..ඔක්කොමලා මුනූත් එල්ලගෙන ඩයිනින්ග් හෝල් එකෙන් එළියට ආවා.

මන් මිතුනගෙ ඔටෝ එකත් ලියලා ඒක ඊළඟට මෝක්ශට ලියන්න දීලා තේජාන් ළඟ තිබුන මගෙ ඔටෝ එකත් ඇරන් ඇවිත් බෑග් එකට දාගත්තා.ගෙදර ගිහින්ම කියවනවා.හොස්ටල් එකේ හිටපු මිස්ලා දෙන්නත් එක්ක ළමයි හැට දෙනාම පිටුව පිටුව හරි ලියලා දුන්නා.
ඇලිස් අක්කයි,සුමනෙයි විතරයි ලිව්වෙ නැත්තෙ.සුමනය නම් ඉතින් කොහොමත් බලු කුක්කනෙ.ඇලිස් අක්ක ඒවා ලියන්න දන්නෑලු.හෙට අම්මා ආවම ෆොටෝ එකක් වත් ගහගන්න ඕන ඇලිස් අක්කයි,සුමනෙයි එක්ක.




SOULMATE(Completed)Where stories live. Discover now