43

785 197 99
                                    

"නෑ බන් මිතුනෝ මෝක්ශගෙ අම්මා තරහ වෙලත් නෙවෙයි..අනේ මන්දා ඒක කියන්න තේරෙන්නෑ..ආය කිසි දේකට ඇඟිලි ගහන්නෙ නෑ කිව්වා."

"ඉතිං යකෝ..තොපි දෙන්නා මොකද එහෙනම් බයයි බයයි කියන්නේ."

"අයියෝ මිතුනා..අම්මා හොයලා බලන්නෙ නෑ...කිසි දේකට ඇඟිලි ගහන්නෑ.. කියන්නෙ ලව් එකට කැමති වෙන එක නෙවෙයි බන්."

"ඇයි එතකොට තොපි දෙන්නා අම්මලා අකමැති වුනා කියලා ඔය ලව් එක නවත්තන්නද.."

"පිස්සුද උබට."

"එහෙනම් මොන රෙද්දකටද කියපන්කෝ මට වද දෙන්නෙ.එකෙක් කතා කරලා ඉවර වුන ගමන් එකෙක් පටන් ගන්නවා.තොපිමනෙ ප්‍රාර්ථනා කරේ මන් තනිකඩ වෙන්න කියලා.මේ තනිකඩයට පෙම්වතුන්ගෙ ප්‍රශ්න බර වැඩි බන්."

"අනේ උබ නම් මහ මොකෙක්ද..උබට අවුරුදු ගානක් එකට හිටපු යාලුවෝ දෙන්නගෙ දුක අහන්න බැරිද?"

"අයියෝ මෙතීශයා..මන් කතාවක් බලන්න පටන් ගත්තා බන් මුල ඉඳන් ඒක බලලා ඉවර වෙනකන් පොඩ්ඩක් ඉඳපන්කෝ..තොපි ඒක බලන්න දෙන්නෙම නෑනෙ."

"ආහා..උබ බලපන්.සොරි වදයක් වුනානම්."

මන් කෝල් එකත් කට් කරලා මිතුනව බ්ලොක් කරලා,අපෙ ගෲප් එකෙනුත් අයින් කරලා දැම්මා.මාර යකෙක්නෙ ඌ. ඌට ලොකු අර රෙද්දෙ ඩ්‍රාමා එක.ඇටයා..ඕකට නම් හම්බෙන්නම එපා ලව් කරන්න එකෙක්.බත් කන හරක් දෙපත් නයා.





















"මගෙ බූරු පැටියා."

ෆෝන් එකේ තිබ්බ මෝක්ශගෙ ෆොටෝ එකක් දිහා බලාගෙන මන් එහෙම හිතලා විනාඩි ගානක් ස්ක්‍රීන් එක උඩින් තොල් දෙක තද කරගෙන හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ෆෝන් එකේ තිබ්බ මෝක්ශගෙ ෆොටෝ එකක් දිහා බලාගෙන මන් එහෙම හිතලා විනාඩි ගානක් ස්ක්‍රීන් එක උඩින් තොල් දෙක තද කරගෙන හිටියා.

SOULMATE(Completed)Where stories live. Discover now